නිමල කොඩිතුවක්කු
දේශපාලන කුලල් කා ගැනීම් නතර කර රටත් ජනතාවත් ගැන සිතා කටයුතු කරන ලෙසට තමන් සියලූම දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් වහන්සේ අද (19) කොළඹදී පැවසූහ.
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධය හමුවකදී මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකදී උන්වහන්සේ මේ බව පැවසූහ.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් වහන්සේ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.
‘‘ බලය සඳහා පිල් වලට බෙදිලා දේශපාලන කුලල් කා ගැනීම් ආරවුල් ඇති කර ගැනීම් නතර කරලා සියලූම දේශපාලන නායකයින් මේ රට ගැන හිතලා, රටේ ජනතාව ගැන හිතලා මේ දේශපාලන අර්බුදය විසදගන්න කටයුතු කරගන්න කියලයි අපිට කියන්න තියෙන්නේ.
මල්වත්තේ මහනායක ස්වාමීන් වහන්සේත් මේ ඉල්ලීම ඉතාමත්ම පැහැදිලිව මේ ඉල්ලීම කළා. අපිටත් කියන්න තියෙන්නේ කුලල් කා ගන්නේ නැතුව සියලූම දෙනා එකතු වෙලා මේ රටට තියෙන ආදරය පලවෙනි තැනට දාලා මේ රට ආරක්ෂා කරගෙන රට දියුනු කිරීමට කටයුතු කරන්න.
ජනාධිපතිතුමාගේ ධුරයේ මුල් අවුරුදු ගනන අවසන් වුනත් තව අවුරුදු කහිපයක්ම තියෙනවා එතුමන්ට මේ රට පාලනය කරන්න. ඒ නිසා ජනාධිපතිතුමා එක්ක එකු තුවෙලා මේ ප‍්‍රශ්ණය විසදගන්න. ඒ වගේම සියලූම පක්ෂ සාධාරනව කටයුතු කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ට අවවාද කර කාලය විනාශ නොකර, යෙසුස්වහන්සේ මෙලොවේ දිවි ගෙවූ ආකාරයට ජීවත් වෙන්න.
අපේ රටේ පාලකයෝ තමන් ගැන මිසක් රටේ ජනතාව ගැන හිතන්නේ නෑ. දැන් ඔය පොරකන්නේ තවත් කුට්ටියක් වැඩි කරගන්න මිසක් රට දියුණු කරන්න නෙවෙයි.
මේ අය ජනතාව ගැන සිතුවානම් අපට මෙහෙම වෙනවාද අගරදගුරු හිමිපාණනී. සිරිමාවෝ මැතිනියගෙන් පසු ජනතාව ගැන හිතන එකෙක් මෙරටට බිහිවුනේ නැත.
ශ්‍රී ලංකාවේ මාධ්‍යය නිදහස කියන්නේ පාඨකයින්ට මෙන්ම පුවත් පත් කලාවේදීන්ටත් සදාකාලික සිහිනයක්ව පවතිනු ඇත.
ගිනි නිවන මිනිසුන් පමණක් නොවෙයි ගිනි තියන මිනිසුනුත් පුරුදු පුහුණු කරන ආයතන ගැනත් යමක් සඳහන් කළා නම්...