ගෝලීය දෙමළ සංසදය සමඟ සාකච්ඡා කිරීම මෙරට ගොඩනැගීමට මහත් රුකුලක් වන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි.
දෙමළ ජනතාවට සිදුවූ විවිධ තාඩන පීඩන හමුවේ ඔවුන් වෙසෙන රටවලදී දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව බලපෑමක් ඇති කිරීමට සමත් වූ පිරිසක් නිසා ඔවුන්ගේ සහයෝගය යළි ලබා ගැනීමට හැකිවීම අතිශය වැදගත් කමක් ගන්නා බවත්, බහුතර දෙමළ ඩයස්පෝරාව නොබෙදුණු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ වැඩ කිරීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.
බීබීසී පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එසේ කීවේය.
එසේම විදේශීය දෙමළ ජන කොටස් තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් සමඟ කථාබහ කිරීම වැදගත් බව උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මගින් නිර්දේශ කොට ඇති බවද ඒ මහතා පවසා ඇත.
තවද ශ්‍රී ලාංකික ජාතියක් පිළිබඳව අවධානය යොමු කරන වකවානුවක දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරමින් එම ජනතාව ආකර්ෂණය කර ගැනීම ඉතාම වැදගත් බව විදේශ ඇමතිවරයා පෙන්වා දී තිබේ.
එමෙන්ම අනාගතයේදී තම දේශපාලන උවමනාවන් දිනා ගැනීමට ප්‍රචණ්ඩත්වය පවා ප්‍රතික්ෂේප කරමින් ඔවුන් පොදු ප්‍රතිඥාවක් පවා දීමට කැමැත්ත පළ කොට ඇති බවත්, එම පිරිසගේ ඥානය, දක්ෂතා, සහ නිපුනතා ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ අවස්තාව උදාවන බවත් විදේශ ඇමති මංගල සමරවීර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් සති අන්තයේදී ලන්ඩන් නුවරදී දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර රටේ ප්‍රතිසන්ධාන හා සංහිඳියා වැඩපිළිවෙළට සහාය ලබා ගැනීමේ අරමුණෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමාට ඡදෙන් පස්සේ ඔය ඇමතිකම නැතුව යනවා. ආණ්ඩුව ගෙදර යනවා. එතකොට ඔය සැණකෙළි තියන්න වෙන්නේ හඳේ තමයි..අපි මංගල මහත්තයට යූ එන් එකේ රැකියාවක් දෙනවා ඡන්දෙන් පස්සේ. දැන් අර මොකක්ද එකත් සම්මත වුනානේ. අපිත් ඡන්දෙ දීල. අපිටත් පිනක් සිද්ධ වේවිනෙ එකෙන්. (ස)
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජීවත්වෙන සිංහල සිසුවන්ගේ ගෙට පැන ඇසිඩ් ගසා මරාදමන්න හැදුවේ 2009 යුද්ධය ඉවර වුණ වෙලාවේ. ඒ එක්කෙනෙක් කළුතර ළමයෙක් දැන් මෙහෙ ඉන්නේ. මාස ගානක් දුක් වින්ද ඇසිඩ් පාරවල් කාල. (ම)
අනේ මංගල මහත්තයෝ , බයිලා අහල ඇති වෙලා තියන්නේ අපිට. එකක් අමතක කරන්න එපා අතේ තියන් කිරි පොවලා හැදුවත් කොටියා කොටියාම තමයි. එහෙම මනුස්සකම තියන්නේ සිංහලයන්ගේ හිතේ විතරයි.(ම)
මේ සංවිධානය ත්‍රස්තවාදීන් එක්ක වැඩ කළා මංගලට පිස්සු (බ)
රට ඉවරයි (බ)
ඇසලටයි මහානාමටයි ඊළඟ ආත්මයේ මහ ජාතියෙමයි ඉපදෙන්නේ කියලා සහතික පත්‍ර ප්‍රධානය කෙරිලා වගේ. (ම)
"ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම" (නි)
අපේ රටට මොකද්ද මේ වෙන්න යන්නේ (බ)
ඔන්න බළලා පැන්නා මල්ලෙන් එළියට (බ)
අපිත් කැමති සහයෝගයෙන් වැඩ කරන්න සියලුම ජන කොටස් සමගින්.නමුත් රට බෙදන්න නම් දෙන්න බැහැ මොන දේ වුනත්. (බ)
කතාාව ඇත්ත. ජයවේවා! (නි)
දෙමළ මිනිස්සුත් මේ රටේ ඉන්න ඕනෑ. (නි)
මොනවා කොරන්ඩ හදනවද මන්ද. (බ)
නාලිනී රට ඉවරවුණේ රට කරපු අය නිසා. ඒ කාලේ කිව්වේ නෑනේ රට ඉවරයි කියලා. උඩ බලන් හිටියා විතරයි (බ)
දැන් අලුත් ජාතියක් බිහිවෙන්න යන්නේ ශ්‍රී ලාංකික ජාතිය කියලා.. මෙහෙමත් නාඩගන් (බ)
නියමයි, දැන් ඕක තමයි අඩුවට තියෙන්නේ. අපි දන්නවා දෙමළ ඩයස්පෝරාව යුරෝපේ මොනවාද කරන්නේ කියලා. ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තේරෙනකොට පරක්කු වැඩියි. (බ)
එක්සත් ශ්‍රී ලංකාවක්???? එක්සත් නෙමේ ඒකිය ලංකාවක් (ම)
මට ඉතාම කණගාටුවක් දැනෙනවා,මේ සමහරක් අදහස් දිහා බලනවිට. හේතුව තමා,මෙචර උගතුන් සිටින ලංකාවේ,විශාල පිරිසක් තවමත් අර සා/පෙළවත් පාස් නැති විදිහට සිතන අය වීම ගැන.සිංහලයන් යනු ශ්‍රේෂ්ඨ ජාතියකි.දමිල වුවත් ,මුස්ලිම් වුවත් ඔවුන් අපේ රටේ ජනතාවයි. (නි)
රට කොහොමත් ඉවයිනේ තව මොනවද ඉතුරු වෙන්න තියෙන්නේ අමනුස්සයෝ ඉන්නකොට (බ)
දේශපාලකයෝ කියන්නේ දෙපැත්තෙන්ම කතා කරන එය.මැතිවරණයට පෙර මෙහෙම කියුම් කිව්වද?.(බ)
දෙමළ සංසදය මහින්ද ඉන්නා කාලේ සිට විදේශ රටවලින් පවා ඉල්ලා සිටියේ එකම දෙයයි. එය සංහිඳියාව නොවෙයි. වෙනම රාජ්‍යයකි. ඉතින් මේ තුමා උන් අස්සට ගිහින් සාකච්ඡා කළා කියලා උන්ගේ පරමාර්ථය වෙනස් කරාවිද.? මේ තුමා අපි සිංහලයින් රවට්ටන්න ගහන බොරු කතා මේවා. මෙතුමා බොරුවට උපන් හපනෙකු බව කවුරුත් දන්නවානේ. (බ)
ඔයාට සැනකෙලි දාන්න ඔය ඇමැතිකම වත් ආණ්ඩුවවත් තව වැඩි දවසක් තියෙන්නේ නැහැ බබෝ..ඔයාට එයාලත් එක්ක සැණකෙළි දාන්න වෙන්නේ නික්ම නිකම් (බ)
මෙවන් දේ කරන්න කලින් එහි අරමුණු මාධ්‍යය මගින් විවිධ කතිකා කර ජනතාව පළමුව දැනුවත් කළ යුතුයි කියලයි මට නම් හිතෙන්නේ...මොකද, 'ගිනිපෙනෙල්ලෙන් බැට කෑ ජනතාව කලා මැදිරි එළියටත් බයයි'.(බ)
අනිවාර්‍යෙන්ම මේ අය රටේ සංවර්ධනය සදහා ඉවහල් කරගත යුතුයි...යුද්ධය ඉවරවෙලා අවුරුදු 7කට කිට්ටුයි... මේ ඩයස්පෝරාවේ ඉතාම උගත්, ධනවත්, බලවත් අය ඉන්නවා.. ඒ අය අපි කොන් කරනවනම් ඒක රටට කරගන්න හානියක්...(බ)
ඇයි නාලිනී ඔයා රට ඉවරයි කියන්නේ අර මැදමූලන කෙනා පැරදුණු හින්දද? රට ඉවරවෙනවා ජන. 8 ඒකාධිපති බලයක් ආවනම්...(බ)
බය වෙන්න එපා මේ තමයි ආරම්බය , බටහිර රටවලටයි , එකට කඩේ යන කට්ටියටයි අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ බහුතර ජනතාවගේ ඔලුව සුද්ද කරන්න . ලගදීම අපේ සිංහලයෝ කියාවි ,ඩයස්පෝරා සමග ජාතික සංහිදියාව වෙනුවෙන් අපේ හමුදා නිලදාරීන් යුද අපරාද චෝදනා යටතේ සිර යුතුයි කියාලා . යුද්දෙට විරුද්දව තවලම් , සුදු නෙලුම් කරපු අයගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද ? (ම)
රට ඉවර බව අපිනම් දැනගත්තේ ජනවාරි අටවැනිදම තමයි. (බ)
ත්‍රස්තවාදීන් හිටියේ 2009 වෙනකම්.. මේ 2015.. සුනිල් කරුනාකර වර්ථමානයට එන්න...(බ)
මේක ලෝකයේ දෙමල ජනතාවට තනි රටක් ලබා ගැනීමට උත්සාහ දරන සංවිධානයක්.මේකේ කොටි සාමාජිකයින් බහුලව ඉන්නවා.ඔවුන් නැතිව රට හදන්න පුළුවන් බවත්,ඔවුන් සමග රට හදන්න බැරි බවත් පසුගිය රජය ඔප්පු කරලා තියනවා. (බ)
නදුන්, එහෙනම් මේඅය තවමත් ලංකාවට යන්න බයයි කියන්න ඇයි? හමුදාවේ රණ විරුවන් යුධ අධිකරණයට ගෙනියන්න හදන්නේ ඇයි? (බ)
ඔය පනින්නේ බළල්ලු බුරුතු පිටින්. අපි තමා ගොන්නු. අන්තිමට වෙන්නේ සිංහලය බලුවෙන එක. මෙයාල නටල යයි. චන්ද්‍රික දුවගේ ගාවට යයි. (ම)
ඔය ඩයස්පෝරාවේ කිසි එකෙක් ලංකාවේ ආයෝජන කරන්න මෙහෙ ස්ථිර පදිංචියට එන්නේ නැහැ මෙහෙ ඉන්න ද්‍රවිඩ ජනයා උසිගන්නන එක කරන්නේ. ඕක තේරුම් ගන්න තවම ලංකාවේ සිංහලයට බැරිවුනානේ.(බ)
කුමන රජයක් වුනත් ඔවුන් සමඟ කථාබහ කිරීම ඉතා වැදගත්.ඒ තුලින් සංහිඳියා වක් ගොඩ නගා ගැනීමට හෝ උත්සාහ කළ හැකියි.අප ශ්‍රී ලාංකිකයින් විදියට එකමුතුකම උදෙසා සංවාද කළ යුතුයි. (බ)
බලෙන් ආණ්ඩුවක් අල්ලාගෙන ලෝකේ වටේ සවාරි ගසමින් කොටින්ට සුදුහුණු ගාන එක නේද කරන්නේ.එදා කොටින්ට විරුද්ධව යුද වදිද්දී කළේ මොනවාද කීවේ මොනවාද කියන එක රට ආදරයක් තියෙන බුද්ධිමත් ජනතාව දන්නවා.දැන් ඔය කියන ඩයස්පෝරාවට සහතික දෙන්නේ ලැබෙන දොළ පිදේනි වලට නේද?ඔබත් මේ රටේ නොසිටිය යුතු අශීලාචාර පුද්ගලයෙක්. (බ)
මේ සංසදයේ බීච් බෝයිලා ඉන්නවාද දන්නේ නැහැ. නේ.? මොකද එහෙම උනා නම් අපිට පුළුවන් උන්ගේ තාක්ෂණ දැනීම උපයෝගී කරගෙන අලුත් සංස්කෘතියක් සාගර ආශ්‍රිතව බිහි කරන්න.එතකොට විදේශ සංචාරකයින්ගේ පැමිණීමත් වැඩිවෙනවානේ. (බ)
මේ සංසදයේ බීච් බෝයිලා ඉන්නවාද දන්නේ නැහැනේ? මොකද එහෙම වුනා නම් අපිට පුළුවන් උන්ගේ තාක්ෂණ දැනීම උපයෝගී කරගෙන අලුත් සංස්කෘතියක් සාගර ආශ්‍රිතව බිහි කරන්න.එතකොට විදේශ සංචාරකයින්ගේ පැමිණීමත් වැඩිවෙනවානේ. (බ)
කේ පී හිටියෙත් ගෝලීය දෙමළ සංසදයේ කට්ටියත් එක්ක තමයි හැබැයි කේ පී නම් හරිම හොඳ මනුස්සයා...(බ)
ලංකා යුද්ධය අවසානයේ යුද අපරාධ වෙලා තියෙනවා කියලා සාක්ෂි තියෙනවානේ... ඒනිසා ඒවාට වගකිවයුතු අය අධිකරනයට ගෙන යා යුතුයි.. ඩයස්පෝරාවෙන් ඒ ඉල්ලීම වෙනවානම් ඒකේ වරදක් නෑ...අපිට අපරාධකරුවන් ආරක්ෂා කරගෙන රට හදන්න බෑ..(බ)
ද්‍රවිඩ ජාතිය ගැන නොදන්නා බබ්බු ටිකක් අදහස් දල තියනවා සංහිදියාව ඇති කරන්න. මැරුන එකයි පොටෝ එකේ ඉන්න එකයි විතරයි විශ්වාස කරන්න පුළුවන්. ඩයස්පෝරාවේ උන් ඉන්නේ පිට රටවල් වල ඉස්සෙලම තියෙන්නේ ඉස්සෙලම උතුරේ මහා ඇමතියව හදා ගන්න එක. රාජ්‍ය ආරක්ෂක ඇමතිව ලග තියාගෙන කියපු ඒවා දැක්ක නේද ගිය සතියේ. (බ)
කසුන් එන්ගලන්තයේ හිටියට දෙමල ජනතාව ගැන මොකුත් දන්නැති පාටයි.. ඩයස්පෝරාවේ හැමෝම කොටින් නෙමේ... ලංකාවේ පිට ස්ථිර පදිංචිකරුවන් විදිහට වාසය කරන කොටි විරෝධී දෙමල මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා...මම එංගලන්තයේ ඊස්ට් හැම් වල වැඩකරන ආයතනයේ ඔනෑ තරම් දමිල ශ්‍රී ලාංකිකයින් ඉන්නව.. ඔවුන් කොටින් නෙමේ...ඉස්සෙල්ල ඔය රාජපක්ෂලා ප්‍රමෝට් කරපු "ඩයස්පෝරාව යනු කොටිය" කියන මෝඩ මතයෙන් මිදෙන්න...(බ)
ඇසල, තමන්ගේ ජාතිවාදය ප්‍රදර්ශනය කරන්න එපා. ද්‍රවිඩ මිනිස්සු ගැන ඔහේට තිබෙන අපුල අපිට නැහැ. උතුරේ මහ ඇමති කිව්වේ හමුදාව අඩු කරන්න කියලා... ඇයි මොකක්ද ඒකෙ වරද? යුද්ධයක් නැති උතුරට මහා හමුදාවක් අවශ්‍ය නැහැ (නි)
පිටරටවල ඉන්න ඕනෑම ද්‍රවිඩ ජාතියකුගෙන් අහන්න. උත්තරය අපිට වෙනම රටක් ඕනෑ කියන එකයි.කලාතුරකින් කෙනෙක් තමයි එපා කියන්නේ (නි)
කේ .පි, කරුණා අම්මාන් අපට දැන් හොඳ වී ඇත. ඔබ මේ ගන්නා පියවර ශ්‍රේෂ්ඨය. එය මුළු ලෝකයම පිළිගන්න අනගි ආදර්ශවත් ක්‍රියාවකි. බුද්ධිමතුන් නොවන අයට, කොටියා තුළින් අනාගතය ගොඩ නඟාගත් දේශපාලුවන්ට මෙය මහත් ප්‍රශ්න වැලකි (නි)
නාමල් මොනවගේ අදහස් තිබෙන කෙනෙක්ද කියලා හිතාගන්න අමාරුයි (නි)
කෝ අර ඩුබායි තිලක් මොකද සද්ද නැත්තේ? (නි)
අනගාරික ධර්මපාලතුමා කියපු කතාව ඇත්ත වෙන්නයි යන්නේ (නි)
අනේ නාමල් ඔයා මේ බෝධි සත්වයෙක් වෙන්නේ නැතුව යන්න. ඇමරිකාව, එක්සත් රාජධානිය, ඊශ්‍රයලය වගේ රටවල් තමන්ගේ සෙබළුන්ව ආරක්ෂා කරනවා. ඔයගොල්ලෝ වගේ අය නිසා තමයි මේ යුද්ධේ අවුරුදු 30ක් ඇදුනේ! (නදී)
අනේ ..! අපි නොදන්න මංගල ........???(ම)
දැන් නම් මෙතන ඉන්න සමහර අයගේ අදහස් ඉතාමත් පැහැදිලියි. එයාලට තරහ තියෙන්නේ මහින්ද එක්ක විතරයි. මහින්ද , චන්ද්‍රිකා ගැන ලිව්වොත් චන්ද්‍රිකාට පක්ෂව කතා කරනවා ලියනවා. ඩයස්පෝරාව ගැන ලිව්වොත් , ඩයස්පෝරාව හරියි කියලා මහින්දට බනිනවා. මාතෘකාවට අදාල නැති උනත් මේ අද වගේ ෂුවර් එකටම මිස්ටර් ප්‍රබාකරන් ගැන ලිව්වොත් එතකොටත් මහින්දට බනිවි. බලමු රනිල් හා මෛත්‍රී ගැන ලිව්වම කාටද බනින්නේ කියලා. රනිල් හා චන්ද්‍රිකා ගැන ලිව්වම කාටද බනින්නේ කියලා. ෂුවර් එකටම එතකොටත් මහින්දට බනිවි මේ හැමදේම උනේ මහින්ද හින්දා කියලා. මේ ලියන උදවිය ලස්සන සිංහල නම් දැම්මට එයාල සිංහල නම් නොවේ. මට සැක අඩුම ගානේ ශ්‍රී ලාංකිකයෝද කියලා (නදී)
කතාව නම් ඇත්ත. මමත් එකඟයි (නි)
නාමල්, මොනවද අනේ කියන්නකෝ ලංකා ආණ්ඩුව යුද්ධය අවසාන කාලේ කළ යුධ අපරාධ මේ අපිටත් දැනගන්න (නි)
නාමල්, යුද්ධයකදී අහිංසක ජනතාව තෝරලා බේරලා යුද්ධ කරන්න බැහැ. ඔයා කියන ඔය අපරාධ සාක්කි එක්ක තියනවා නම් කියන්නකෝ බලන්න අපිටත් දැනගන්න (නි)
රයන් මහතා, කේ පි, කරුණා, පිල්ලෙයාන් කියන්නේ කෙළින්ම මිනිමරු කොටි සාමාජිකයෝ. අපි නැහැ කියන්නේ නැහැ. නමුත් එයාලා දැන් ඊළාම් වෙනම රාජ්‍යක් අත්හැරලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංකල්පය පිළිගෙන දේශපාලනය කරනවා. හකරුණාකර පටලවා ගන්න එපා, නොමඟ යන්න එපා. නමුත් ඩයස්පෝරාව ඊළාම් අත්හැරලාද? ටී එන් ඒ. එක ඊළම අත්හැරලාද? උතුරේ මහා ඇමති මොකද කියන්නේ? ඩයස්පෝරාව කොටි තහනම ඉවත් කරන්න කියන්නේ ඇයි? උදාර මහතා 100% හරි. හැම ද්‍රවිඩයාම කොටි නොවේ. (නි)
මහින්දට බනින්න, හිරේ දාන්න කියන්න, රටට විරුද්ධව කතා කරන්න එපා. වීරෝධාර රණවිරුවෝ පාවාදෙන්න එපා. නැවත යුද්ධයක් හෝ යුද්ධයක සේයාවකටවත් අපේ අලුත් හමුදා භටයෝ ඉදිරිපත්වෙන එකක් නැහැ. (නි)
උදාර ලන්ඩන්, අනේ උදාර මට කියන්නකෝ ඔයා ඔය කියන කොටිවිරෝධී ලන්ඩන් ඩයස්පෝරාව කොහෙද ඉන්නේ? කවදාද ඔවුන් කොටිවිරෝධී රැළියක් හෝ රැස්වීමක් තිබ්බේ? (නි)
මොනවා වුණත් සංස්කෘතික වශයෙන් ඒ මිනිස්සු යාපනයේදී තිබුණු හැදිච්චකම මෙහෙදී නැහැ. (නි)
මංගලට කවුරු දීපු බලයක් ද මේක? මේවත් යහපලනෙට කතා කරද මෙයා... බලය ගන්නකන් නම් කියන්නේ එකක් පස්සේ කරන්නේ තව එකක්. මෙයට මේ ඇමතිකම දීපු අය වගකිවයුතුයි (ම)
අපිට ඉදිරියට යන්න අවශ්‍ය නම් මේ කවුරු කවුරුත් එකතුකරගත යුතුයි (නි)
යාපනයේ සිටි සිංහලයෝ වෙනුවෙන් කවුරුත් කතා නැහැ. රට ගිහින් දුක්විඳින සිංහලයෝ ගැන කවුරුත් හොයන්නේ නැහැ (නි)
දෙමළ දේශපාලකයන් තමන්ගේ පැවැත්ම සඳහා දෙමළ ජනතාව සිංහලයන් කෙරෙහි වෛරය ඇතිකිරීමේ විපාකය අවුරුදු තිහක යුද්ධයකින් කාටත් විපාක සහිතව අවසන් විය. අද තමන්ගේ පැවැත්ම සඳහා එම වෛරයම සිංහල දේශපාලකයන් සිංහලයන් තුළ ඇතිකිරීම සිදුවන්නේ නම්,දෙමළ ජනතාවද සිංහලයන් කෙරෙහි වෛරවීම සාමාන්‍ය දෙයකි. මේ අනුව මල් වට්ටිය අරගෙන පන්සල් යන කෙනත්, පිච්ච මල්මාලය ගෙන කෝවිලට යන කෙනත් ආත්ම වංචාවක් නොකළ යුතුය. අද පැරණි රජයුගය කියා නොසිතා දියුණු ලොවක විවිධ ජාතින් සහෝදරත්වයෙන් ජීවත්වීමට අවශ්‍ය රටක් ගොඩනඟා දීම බුද්ධිමත් දේශපාලකයන්ගේ වගකීමය. මෙහි ප්‍රතිචාර දක්වා ඇති බොහෝදෙනා ගැන කණගාටු වියයුතුය. වර්තමාන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මංගල සමරවීර ඇමතිතුමාගේ උත්සාහය කුමක්ද යන්න තේරුම්ගෙන ජනතාව ලෙස එයට ප්‍රසාදය පළකරමු. කිසිවෙක් රටක සුළු මිනිසෙකු වියයුතු නැත. එම රටේම තව මිනිසෙකු බියෙන් සහ සැකයෙන්ද ජීවත්විය යුතුද නැත. (නි)
නොබෙදුනු එක්සත් ශ්‍රී-ලංකාවක් කියලා දෙයක් නැහැ. ඒකීය ශ්‍රී-ලංකාවක්....!!! (නි)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගත් 2002 වසරේ එක්සත් ජාතින්ගේ මහා සමුළු සැසිවාරය අමතමින් කියා සිටියේත් ශ්‍රී ලංකාවේ සුළු ජාතියට ප්‍රශ්න ඇති බවය. මේ සෝබන දේශපාලනය වෙනුවෙන් කරන මාධ්‍ය සංදර්ශනය. මැතිනියගේ කාලයේදී හැරෙන්න මේ දක්වාවූ හැම පක්ෂයක්ම ඡන්ද ගුණ්ඩුවක් ලෙස යොදාගනිමින් කඳුළු සලා ඇත්තේ සුළු ජාතිකයින්ගේ ප්‍රශ්න වෙනුවෙන්ය. කැවුම් කන්න දක්ෂ සිංහලයෝ ගහන්න ගහන්න වඳිති. සුළු ජාතිකයෝ වඳින්න වඳින්න ගහති. අන්තිමට බලනකොට "ඌ මට ගැහුවා, මට ඌ ගැහුවා කියන එක තමයි වෙලා තියෙන්නේ. (නි)
ලන්ඩනයේ උදාර කියන්නා සේ විදේශගත හැම ද්‍රවිඩයෙක්ම එල්.ටී.ටී.ඊ එකට සම්බන්ධ ඩයස්පෝරාවට අයත් වන්නේ නැහැ. හින්දු ද්‍රවිඩ අය ඉහත කණ්ඩායම තමන්ගේ එකම ගැලවුම්කරුවා ලෙස නොපිළිගැනීම නිසා මෙවර ලන්ඩනයට ගොස් කළ උත්සාහයත් අසාර්ථක වුණා. සාමාන්‍ය ද්‍රවිඩයාට සිංහලයා සමග ප්‍රශ්නයක් නැත. මේ දෙපිරිස කවදා හෝ සමගිවුණොත් එය තමා දේශපාලකයන්ට මුහුණදෙන්න වෙන ලොකුම ප්‍රශ්නය. (නි)
ඇමතිතුමනි, ඡන්දෙන් පසුව සාකච්ඡා කරමු. (නි)
මෙයා ඉස්සර ඉඳන්ම කළේ කොටින්ට කඩේ ගිය එක. ඔය කියන දේවල අරුමයක් නෑ (බ)
දෙමලු කියන්නෙත් ලංකාවේ සිංහලයන් කියන්නෙත් ලංකාවේ ,අපි පොඩි කලේ බේත් ගත්තේ දෙමල දොස්තරගෙන්.(ම)
කවුද මංගල මහත්තයෝ ඔහෙට රට හදන්න වරමක් දුන්නේ..මැතිවරණෙන් දිනලා රජයක් පිහුටුවල ඒකෙ ඇමතිකමක් අරන් එන්න රට කන්න හරි හදන්න හරි (බ)