ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 8 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (8 වැනිදා) පැවැති තරගයේදී රාජස්තාන් රෝයල්ස් පිල ලකුණු 19 කින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කිරීමට සමත් විය.
රාජස්තාන් රෝයල්ස් පිල ලබාගත් ලකුණු 144 ට පිළිතුරු වශයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ඕවර 19 කදී සියලූ දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 125 ක් පමණි.
මෙම තරගයට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා නොකළ අතර කුසල් ජනිත් රාජස්තාන් සංචිතයට ද, සචිත‍්‍ර සේනානායක කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයට ද ඇතුළත්ව සිටිති.
කොල්කටා පිල වෙනුවෙන් එඔයින් මෝගන් පන්දු 38 කදී හතරේ සහ හයේ පහර තුන බැගින් අන්තර්ගත කරමින් ලකුණු 51 ක් රැස්කිරීමට සමත් විය.
රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 144 (අජින්යා රහනි 36, රාහුල් ද්‍රාවිඞ් 17, ස්ටුවට් බීනි 14, බ‍්‍රැඞ් හොජ් නොදැවී 46, දිෂාන්ට් යග්නික් 16, සුනිල් නරේන් 28/2)
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 19 කදී සියලූ දෙනා දැවී 125 (ගෞතම් ගාම්බීර් 22, මනෝජ් තිවාරි 14, එඔයින් මෝගන් 51, රජාට් භාටියා 12, රාහුල් ෂුක්ලා 28/2, සිද්ධාර්ත් ටි‍්‍රවෙඩි 23/3, කෙවොන් කූපර් 15/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කුසල් දැම්ම නම් බලාගන්න තිබුන 6 ඒවා.(නදී)
කරුණාකර ඔය අයි.පී.එල් එක ගැන ප්‍රචාරය නොකර ඉන්න. ඕකෙන් වෙන්නේ අපේ රටට විනාශයක් මිසක් හොඳක් නොවෙයි. ඕව ඇහෙනකොට අපේ රටේ නොයෙකුත් සේනා කුලප්පු වෙලා.(නදී)