(යොහාන් භාසුර)
දේශපාලන අර්බුදයට සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් තුළ විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්‍ෂ නායකයන් සමඟ සාකච්ඡා කළ ද ඊට සාර්ථක ප්‍රතිචාර නොලැබීම නිසා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය බාරගෙන කටයුතු කිරීමට ඇයුම් කළ බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡා සාර්ථක වීම නිසා ඉදිරි සති කීපය තුළ ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන පසුබිම නිර්මාණ වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද (8) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉන්ධන, ගෑස් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් බවත් පවතින තත්වය දින කීපයක් තුළ විසඳන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ජනාධිපති මාධ්‍ය අංශය අද (8) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට තියෙන උද්ඝෝෂණයට බයවෙලා මරු විකල්ලෙන් කියන කතා. එයා ඩොලර් ගෙදර අච්චු ගහනවද? බාප්පලාද ගෙදර ඉඳන් අනිත් අයට ණය දෙන්නේ.. ග්‍රාමසේවක කෙනෙක්වත් නොවේ... කොහේද තව ජනාධිපතිකම් කරන්නේ...?
යන්න යන්න තවත් වද නොදී..!
දැන් පරක්කුයි ලොක්කා...!!!
කියන විදිහට කෙරෙන්නේ නැති එකනේ අවුල ජනාධිපති තුමා.
ඉතිහාසයේ බියගුළුම පාලකයා නොවන්නට හෙට "ගෝඨාගෝ " ගමට ඇවිත් මේ ප්‍රකාශය කරන්න ජනපතිවරයාට අපි ගෞරවයෙන් ආරාධනා කරමු. එවිට නිසි ප්‍රතිචාරය ලබන්නට හැකියි.ජනතාව විඳවනවා හොඳටම ඇති. දෙකෙන් එකක් බේරා ගතයුතු මොහොත පැමිණ ඇත. තව එක දිනක්වත් ජනතාව පාලකයන්ගේ රැවටීමට ලක්විය යුතු නැත.
පෙට්‍රල් ලීටරය 250 ට දෙනවද? ලංකාව 12න් පස්සේ බංකොලොත් නැහැලුද?
මම හිතුවේ යුක්රේනයේ ජනාධිපති විතරයි විහිළු ඇක්ටර් කෙනෙක් කියලා, බලාගෙන ගියාම මෙහෙත් එක්කෙනෙක් ඉන්නවා.
එච්චර බලගතු එංගලන්තයේ අගමැතිත් දමලා ගහලා ගියේ. ඔය බම්බුව දාලා ගියා නම් වැඩේ ඉවරයිනේ. ඕනෑම නම් අන්තිම වතාවට රනිල් වගේ මහබැංකුවට විදලාවත් යන්නකෝ මගෙ දෙයියෝ..!
ඔව් අපි ඉන්නවා ....
අවුරුදු දෙකක් තුළත් නොහැකිවුණු දෙයක් දින කීපයක් තුළ කරන්නේ කොහොමෙයි. විකාරෙන් කියවනවා.
ගොඩක් ප්‍රමාදයි...!!!
සටන් විරාමයක් ඉල්ලන්නේ ගෙනාපු කඳුළු ගෑස් ඉවරවෙලාවත්ද?
බොරු බේගල් දොඩන්නේ නැතිව යන්න...!
සියලු බඩු මිලත් පෙර තිබූ තත්ත්වයට ගේනවාද? කිරිපිටි ලැබෙනවාද? පෝලිම් නැති වෙනවද? තෙල්මිල පෙර තිබූ තත්ත්වයට ගේනවද?
ගොබ්බ කතා කියන්න එපා... මෙපමණ කලක් බැරි දේ දින කීපයකින්? දිනවලට අවුරුදු කීයද?
රට මේ තත්ත්වයට ඇද වැටුණේ කොවිඩ් නිසාම නොවෙයි. අයි සත්‍ය පිළිනොගන්නේ? පොහොර පිළිබඳ තීරණය, බදු අඩු කිරීම වැරදියි කියලා ජනපති තුමාම කලින් කිව්වා...
මෙයාට නම් දැන් තදටම විකාර...!
රාජපක්ෂ පවුල් පාලනය බංකොළොත් කළ රටේ ඇතිවී තිබෙන තත්වය දින කිහිපයක් තුළ විසඳනවා කීම කිසිසේත් පිළිගන්නට පුළුවන්ද? අනේ මන්දා, මේවා කොහොම පදනමකින් කරණා ප්‍රකාශද කියලා...? මේ නිවේදන කිංස්ලිලාගේ ආටෝප කතා හා වැඩ. මේවාට මිනිසුන් රැවටෙන කාලේ ගියා...
වසර 2 1/2 ක් වැනි කෙටි කාලයකදී, හොඳින් තිබූ රටක් අන්තිමට විනාශ කරලා දැන් කියන්න එනවා තව දින කීපයකදී පවතින ගැටළු විසඳනවා කියලා. මේ තිබෙන ගැටළු විසඳන්න තව අවුරුදු කීපයක් ගතවේවි...!
පහේ ශිෂ්‍යත්වයට අපේ පොඩි එකා ලියපු ‘මා දුටු සිහිනයක්‘ රචනාව වගේ...!
විශිෂ්ට තීරණයක් මැතිතුමනි, ඔබතුමාගේ අභීත දුරදක්නා නායකත්වයෙන් සියලුම ප්‍රශ්න ඉතා ඉක්මනින් විසඳෙනවා. රටේ සියලුමදෙනා ඔබතුමා සමග සිටිනවා..!
හදිස්සි වෙන්න එපා සර්... ඔයා හිටියා වගේම ඉන්න, අපිම ඕක විසඳගන්නම්...!