70,80 දශකයේ › ලංකාවේ ජනප්‍රිය ගායකයකු, සංගීත අධ්‍යක්ෂක වරයකු, ගීත රචකයකු, වාදකයකු වූ මියගිය කැලැරන්ස් විජේවර්ධන කලාකරුවාගේ හ~ට සමාන කම් ඇති එම ගීත ගැයීමට වර්තමානයේ ජනප්‍රිය රජීව් සෙබස්තියන්ගේ සංගීත සැඳෑවක් මැයි මස 01 වෙනි සිකුරාදා සවස 04ට පැරීසියේ මීගමු සංවිධානයට වසර 15ක් පිරීම  නිමිත්තෙන් පැරීසියේදි පැවැත්වේ.

එහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ අඩු ආදායම් දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් සදහා යෙදවීමට යයි.

‘පැරීසියේ බොහෝ සංවිධාන තිබේ. අදටත් එසේමයි ඉදිරියේදිත් බිහිවේවි. නමුත් ඉහත සියලූ දෙනා අතරින් මීගමු සංවිධානයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අවුරුදු 15ක අතීතය දෙස හැරී බලා ඔවුන්ට සතුටු විය හැකි බොහෝ දේ ඔවුන් විසින් සිදුකර තිඛෙනවා. ‘ උදාහරණ ලෙස පාසැල් ළමුන්ට පාසැල් භාණඩ, පුස්තකාල පොත් පත්  ,  රෝහල් සදහා ඇඳන් හා ඖෂධ වර්ග දුප්පත් අසරණ පවුල් සදහා යටිතල පහසුකම් සැපයීම ආදී දේ ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් අවසන් කල ව්‍යාපෘති වලින් කොටසකි.

අයිවන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ කළ ඉහත සංවිධානයේ රංඡිත් ප්‍රනාන්දු, ජයලත්, මහත්වරු  මෙම සංවිධානය ශක්තිමත් කරමින් විශාල සමාජ මෙහෙවරකට දායක වෙති.

15-th-Rajeev-show