හංසයින්, පාත්තයින්, කොකටුවන් හා මැකෝ ගිරවුන් ඇතුළු දුර්ලභ රට කුරුළුල්ලන් 121 දෙනකු හොරෙන් ගෙන එද්දී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය කියයි. රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමක් ඇති මෙම කුරුල්ලන් ගෙන ආ පුද්ගලයා කොළඹට නුදුරු සත්ව ගොවි පොළක හිමිකරුවකු බව එම අංශය කියයි.
කුරුල්ලන් ගෙන ආ ව්‍යාපාරිකයාට රුපියල් හාර ලක්ෂ පනස් දහසක දඩයක් ගෙවන ලෙසත් සතුන් රාජසන්තක කර ඔවුන් දෙහිවල සතුන් වත්තට බාර දෙන ලෙසත් ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.ඩී. ගාමිණී මහතා නියම කෙළේය.
ජෛව විවිධත්ව සංසෘතික සහ ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධිකාරිවරුන් වන ජයලාල් ප්‍රනාන්දු, කේ.ටී. රත්නායක, ප්‍රියන්ත විජේනායක මහත්වරු මෙම වැටලීම කළහ.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රට කුරුල්ලන් ගෙනැවිත් බරට දඩ කයි