(ගයාන් සූරියආරච්චි)
ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 රැගෙන ගොස් එම ගිනි අවිය අපරාධ කල්ලි සාමාජිකයන්ට ලබාදුන් කොස්තාපල්වරයාට ආධාර අනුබල දුන් තවත් පොලිස් නිලධාරීන් කීප දෙනකු පිළිබදව තොරතුරු අනාවරණය වී ඇති බවත් එම නිලධාරීන් ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
දැනට විදේශ ගතවී සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ඉහළගමගේ දර්ශන නොහොත් ‘අයි.ඩී‘ නැමැත්තාගේ මෙහෙයවීම මත ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයා එම ගිනි අවිය රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ඩුබායි රාජ්‍ය්‍යට පලාගිය කොස්තාපල්වරයා එම ගිනි අවිය සහ උණ්ඩ බඩෝවිට, බටපදුර ප්‍රදේශයේ සගවා තිබිය දී ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේදී පෙරේදා (17) අත්අඩංගුවට ගත් සූපවේදියා විසින් එම ගිනි අවිය සහ උණ්ඩ තොගය රැගෙන ගොස් පාළු ඉඩමක සගවා තිබියදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සූපවේදියා සහ ගිනි අවිය අත්අඩංගුවට ගනු ලැබීය.
එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
එම සැකකරුගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘අයි.ඩී‘ නැමැත්තාගේ සමීපතම ගෝලයකු බවය.
බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මන මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රට පැන්න කොස්තාපල්ට සහය දුන් අය ගැන තොරතුරු එළියට
රනේ Tuesday, 18 February 2025 04:24 PM
ඩුබායි තමයි මේ ගොල්ලෝ ඔක්කොටම ගැලවුම.