නීති විරෝධි අයුරින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 31 දෙනෙක් අද අලුයම මීගමුවට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. රහස් පොලිසියට බාරදුන් මෙම පිරිස අතර සිංහල ජාතිකයන් 14 දෙනකු සිටින බව නාවික හමුදාව කියයි. සෙසු පිරිස දමිළ ජාතිකයන් බවත් ඔවුන් මීගමුව, යාපනය, වවුනියාව හා හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් නාවික හමුදාව පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ මාලිගාවේ ලැගුම් ගන්නයි යන්නේ. තමන්ගේ රට දියුණු කරන්න අදහසක් නැහැ. ජපන්නු බඩ කපාගෙන මරුණා රටට හරි ගියානේ. (අ)
ප්‍රගීත් ඔයාල එහෙම කියන්න එපා ලංකාව තරම් ලස්සන රටක් මේ කොහෙවත් නැහැ.. අනික ඔය කාටවත් තමන්ගෙ මව්බිම තරං ඔය කාගෙවත් රටවල් වටින්නෙ නැති බව මතක තියාගන්න..(නු)
ප්‍රගීත් යාන්තම් අපිත් ගොඩ මම ඉන්නෙ පින්ලන්ඩ්...!! (නු)
සල්ලි හොයන්න විදින දුකක් .පව් (දී)
වැඩිපුර සල්ලි හොයන්නයි මේ යන්නේ. රටට බණින්නේ කුහක කමටයි, ලැජ්ජාවටයි. තණ්හාය ජායතී සෝකෝ- තණ්හාය ජායතී භයං (නි)
රට වටේම වතුර.. මොනවා කරන්නද? බෝට්ටුවට නගින්නම වෙනවා..!!(නු)
මේ වගේ දෙවල් වලින් වෙන්නෙ නීත්‍යානුකූලව වීසා එකක් ලබාගන්න තියෙන ඉඩකඩත් සීමා වෙන එකයි..!! (නු)
ලංකාව ගැන පිටරවටල් බලන්නෙ දං හොරු විදිහටනෙ... (නු)
ප්‍රගති හරි... ලංකාව ලස්සන උනාට දැං වෙන දේවල් හැටියට අහිංසක මිනිසුන්ට හරියට නින්දක් වත් නැතිව ඇති.. (නු)
ඔලිම්පික් යනවට වඩා මෙය අමාරු වැඩක්.(නු)
දළදා සමිදුන් වැඩ සිටින මේ රන් දිවයින නරාවල ලෙස හදුන්වන අය යටිකුරුව නරාවලට වැටෙනු ඇත.. බවබෝග සම්පත් නැතිව මියදුනත් මගෙ පිං බිම මට සුරලොවක්...!!(නු)
අර මොකද්ද කිව්වලු කොළඹ යන්න බැරි අපේ උන් හිංදා කියලා...!!(නු)
යන්නේ ඉන්න බැරි නිසානේ...ඉතින් යන්න දෙන්න. (ස)
හොද වැඩේ..හොරෙන් යනවාට...!!(නු)
ඔස්ට්ලියාවට ගියාම එයාලව අල්ලලා හිරේ දාන්වා., අවුරුදු ගණනකට,. ඊට පස්සේ ලංකාවට එවනවා. සල්ලි ටික වතුරේ... (නි)
මගේ හිතත් කියනවා පැනපන් හොරෙන් ඕස්ට්‍රේලියාවට කියලා, මාත් අහුවේවිද ???
යන අයට යන්න දෙන්නෙ නැතුව ආපහු මේ නරාවලට මොකට ගෙනත් දානවද දන්නෑ. (ස)
ඕස්ට්‍රේලියාවට යන්න ගියොත් අහුවෙනවනේ වෙන රටකට යන්න බලන්න.... (ස)
ඊළඟ සැරේ සබ්මැරීනයකින් යන්න ..එතකොට කාටවත් අහුවෙන්නේ නෑනේ... (ස)
හැමදාම එකමපාරේ යන්න එපා..... (ස)
රටේ යහ පාලනයක් ,ජීවත් වෙන්න හොඳ තත්යක් තිබුණනම් මිනිස්සු මෙහෙම ගමන් යන්නේ නෑ....නේ. (ස)
ඔය යන බෝට්ටුවක මෙහේ ඉන්න පාලක බබාල ටිකත් දාගෙන යන්නකෝ.... (ස)
හොරෙන් යන්නේ පාස්පෝට් හදාගන්න මුදල් වැඩිපුර යන නිසානේ (දී)
අපේ රට එපා වෙලාද. හැමදාම අල්ලගන්නවනේ (දී)
යන්න දුන්නනම් ඉවරයි .එවන සල්ලිවලින් ආර්ථිකය හරි ගොඩනැගේවි..... (ස)