IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රට පුනරුද යුගයකට යන ගමනේ පොසොන් පෝය ආශිර්වාදයක්

අංජුල මහික වීරරත්න)

සමස්ත රටම නැවතත් නව පුනරුද යුගයක් වෙනුවෙන් කලඑළි වන සමයක පොසොන් පොහොය නව යුගයට පින්බර ආශිර්වාදයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පොසොන් දින පනිවිඩයෙන් පවසයි.

අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.

මිහිඳු මහරහතන් වහන්සේ උතුම් සද්ධර්මයේ පණිවුඩය රැගෙන ලක්දිවට වැඩම කළ සුවිශේෂී අවස්ථාව ඉමහත් ගෞරවයෙන් සමරන සියලු බෞද්ධ බැතිමතුන්ට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා යි ප්‍රාර්ථනා කරමි. ඒ මහාර්ඝ අවස්ථාව උදාවීමේත්, මෙරට ප්‍රථම මහණ උපසම්පදාව ආරම්භවීමේත් අසිරිමත් සැමරුම අද දිනට යෙදෙයි. " අනුබුදු දහමින් ලොවම නිවේවා " යන්න මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ තේමා පාඨය යි.

ඒ අනුව ලොව ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගයක එළිය අපගේ ජීවිත වෙත ළඟා කරදීමට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගමන් කළ සදහම් මඟ පිළිබඳ යළි යළිත් සිතමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් අපගේ ජීවිත වෙත ආලෝකය සහ ශාන්තිය ළඟා කරගැනීම උදෙසා කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

පොසොන් පොහොය ආගමිකව මෙන් ම ඓතිහාසික වශයෙන් ද විශාල වටිනාකමක් එක් කරගෙන ඇත්තේ, මෙරට ජනතාවගේ ආගමික, සංස්කෘතික හා සමාජීය මෙන් ම ආර්ථික තත්ත්වයන් සුවිශේෂී පුනරුදයක් කරා ගෙන යන්නට මඟ පැදූ දිනයක් ලෙසිනි. බෞද්ධ ආගමික ඉතිහාසයට අනුව මෙරට තුළ අවිහිංසාවාදී ජන ප්‍රජාවක් බිහිවීමේහි ලා පළමු පියවර තැබෙන්නේ ද පොසොන් පෝ දා නිමිති කරගනිමිනි.

උදාර සංස්කෘතික ජීවිතයක් ඇති සහකම්පනයෙන් යුතු ජනතාවක් බිහි කිරීමේ පරම වගකීම දරාගත් රජයක් ලෙස අපි අනුබුදු මිහිඳු හිමියන් රැගෙන ආ අවිහිංසාවාදයේ හා සහජීවනයේ පණිවුඩය තව තවත් ඔපමට්ටම් කරමින් බබළවන්නට උපරිම වෙර දරන්නෙමු.



අදහස් (1)

රට පුනරුද යුගයකට යන ගමනේ පොසොන් පෝය ආශිර්වාදයක්

Eranga Tuesday, 10 June 2025 12:03 PM

යනවා.. යනවා. පුනරුදයට නෙවේ පණුරුදාවට...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site