(යොහාන් භාසුර)
කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැළඳෙන එම්.අයි.එස්. - සී නැමැති රෝගී තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පැවසීය.
එම රෝගය වැළඳුනු දරුවන් හතළිස් පස් දෙනකු පමණ මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් දරුවන් හතර දෙනකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
මෙම රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බවත් දරුවන්ට සති දෙකත් හයත් අතර කාලයකින් පසුව මෙම රෝගී තත්ත්වය වැළඳෙන බවත් විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පැවසීය. දරුවාගේ ඇඟේ ප්‍රතිදේහ වෙනත් අවයවවලට බලපෑම් කිරීම මෙම තත්ත්වය වන බවත් හදවතට බලපෑම් කිරීම වඩාත් භයානක විය හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
45 දෙනෙක් දැම්මාම හරි... මේකටද ධාරිතාව ඉක්මවලා කියලා රටම බය කරන්නේ? බොරදියේ මාළු බාන්න එපා...