නවක වදය දුන්නැයි සැකපිට රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුන් හත් දෙනකුගේ පන්ති තුන්වැනි දා සිට සතියකට තහනම් කරන බව උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. එම පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක ද මේ පිරිස අතර සිටි ඔවුන්ට වෛද්‍ය පීඨ පරිශ‍්‍රයට ඇතුළුවීමට ද තහනම් වෙයි. නවක වදය දෙන සිසුන් ගැන දැඩි ලෙස විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව උප කුලපති පවසයි.