“අද පාර්ලිමේන්තුවට තේරුණු අය අතරේ මේ රට විනාශ කරපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ විශාල කොටසක් පරාජය වෙලත් තියෙනවා. රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ ඔවුන් පරාජය වුණේ ඇතැම් පිරිස් සංවිධානාත්මකව සිදු කළ දේවල් නිසා බව ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අර්ජුන රණතුංග මහතා පවසයි.
මහර මෙහෙයුම් කාර්යාලයේදී අද (19) මැතිවරණයේදී තම ජයග්‍රහණය උදෙසා කැපවූ පාක්ෂිකයින්ට ස්තුතිය ප්‍රකාශ කිරීමේ සුහද හමුවට එක් වෙමින් මේ බව පැවසූ රණතුංග මහතා මනාප 1 65 890 ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයටද පත් විය.
පසුගිය 17වැනිදා ජයග්‍රහණය ඉදිරියටත් ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බවත් මෙවර තේරී පත්ව ඇති ඇතැම් අයගේ කුමන්ත්‍රණ හමුවේ රට ඉදිරියට ගෙන යාම අසීරුවනු ඇති බවත් ඒ මහතා කීවේය. මේ හේතුවෙන් යහපාලනය සහ සුපිළිපන්න බව ආරක්ෂා කරගැනීම උදෙසා මහජනතාව තවදුරටත් කටයුතු කළයුතු බවද ඔහු සඳහන් කළේය.
“අපි එක්සත් ජාතික පක්ෂයත් සමඟ ආණ්ඩුවක් හදන ක්‍රියාවට අත ගැහුවේ ජනවාරි 08 ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමට තිබූ අවශ්‍යතාව නිසා.. පහුගිය දවස්වල තිබුණ ප්‍රශ්න සියල්ලම විසඳගෙන ඉදිරි වසර පහ සඳහා මේ රට පිරිසිදු නායකයින් දෙදෙනෙකුට භාරදෙන්න අපට හැකි වුණා. ඒ සඳහා තමුන්නාන්සේලා විශාල කැපවීමක් කළා. නමුත් අමතක කරන්න එපා මේ ජයග්‍රහණයට විරුද්ධව සිටින කණ්ඩායම්වලටත් අද පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙලා තියෙනවා. ජාතිවාදය අවුස්සන, රට බෙදන්න හදන කෙසේ හෝ බලය ලබාගන්න හදන ඒ කණ්ඩායම් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. මේ ගැන අවධානයෙන් අපි රට ඉදිරියට ගෙනියන්න ඕන” යැයිද අර්ජුන රණතුංග මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැම දෙනාවම පත්කරලා එවලා තියෙන්නෙ රටේ ජනතාව.මහත්තයෝ, ඔයා ඔයාගෙ දේශපාලනය කරන්න. එයාලා එයාලගෙ දේශපාලනය කරයි. හොරු අල්ලන එක පොලිසියෙ රාජකාරිය.ඒකක් එයාලා කරයි.ඒකට ඔයාලා බලපෑම් කරන්නෙ නැතුව හිටියොත් හොඳටම ඇති (නි)
වැඩි සද්ද එපා හොඳේ. වැඩ කරන්න. රටේ ප්‍රශ්න් සෑහෙන තිබෙනවා. ඒවා ටික ඉක්මනට අවසන් කරන්න (නි)
අපරාදේ! පරාද කළයුතුම තවත් අයත් එතන ඉන්නවා (නි)
කවුද කියලා කියන්න බැරිද? (නි)
ඔබේ සීට් එක හඳුන්නෙත්තිට දෙන්න අවංකවම පුළුවන්ද? බෑ නේද? ඒ නිසා මැච් එක පටන් ගන්න කලින් නයිට් වොච්මන් හොයන්නැතිව ඉන්න බොස් (බ)
මතක තියාගන්න. රට විනාශ කළ අය ඔයාලගේ පැත්තෙනුත් ලක්ෂ ගණන් මනාප අරගෙන දිනලා ඉන්නවා. (නි)
අනේ මොකටද කියලා හිතුනා මගේ කට! (නි)
ඔබතුමා අප රෙට් බිහි වූ විශිෂ්ටම ක්‍රිනට් නායකයා, ඒ්ත් අැයි මේ ජයග්‍රහණයක් ලබලත් කෙඳිරි ගාන්නේ? දැන් ඉතින් වැඩ පිළිෙවල ක්‍රියාත්මක කරමු. (බ)
ඔයාලට ඔය කතා කියන්නත් පුළුවන්වෙලා තියෙන්නේ නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් හදා, ත්‍රස්තවාදය පරදවා මහින්ද මේ රට නිදහස් කරදුන් නිසා. එතුමාට විතරයි ඒකට කොන්දක් සහ රට ජාතිය ගැන ආදරයක් තිබුනේ. (නි)
අර්ජුන, ඔබ කියන දේ හරි (බ)
සහතික ඇත්ත (නි)
අර්ජුන මන්ත්‍රීතුමා, ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත. (නි)
ජනපතිතුමනි, අගමැතිතුමනි, දූෂිතයින් හා චුදිතයින් ඇමති, නි. ඇමති තනතුරුවලට තෝරා ගන්න එපා. (බ)
සහතික ඇත්ත. දෙපැත්තේම ඒ වගේ අය තේරිලා ඉන්නවා. (නි)
ඔබගේ ප්‍රකාශය හරියටම හරි. නමුත් ඔබතුමාලා තමා මේ හොර තක්කඩි රැල වෙන් කරලා අවංක කට්ටිය සමඟ සමගි ආණ්ඩුව ඉස්සරහට ගෙන ගොස් රට සංවර්ධනය කළයුත්තේ. (නි)
වැරදි නිගමනයක්.මිනිස්සු අකමැති අය ගෙදර ගියා. ඒ මිනිසුන්ගේ තීරණයක් (නි)
ආනන්ද කියන කතාව ඉටුකරන්න ගියොත් ඇමති මණ්ඩලය 5 විතර සීමාකරන්න වෙයි. (නි)
අනේ ඔබත් රට බෙදනවාට විරුද්ධ කෙනෙක් බව නිකමට හරි කියනවා ඇසීමත් සතුටක්.(ම)
සමහර දිස්ත්‍රික්ක වල සමහරුන්ට සිදුවූ අසාධාරණය සියල්ලන්ටම පෙනේවා! (නි)
ස්තුතියි කතාවට! (නි)
ඔබ පත්වුණානේ. දැන් අනුන් ගැන හොයන්නේ නැතුව තමන්ගේ වැඩ කරන්න. (නි)
අැයි මේ ජයග්‍රහණයක් ලබලත් කන්කෙඳිරි ගාන්නේ? (නි)
මට නම් එහෙම දෙයක් පෙනුනේ නැහැ (නි)
අගමැතිතුමනි, ඔබතුමාගේ විවෘත ආරාධනාව පිළිගෙන මෙවරත් තේරීපත්වුණු හොරු සහ දුෂිතයින් ඔබ ළඟට ඒවි. ඔවුන්ව ළංකර ගන්න එපා. එහෙම වුණොත් ඔබතුමාගේ වැඩපිළිවෙල විනාශවෙනවා සිකුරුයි. (නි)
යූඑන්පී එකේ ඉන්න ඔක්කොම පිරිසිදුයි.එහෙමද? (නි)
කට විතරක් තිබෙන කටින් බතල හිටවන අය නැතුව කට නැති වුණත් වැඩ සහ සුදුසුකම් තිබෙන අයට ඇමතිකම් ලැබේවා! (නි)
හොඳ දෙයක් කතා කරනවට වඩා නරකමනේ කතාකරන්නේ... (නි)
ඔබතුමාට ක්‍රිකට් ගහන්න හොඳට පුළුවන් වුණාට දේශපාලනය කොතරම් දුරට පුලුවන්ද කියලා හිතාගන්න පුළුවන් පක්ෂ මාරුකළ ගණන බැලුවහම (නි)
ඒක ඇත්ත (නි)
ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනෑ තමයි (නි)
කවුද ඒ? (නි)