කැබැතිගොල්ලාව ගෝන මැරියාවේ පන්සලක් අසළ ස්වාභාවික ජල උල්පතේ ජලය විකුණතියි කියන සිද්ධියක් ගැන කැබැතිගොල්ලැව ප්‍රාදේශීය ලේකම් පී ආර් ජයරත්න මහතා පරීක්ෂණ අරඹා ඇත රජරට නියඟය නිසා බොහෝ දෙනා පානීය ජල හිගයකට මුහුණ පා සිටිති බඳුන් දහයකට ජලය පුරවා ගත් විට අටකට රුපියල බැගින් අය කරන බවත් පන්සලේ නඩත්තුව සඳහා එම මුදල් යොදා ගන්නා බවත් කියති බෝතල් වලට මහා පරිමාණයෙන් පිරවිම සඳහා මෙම ජලය නොදෙතැයි කියති
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොර දියේ මාළු බෑම කියන්නේ මේවට තමයි (ස)
මම මෙම ප්‍රදේශයේ නොවූවත් මෙම ස්ථානය ඉතා හොදින් දන්නා අයෙක් වෙමි. මෙම දිය උල්පතේ ජලය සැමදා ඇත. එය නිරන්තරයෙන් උතුරා යයි. දැන් පවතිනුයේ වියලි කාලගුණයකි. මෙවන් කාල වකවානුවක පීඩිත ප්‍රදේශවාසීහු පානීය ජල අවශ්‍යතාවන් මෙයින් සපුරා ගනී. නමුත් ගැටලුව වනුයේ ප්‍රදේශවාසීන් පීඩනයට පත්වන අවස්ථාවේදී එය මුදල් කිරීමට දරන උත්සාහයයි. මෙම තත්වයම යුද්ධය පවතින සමයේ ඊට ගොදුරු වූ පළාත් වලද තිබුණා ඔබට හොදට මතක ඇති. පොල් ගෙඩිය 250/-, සහල් 300/- වැනි. සත්තකින්ම මෙම දෙකේම ඇත්තේ පීඩිත මිනිසාගෙන් මුදල් ඉපයීමක් නොවේද. මෙහි කණගාටු විය හැකි අනෙක් කාරණය වනුයේ එය පන්සලෙන්ම සිදු වීමයි. අපි අපේ පන්සලක හාමුදුරුවන්ට කෑම, බීම වලින් කිසිදු අඩුවක් නොතියන්නෙමු. එසේ නම් ඇයි මේ? (නි)
මෙහි කණගාටුවට කරුණ නම් මෙම සිදුවීම පන්සලේ සිදුවීමයි...!(නු)
අවසර, තණ්හා ජායතී සෝකෝ හාමුදුරුවනේ, මහා පරිමාණයෙන් පිරවීමට නොදීම නම් හොදයි, ඒත් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ වතුර විකුණගෙන කෑම නරකයි. (ස)
මම මෙම ප්‍රදේශයේ නෝවූවත් මෙම ස්ථානය ඉතා හොදින් දන්නා අයෙකු වෙමි. මෙම දිය උල්පතේ ජලය සැමදා ඇත. එය නිරන්තරයෙන් උතුරා යයි. දැන් පවතිනුයේ වියලි කාළ ගුණයකි. මෙවන් කාල වකවාණුවක පීඩිත ප්‍රෙද්ශවාසීහු පාණීය ජල අවශ්‍යතාවන් මෙයින් සපුරා ගනී. නමුත් ගැටලුව වනුයේ ප්‍රෙද්ශවාසීන් පීඩනයට පත්වන අවසථාවේදී එය මුදල් කිරීමට දරන උත්සාහයයි. මෙම තත්වයම යුද්ධය පවතින සමයේ ඊට ගොදුරු වූ පලාත්වල ද තිබුණා ඔබට හොදට මතක ඇති. පොල් ගෙඩිය 250/-, සහල් 300/- වැනි. සත්කින්ම මෙම දේකේම ඇත්තේ පීඩිත මිනිසාගෙන් මුදල් ඉපයීමක් නොවේද. මෙහි කාණගාටු විය හැකි අනෙක් කාරණය වනුයේ එය පංසලෙන්ම සිදු වීමයි. අපි අපේ පංසලක හාමුදුරුවන්ට කෑම, බීම වලින් කිසිදු අඩුවක් නොතියන්නෙමු. එසේ නම් ඇයි මේ?
මොකක්ද ජයන්ත ඒකේ වැරැද්ද? (නි)
මේකේ කිසිම වරදක් නැ . වතුර බෝතලය රු 40 ට විකුණන එක හොද නම් රුපියලකට වතුර බෝතලයක් දෙන එකේ වරද මොකද්ද . මේක පන්සලේ කරපු නිසා තාම කට්ටිය ෆොම් වෙලා පරීක්ෂණ කරන්නේ . වෙන කවුරුහරි කරා නම කියයි එක ඒවගේ අරමුදලට නිසා කමක් නැ කියල . (ස)
කල දුටු කල වල ඉහ ගැනීම..!(නු)
පන්සලට දානේ උයාගෙන එන අයට, වතුර ගන්නකොට ඩිස්කවුන්ට් එකක් දෙනවාද දන්නේ නැහැ? (නි)
කණගාටුයි, මේක පන්සලක්ද? (නි)
මේක පන්සලක් ළග සිදුවුන නිසයි මේ වරද?(නු)
මේක වෙන සංවිධානයකින් හරි මොකකින් හරි කළානම් ලොකු ප්‍රචාරයකුත් ලැබේවි...!(නු)
අද කාලෙ හිගන්නෙක් වත් රුපියලේ කාසියක් ගන්නේ නැහැ. පන්සලේ නඩත්තුවට ඒ මුදල් යොදවනවා නම් ඒකේ වරදක් මම දකින්නේ නැහැ. (නි)
සිරී ඔයා හරී (ස)
වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි.. අපේ හාමුදුරුවනේ ඔහොම ගියොත් දානෙත් කඩෙන් තමයි...?(නු)
ජනතාව විසින්ම කැලේ විනාශ කරලා පරිසරය විනාශ කරපු එව්ගේ ප්‍රතිඵල වලට හාමුදුරුවන්ට බැනලා වැඩක් නැහැ..!(නු)
මේ කතාවෙන් කොටසයි නේ පළවෙලා තියෙන්නේ.. හාමුදුරුවො එහෙම කරන්නේ ඇයි කියලා හොයලා නැහැනේ.. කියන්නා කෙසේ කීව්ත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නේ මේකට තමයි.!(නු)
මෙලොව නූහුලන අපරාධ වෙනකොට දෙයියෝ වතුර දේවිද ?(ස)
බුදු අම්මෝ! පංසල නේද? අපේ ආතා මුත්තා කාලේවත් අහපුවද මේ? මගේ ගෙදර ළිඳෙන් විදුලිය වියදම් කරලා ටැංකියට පොම්ප කරපු වතුර කොච්චර දීල ඇද්ද අසල්වාසීන්ට? අහල පහල ළිං හිදෙද්දී මගේ ළිඳ තමයි ඉතිරි වෙන්නේ. අපි වතුර දෙන්නේ මොන තරම් පහන් සිතින්ද? හාමුදුරුවනේ, ඕවා මහා පව් වැඩ. ගඩොල් ගොඩවල් හැදුවට පින් ලැබෙන්නේ නැහැ. මේ වගේ දේවල් තමයි නියම පින්. (නි)
වතුර ටික බේරගන්න ඕනි (ස)
අසරණයන්ගේ පිපාසය සන්සිසුදවන්න වතුරට ටිකෙන් හම්බකරලා හදන පන්සල්වලින් වැඩක් නැහැ හාමුදුරුවනේ.. වහාම ඔය වැඩේ නවත්තන්න..!(නු)
වතුර විකුණලා ඉවරවෙලා , බණත් සල්ලි වලට කියාවිද දන්නේ නෑ , ආශ්චර්‍යයි............(ස)
හැමදේයටම හාමුදුරුවරු පන්සල් මුලිකයි.. රට වෙනුවෙන් පෙරට බහින්නෙත් හාමුදුරුවොමයි..!(නු)
නියම ජාවාරම් කරුවන්. කල දුටු කල වල ඉහගන්නවා කියන්නේ මේකට තමයි.. මුළු රටටම ආදර්ශයක්.. (නු)
ඒක එක් එක්කෙනාගේ කැමැත්ත අනුවයි.. ඒ අයටම හිතන්න දෙන්න මේක පරිත්‍යාගයක් ලෙස ලබාදෙනවාද නැත්නම් මුදලට දෙනවාද යන්න.. මුදල් අයකිරීම ධර්මානුකූල නැහැනේ..!(නු)
මෙහෙම පන්සල් මොකටද ? (ස)
මෙහෙම දෙයක් කරන්නේ පන්සලෙන්ද ?? අදහන්නවත් බෑ . බුද්ධ පුත්‍රයෙක්ද ඒ විදියට රඟපාන කෙනෙක්ද ?? (ස)
දෙයියෝ සාක්කි (දී)
පන්සලෙන් වැලිකැටයක්වත් නිකං අරගෙන යන්න හොදනැහැ කියලා අහලා නැද්ද .. නිකං පව් පුරොගන්නේ නැතිව මුදල් දීලා අපි වතුර අරගෙන යන්නේ ඒකයි..!(නු)
මේක පන්සලකින් කරන නිසා ගොඩක් අයට හිතට අමාරුවෙලා... වතුර බඳුනකට ගන්නේ රුපියලයි.. මේක මහා ලොකු ගණනක් නෙමෙයි.. දවසකට අයෙක් සිගරට් 1ක් හරි එක බුලත් විටක් හරි කෑවත් මීට වඩා ගෙවනවා... මීගමුවේ මාළු මාර්කට් එකට මාලුගන්න, වාහනයකින් හරි මෝටර් සයිකලයකින් හරි ගියහම රුපියල් 10ක් ගන්නවා එතන තියන පල්ලියේ සුබසාධනයට කියලා..(ස)
මේ හාමුදුරුවෝ ලොකු මුදලක් හම්බ කරනවා නෙමෙඉනේ.ඔයගොල්ලෝ ඇත්තටම බෞද්ධයෝද .වෙනත් ආගම වල ඉදගන බෞද්ධ ආගමට මඩ ගහනවා නේද.ඔයාලගේ ආගම වල ඔය වගය් දේවල් අහන්නවත් නෑ නේද. (ස)
අපි නොදන්න "පන්සලේ නඩත්තුව"!!! (නි)
පොලොවෙන් නොමිලේ ලැබෙන දේට ගනන් ගියන්න එපා.. ඒ අයගේ යුතුකමක් පන්සල රුක ගැනීම.. ජලය නාස්ති කරන්නත් එපා.. සතුන්ටත් කොටසක් වෙන් කරන්න..!(නු)
මිනිසුන් කවුරුත් බලාගෙන ඉන්නේ හාමුදුරුවන්ගේ පොඩි අඩුපාඩුවක් උනත් ලොකු කරලා පෙන්නන්නනේ..හාමුදුරුවො පන්සලට වෙලා ඉන්නේ ගෙදර ඉදලා කන්න අදින්න නැතිව නෙමෙයිනේ.. මේ ආගමයි ජාතියයි රැකගන්න.. දැං බෞද්ධයෝ බහුතරයක් නමට විතරයි..ඉස්සර මිනිසුන් ගහට පොත්ත වගේ පන්සලට බැදිලා හිටියෙ.. මිනිසුන්ගේ හිත් දූෂණය වෙලා.. මේ තරම් කැප කිරීම් කරන හාමුදුරුවන් දිහා බලන්නේ හතුරෙක් දිහා බලනවා වගේ... හාමුදුරුවො මේ රුපියල අරගෙන මොනවා කරන්නද? ඒක මේ බෞද්ධයන්ට තේරෙන්නේ නැහැනේ.. පුළුවං නම් පන්සල හදන්න උදව් කරන්න.. බස් කොන්දොස්තර මහතා උනත් හාමුදුරුවන්ට ඉතිරි මුදල් දෙන්නේ නැහැ..මේ හැමදෙයක්ම ඉවසාගෙන මිනිසුන්ගේ බැනුම් ඉවසාගෙන කොහොම හරි බුදුදහම රැක ගැනීමට මේ බෞද්ධ පුත්‍රයන්ට අපහාස කරන අයට නිරය තමයි ඉතිරි වෙන්නේ..!(නු)
මේ අදහස් දක්වපු අය සත්‍යය නොදැනයි ලියලා තියෙන්නේ.. හාමුදුරු නමක් වතුර විකුණනවා කියලා මේකෙ නැහැ... පන්සල නඩත්තු කරන්න කියලා තිබුණට කවුද වතුර විකුණන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ නේ.. හැම දෙයකටම හාමුදුරුවන්ට දොස් තියන්න එපා.. අපි දන්නේ ඔය වගේ ගොඩක් සිදුවීම් තියෙනවා.. ඒවයේ පිටුපස ඉන්නෙ වෙනත් කණ්ඩායම්.. හාමුදුරුවො තමයි දොස් අහන්නේ.. අනික භාජන 10කට රුපියල් අටක් කියන්නේ මොනවා ගන්න පුළුවං ගානක්ද? (නු)
සමන්, මම බෞද්ධ, මෙතන ආගමට පහර ගැසීමක් නැහැ,මේක ධර්මයට අනූකූලද? නැද්ද? මෙතන කොමෙන්ට් දාලා තියෙන්නේ බෞද්ධ ආගමට විරුද්ධව නොවේ. ධර්මානුකූල නොවන ක්‍රියාවකකට විරුද්ධව. !(නු)
ප්‍රසන්න, ශ්‍රී ලංකාවේ නීතිය අනුව එහෙම සල්ලි එකතු කරන්න බැහැ,පල්ලියටත් බැහැ, ඒ වගේමයි පන්සලටත්, ආධාර නොවේ නම්, ඒක කප්පම් ගැනීමක්. (නු)
ඒක කප්පම් ගැනීමක්....(නු)
මම මේ කල්පනා කලේ, ලංකාව නිතර වැසි ලැබෙන රටක් වෙලත් ලංකාවේ තත්වය මේකයි. මෙහේ වැසි පොදක් නැහැ...(නු)
දානෙත් ගෙනත් දීලා මිලක් නියම කරයිද දන්නෙ නැහැ දායකයෝ...!(නු)