චමිල් රූපසිංහ
ජනපති දිවයිනට පැමිණි පසු රට ඉදිරියට ගෙනයෑම සඳහා අලුත් වැඩසටහනක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නව වසරේ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ මහනුවර ඇතිවූවක් මෙන් අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති නොවන්නට සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමට රජය විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව ද අග්‍රාමාත්‍ය වරයා සඳහන් කළේය.
කසළ කන්ද කඩා වැටීම, ගං වතුර, නියඟය ඇතුළු ව්‍යසන ගණනාවකින් පසුගිය වසරේ ප්‍රශ්න ඇතිවූ බවත් කන්න හතරක් සඳහා මෙම ස්භාවික ව්‍යසන බලපෑවත් අලුත් අවුරුදු සමයේ සාධාරණ මිලකට බඩු භාණ්ඩ ලබා දීමට රජය පියවර ගත් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසල කන්ද කඩාවැටිලා අවුරුද්දක් වෙනවා. තවම කරපු දෙයක් නැහැ. ගංවතුරක් අවුරුද්දකට පාරක් ලංකාවේ කොහොමත් එනවා. හැමදාම ලංකාවේ කොහේ හරි නියඟයක් තිබෙනවා මේවා නිදහසට කරුණු නොවේ. ඔය කියන්නේ බොරු, කිසිම සාර්ථක වැඩ සටහනක් නැත. හැමදාම යන්නේ එදා වේලා ටුවර්ස් එකක්, පක්ෂ ප්‍රතිසංවිධානය කරන්න කිව්ව කලේ ඔළුගෙඩි මාරුවක් පමණි. කරුණාකර දැන්වත් නායකත්වයට රටේ මිනිස්සුන්ගේ ප්‍රසාදයක් තිබෙන තරුණ නායකයෙකු ඉදිරියට ගෙන එන්න.
අනේ මම දන්නේ නෑ අගමැතිතුමා... සේරම අද නෙමේ හෙට. තව මස 18යි තියෙන්නේ. එ්කත් ඔහොම ගෙවිලා යාවි. ගහපු බෙරේකුත් නා. බෙරේ පලුවකුත් නැහැ... කීවනේ.
මෙච්චර කල් රට ඉදිරියට නොගිය බව පිළිගත් එක ගැන සතුටුයි.
සෑම වත්තකම එක පොල් පැලයක් සහ එක කොස් පැලයක් අලුතින් සිටවන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලාසිටිය යුතුයි. සිටුවන අයට සෑම වර්ෂාවසානයේම රුපියල් පන්සීයක් පරිත්‍යාග කළ යුතුයි. අවුරුදු 5 අවසානයේ ශ්‍රී ලංකාව විශාල ස්වයංපෝෂණයක් ලබනවා නියතයි. වියදම් රිකවර් කරගන්නට නොයෙකුත් ක්‍රම තිබේ.
වැඩසටහන ගේන්නේ බදු වලටද? අලුත් බදු සටහනක් නම් දැනටමත් ගෙනෙල්ල තියෙන්නේ. විශ්‍රාමිකයින්ගේ බැංකු පොලියටත් බදු දැම්මා නේද? අනික් මිනිස්සු ගැන කවර කතාද?
ලෝක වෙළඳපලේ තෙල් මිල හොඳට අඩුවෙන් පැවතුනු මේ අවුරුදු 3ට රටට කරපු නස්පැත්තිය හොඳටම ඇති. දැන් ලෝක වෙළඳ පොලේ තෙල් මිලත් ටිකක් වැඩිවෙමින් තියෙන නිසා තමුන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැත. කරන්න පුළුවන් කෙනෙක් ජනතාවට තෝරාගන්න මහ ඡන්දයක් තියලා ගෙදරම යන්න.
මෙතුමා හැමදාම අලුත් වෙනවා. මෙතුමාගේ තියන මහා බලය හා නොසැලෙන ගුණය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම ආදර්ශයට ගත යුතුයි. මේ තරම් පරාජය ලබලත් නොසැලී සිටින්න සහ තම නායකත්වය රැක ගන්න පුලුවන් එහෙමත් කෙනෙකුට තමයි.
පරණ හා අලුත් හොරු ටික ඇල්ලුවේ නැත්නම් ඔබතුමාට ජනතාවගේ විශ්වාස භංගයෙන් බේරෙනවා බොරු...
මෙයාගේ රට හදන අලුත් වැඩ සටහන් අහල අහලා කණේ කරගැටත් ඇවිල්ලා. තව මාස 18යිනේ... අපි එ් ටිකත් ඉවසන්නම්...
එතකොට බැඳුම්කර මගඩිය වලපල්ලට ගියාද?
මම හිතන්නේ ආපුදා ඉඳන් කරපු සංවර්ධනය නිසා අපි ලෝකයේ තුන්වෙනි, හතරවෙනි තැනට පත්වෙලා ඇති දැනටමත්...
අනේ මෙයා හිතන්නේ කාටද රටේ ඉතුරු වෙලා තියෙන ටික විකුණන්නේ කියලා නේද? හරිම හොරා තමයි මෙයා.
2015 දී රට හදන්න කරන්න පොරොන්දු වුණු ඒවා දැන් කරලා රට දියුණු කරලා සම්පුර්ණ නිසා අලුතෙන් ඉතිරි අවුරුදු 2 වෙනුවෙන් අලුත් එකක් හදන්න යනවා වෙන්න ඇති. නටපු නැටුමකුත් නැහැලු බෙරේ පලුවකුත් නැහැලු.
2015 ට පෙර පැවසුවේ රටේ තිබෙන ආර්ථික සමාජ ප්‍රශ්න විසඳන්න. හොරු අල්ලන්න අපට බලය දෙන්න කියලා... දැන් කියන්නේ ප්‍රශ්න විසඳන්න ජනාධිපතිතුමා ලංකාවට එනකන් ඉන්න කියලා අාවහම තව එකක කියාවි...
විශිෂ්ටයි අගමැතිතුමනි. ඔබතුමාගේ නායකත්වය යටතේ පංචවිධ ප්‍රතිපත්තිය යටතේ අතමිට සරු කරන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්න.
අතුල, ඔබ ඒකාලේ ඉපදිලා සිටියේ නැද්ද? ඔබට උත්තර දුන්නට පලවෙන්නේ නැහැ. මම මොකටද කාලය කාගන්නේ...
අවුරුදු 18 අඩු ළමයින්ගේ තැන්පතු ගිණුම් වලින් මාසිකව බදු අයකරගන්න තරමට මේ ආණ්ඩුව වැටිලා ඉන්නේ...
ඔය කියන වැඩ සටහන හදල ඉවර වෙන කොට ඊළඟ වැඩේට ලෑස්ති වෙන්න පුළුවන්. අලුත් වැඩ සටහන් ඕන නැහැ. තියන ටික හරියට මේ ටික දවස්ටිකෙවත් කරලා ඉවර කොලොත් ජාම බෙර ගෙන ගමට යන්න පුළුවන් වෙයි. මොකද ජනතාව දැනටමත් වැඩ සටහන හදල ඉවරයි මම හිතන්නේ.