
(යොහාන් භාසුර)
යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කරන්නේ යැයි කළ පොරොන්දුව ඉටුකළා මෙන්ම ජනාධිපතිවරයා බවට පත්වී රට වෙලාගෙන සිට දූෂණය සහ විනය කඩා වැටීමෙන් මුදාගන්නා බවත් වර්තමාන පාර්ලිමේන්තුවට රට පත්ව සිටින අවාසනාවන්ත තත්වයෙන් ගලවාගැනීමේ හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) පැවසීය.
ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වන්නේ යැයි නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා බත්තරමුල්ලේදී ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා එසේ කීය.
දියුණු රටවල් බවට පත්ව තිබෙන ලොව බොහෝ රටවල් ප්‍රතිපතියක් ඇති එකම නායකයෙක් පමණක් දියුණු කළ ඒවා බව කී ඒ මහතා පක්‍ෂ දේශපාලනයට ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සිටින අයගෙන් වැඩි පිරිසකට රට වැටී ඇති තත්වය පිළිබඳව කිසිඳු හැගීමක් නොමැති බවත් මෙරට ජනතාවගෙන් ලක්‍ෂ 25 ක් පමණ පක්‍ෂවලට දැඩිව බැදී සිටීම ගැටලුවක් බවත් ඒ මහතා කීය.
සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වූ බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වීම නිසා එයට නීතිය හරහා මුහුණ දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
පක්‍ෂයට එරෙහිව කටයුතු කිරීමෙන් සිය පෞද්ගලිකව දේශපාලනය අවදානමකට ලක්ව තිබුණත් එය තමන් දැන සිටි බවත් පෞද්ගලික දේශපාලනය සඳහා නොව රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට පක්‍ෂයට එරෙහි වූ බවත් ඒ මහතා පැවසුවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්වීමෙන් පසුව ආණ්ඩුව භාරගැනීමට විපක්‍ෂ නායකවරයා කටයුතු නොකිරීම සහ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වූ ඡන්දයට විපක්‍ෂ නායකවරයා ඉදිරිපත් නොවීම ඩලස් අලහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීම යන සිද්ධි දෙක පක්‍ෂය සමඟ හොඳ හිත පළුඳු වීමට ප්‍රධාන හේතුව බවත් විපක්‍ෂය ආණ්ඩුවක් භාරගත යුත්තේ වැටී තිබෙන අවස්ථාවේදී බවත් ඒ මහතා සඳහන් කළා.
සමඟි ජනබලවේගයේ නායකයාට පක්‍ෂය නිවැරදි කිරීමේ කිසිඳු උවමනාවක් නොමැති වීම නිසා එම පක්‍ෂයත් සමඟ සම්බන්ධයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව කී සරත් ෆොන්සේකා මහතා සමඟි ජනබලවේගය නිවැරදි වන්නේ නම් ගැටමක් නොමැති බවත්ය.
මෙරට ඉතිහාසයේ පැවැති ප්‍රධාන පක්‍ෂවල ජයග්‍රහණය කරන තත්වයක් නොමැති මෙන්ම ප්‍රබල පක්‍ෂ විනාශ වී අවසන් බවත් ජනාධිපතිවරණයේදී මාලිමාවට සහයෝගය දීමේ කිසිඳු සූදානමක් නොමැති බවත් ෆොන්සේකා මහතා පැවසීය.
ජාතික ජනබලවේගයට සම්බන්ධ පිරිසක් තමන් සමඟ සිටින බවත් එම පිරිස ජාතික ජනබලවේගය සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡා අසාර්ථක වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
ජාතික ජනබලවේගයට සහය දැක්වීමක් ඉදිරියේදී කිසිඳු අවස්ථාවක නොවන බව කී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ වසර 75 ක් රට විනාශ කළ අයට නැවත බලය නොදීමට ජනතාව බුද්ධිමත් වියයුතු බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම අර ලඟදී වේයෝ කාලා මහ බැංකුවෙන් මාරු කරගත්තු ඩොලර් කුට්ටිය ලැබුනේ කොහෙන්ද කියලා හිටිමු බලන්න...
විකාර... තමන් ගැන අධිතක්සේරුවක ඉන්නේ. කව්ද මෙහෙම මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නේ...?
ඔබතුමා එදා කරලා තියෙන්නෙත් තමන්ට නොගැලපෙන කතාවක්.. අද කරන්න යන්නෙත් තමන්ට නොගැලපෙන දෙයක්. සේනාධිනායකයා කිවයුතු යුද්ධය අවසන් කරන ප්‍රකාශය කිරීමෙන් ඔබතුමා කරල තියෙන්නෙ වරදක්. දැන් තමන් කළ වරද පුන පුනා ප්‍රකාශ කරනවා.
කලවැද්දාගේ ආයු අපේක්ෂාව කොපමණද? පේන විදියට මේ ආත්මයේ මොකුත් කරන්න කල් මදි වගේ..
රටේ හොඳ නායකයෙක්...
තමන්ගේ තරම හා හැකියාව නොදන්නා තවත් එක පුද්ගලයෙක් තමයි මේ... සිවිල් පරිපාලනය මේ මනුස්සයා දන්නේ නැහැ. යන යන තැන රණ්ඩු වෙන්න විතරයි දන්නේ. ඡන්ද ලක්ෂයක් විතර ගනීවි. මේ කරන්නේ සජිත්ගේ ඡන්ද කැඩීමයි...
ජනතාවගේ බදුමුදල්වලින් කිසිම වරදානයක්, වරප්‍රසාදයක් නැතිව රට දූෂණයෙන් මුදවාගන්න කණ්ඩායමක් ඉදිරිපත් වෙලා ඉන්නවනේ. ඒ කණ්ඩායම අවුරුදු 20ක් විතර මේකට උත්සාහ කරමින් ඉන්නවා. ඔයාලා ඡන්දයක් ළංවුණාම වීරයෝ වෙන්න හදන අය වෙන්න එපා. ඔච්චරටම අමාරුවක් තියෙනවා නම් අර කණ්ඩායමට ඡන්දෙ දෙන්න.
මෙයාට ඉස්සෙල්ලා යුද්ධය ඉවර කරන්නේ කොබ්බෑකඩුව මහත්තයා. ඒත් එකට හිටපු ජනාධිපති අණ දුන්නා නේ. ඒක නිසයි මෙයාට ඉවර කරන්න යුද්ධයක් තිබුණේ..මොන හමුදාපති ආවත් ජනාධිපති කියන දේ කෙරෙන්න ඕනෑ..
මුහුණ දකිනකොටත් බයක් තමා හිතෙන්නේ. නායකයා උනොත් ජනතාවට දෙවියන්ගේ පිහිටයි