
(යොහාන් භාසුර)
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු සහ බහුදින යාත්‍රාවක් නැගෙනහිර මුහුදේ කල්මුණේ ප්‍රදේශයේදී අද (8) අළුයම අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම සිදුකළ මුර සංචාරයකදී යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කළ බවත් එහිදී එම බහුදින ධීවර යාත්‍රාව තුළ සිටි නීති විරෝධීව මුහුද මඟින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරම්කරුවන් 06 දෙනෙකු සමඟ පිරිමි පුද්ගලයන් 53 ක්, කාන්තාවන් 6 ක් සහ ළමුන් 8 ක් ඇතුළු පුද්ගලයින් 67 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගත් බවත් නාවික හමුදාව සඳහන් කළේය.
මෙලෙස නාවික හමුදාව භාරයට ගත් පිරිස වයස අවුරුද්දත් 56 ත් අතර පසුවන මන්නාරම, වව්නියාව, මුලතිව්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගත් බව කී නාවික හමුදාව එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසියට භාරදීමට නියමිත බව ද සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිතයන් විනාශ කරපු රටේ, කන්න බොන්න නැතුව මැරිලා යනවාට වඩා හොඳයි අවධානමක් අරගෙන හරි සරණාගතයින් විදිහට වෙන රටකට යන එක. දූෂිතයන් රකින ආරක්ෂක අංශය සාමාන්‍ය ජනතාවට යන්න අවස්ථාව දිය යුතුයි. ඔබලා කරන්නේ දූෂිතයන් රකින එක... රට බේරාගන්න එක ආරකෂකයෙක් නැහැ...
මේ මිනිස්සුන්ට යන්න දෙන්න යකුනේ... මොලේ කොහේද තියෙන්නේ? යන්න දෙන්න මේ අපායෙන්... !