හංසයින්, පාත්තයින්, කොකටුවන් හා මැකෝ ගිරවුන් ඇතුළු දුර්ලභ රට කුරුළුල්ලන් 121 දෙනකු හොරෙන් ගෙන එද්දී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය කියයි. රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමක් ඇති මෙම කුරුල්ලන් ගෙන ආ පුද්ගලයා කොළඹට නුදුරු සත්ව ගොවි පොළක හිමිකරුවකු බව එම අංශය කියයි.
කුරුල්ලන් ගෙන ආ ව්‍යාපාරිකයාට රුපියල් හාර ලක්ෂ පනස් දහසක දඩයක් ගෙවන ලෙසත් සතුන් රාජසන්තක කර ඔවුන් දෙහිවල සතුන් වත්තට බාර දෙන ලෙසත් ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.ඩී. ගාමිණී මහතා නියම කෙළේය.
ජෛව විවිධත්ව සංසෘතික සහ ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධිකාරිවරුන් වන ජයලාල් ප්‍රනාන්දු, කේ.ටී. රත්නායක, ප්‍රියන්ත විජේනායක මහත්වරු මෙම වැටලීම කළහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd