නීති විරෝධි ලෙස අත්පත් කර ගත් රාජ්‍ය වත්කම් ආපසු සොයා රාජ සන්තක කිරිම සඳහා වන විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටවේ. ඇතැම් දේශපාලකයන් ඇතුළු පුද්ගලයන් විසින් ගසා කන ලදැයි කියන ධනය විදේශ බැංකුවල තැන්පත් කර ඇතැයි පසුගිය ජනපතිවරණ සමයේ කියවිණි. එම ධනය සොයා දීමට ඇමරිකාව, ඉන්දියාව හා සීෂේල්ස් රාජ්‍යය දැනටමත් ශ්‍රී ලංකාවට සහාය පළ කර ඇත. අල්ලස් හෝ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මෙම බළකායේ සාමාජිකාවකි. ඇය ද සෙසු සාමාජිකයෝ 12 දෙනා ද මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් පත්විම් ලබා ගත්හ. හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ බිම්බා තිලකරත්න, එච්.එම්.එල්.ටී. මුදලිගේ, එච්.අමරතුංග, සී.ඒ.එච්.එම්. විජයරත්න, අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ.කේ.ඩී.ජී.අරන්දර,එල්.එස්.පතිනායක,කල්‍යාණි දහනායක,ජගත් පී ජයවීර,පී.එන්.ජයවර්ධන,සි.ඒ.ප්‍රේම ශාන්ත,යසන්ත කෝදාගොඩ හා ජේ.සී.වැලිඅමුණ ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම කරගන්න ලැබුනොත් රටම ගොඩ තමා , ජයවේවා!.....(ම)
මේක නම් රටට කරන ලොකු සේවයක් , රටින් පිට කරපු මහජන මුදල් ආපසු රටට ගෙන එක (ම)
මට නම් මේවට හිනාත් යනවා (නි)
යහපාලනයට ජය වේවා! ශ්‍රී ලංකාවට සෙත සැළසේවා! (නි)
අපේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් විතරක් නොව ජාතික ධනයද සූරාකා අපේ රටේ වැසියන්ගේ කර පිටින්ම පාර්ලිමේන්තු ගොස්, රටේ මිනිසුන්ටම කොකා පෙන්වූ අයගේ හොර සල්ලි අපේ රටට ගෙන එන්න හදන නීති ගෙනෙන එකටත් බාධාකරන අය ගැන තීරණයක් ගන්න පසුබට වෙන්න නම් එපා (නි)
මේක සාර්ථක වුණොත් නම් නියමයි (නි)
මෙරටින් අරගෙන ගිය සල්ලි ටික ආපසු ගෙන ඔවුන්ගේ දේපළ රාජසන්තක කළයුතුයි. (නි)
එතකොට අර පිටරටවල තිබෙන කෝටි ගණන් වටිනා මාළිගා වලට මොකද කරන්නේ..? (නි)
දිල්රුක්ෂි මහත්මිය ඉන්නවානේ. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ (නි)
ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ!!! ගිය ඒවා ආයෙමත් හොයන්න ප්‍රමාද වැඩියි. තිබෙන ටිකවත් රැකගන්න බලමු. ඉදිරියේදී එවැනි දේවලට ඉඩකඩ වසාදමමු. (නි)
මේ සල්ලි සියල්ල ලැබුණොත් ලංකාව සුරපුරයක් කරන්න පුලුවන් වෙයි (නි)
පහසු දෙයක් නොවෙයි. නමුත් අවංකව උත්සාහ කිරීම වටිනවා. (නි)
හරි දේ හරියටම කරමු. මෛත්‍රී ජනාධිපති අපට විශ්වාසයි. කිසිවෙකුට බය නැති බව ඔප්පු කරමු (නි)
වංචාවට, දුෂණයට තිත තිබ්බේ නැත්නම් අපිට කවදාවත් ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ. පක්ෂ පාට නොබලා සොරකම් කළ මුදල් නැවත ලබාගෙන, වැරදි කළ සියල්ලන්ටම නිසි දඬුවම් ලබාදිය යුතුයි. (නි)
අපි බලමු කන්දක් විලිලා කෙන්දක්ද වදන්න යන්නේද කියලා? (නි)