IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රජරට වකුගඩු රෝගීනට වන්දි ඉල්ලයි

රජරට දිනෙන් දින ඉහළ යන වකුගඩු රෝගයට හේතුව ආසනික් ඇතුළු විවිධ කෘෂි රසායන බවත්, ඒවා මෙරට කෘෂිකර්මාන්තයට හඳුන්වා දුන් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මීට වගකිවයුතු හෙයින් එම වකුගඩු රෝගීන්ට වහා වන්දි ලබා දිය යුතු බවත්, එම රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ව ස්වර්ණහංස පදනමේ මෙහෙයවීමෙන් කළ සාමකාමී උද්ඝෝෂණයක් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී අද පැවැත්විණි.  



අදහස් (0)

රජරට වකුගඩු රෝගීනට වන්දි ඉල්ලයි

වරුණ Tuesday, 16 October 2012 02:45 PM

අනේ ඔය කට්ටිය ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර නොකා පාඩුවේ ඉන්නවද?

:       0       0

ලලිත් Tuesday, 16 October 2012 03:03 PM

අඩුමගානේ මිනිස්සුන්ට මෙහෙම අදහස් ප්‍රකාශ කරන්න දිමත් ලොකු දෙයක් (නි)

:       0       0

දර්ශන් Wednesday, 17 October 2012 09:36 AM

රසායනික ක්‍රම වලින් බැහැරව පාරම්පරික ක්‍රම පමණක් අනුගමනය කරන්න (නි)

:       0       0

වරුණ Tuesday, 16 October 2012 03:14 PM

වැඩේට බහිනවා නම් ඔන්න හරියට කරන්න ඕනෑ (නි)

:       0       0

ෆාරු Tuesday, 16 October 2012 03:14 PM

ප්‍රචාරයත් ඉංග්‍රීසියෙන්ම දිය යුතුයි..!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 17 October 2012 04:25 PM

මම නොදන්නා නිසයි අහන්නේ. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අපේ කාටවත් කිවුවාද නිර්දේශිත ප්‍රමාන ඉක්මවා රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න, පෙර අස්වනු කාලය නොසලකා ඒවා ඉසින්න, නෙලාගත් එළවලු පලතුරු වලට කෘමිනාශක යොදන්න, විවිධ රසායනික තම හිතුමතේ සංයෝග කර ඉසින්න ... ආදී දේවල් කරන්න කියා? අපේ ගොවි මහත්වරු මේ රටේ කෘෂිකර්ම උපදේශක වරු එපා කියත්දී මේ හැම දේම කරනවා. කොහෙවත් තිබෙන සංවිධානයක් එක්ක පැටලෙන්න හදනවාට වඩා අපේ ගොවීන්ව කාබනික ගොවිතැනට යොමු කිරීමට යමක් කල හැකිනම් නේද හොඳ? ( හැබැයි අපට කොහේ හරි ජාත්‍යන්තර හතුරෙකුට බනිනවා වගේ සනීපයක් එයින් ලැබෙන්නේ නැති බව පිලිගන්නවා.) (නදී)

:       0       0

බන්ඩාර Tuesday, 16 October 2012 03:17 PM

අපේ උපරිම සහයෝගය අසරණ ගොවිටන්ට. මෙන්න ඇත්ත සාධාරණ විරෝධයක්..රජය වහාම කෘෂි රසායනික ගෙන්වීම පාලනය කර යුතුයි (ස)

:       0       0

රෝහන Tuesday, 16 October 2012 03:26 PM

ආසනික් නෙමෙයි සයිනයිඩ් දැම්මත් අපේ ලොක්කො නෙමෙයි හැරිලවත් බලන්නේ (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 16 October 2012 03:26 PM

ඇත්තටම මේකට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වගකිවයුතු යුතුද? මට නම් සැක සහිතයි. ඒත් ඇයි මේ ගැන පරීක්ෂණයක් කරන්නේ නැත්තේ? (ස)

:       0       0

කමල් Tuesday, 16 October 2012 03:27 PM

අනේ මේ වගේ දේශපාලුවෝ ඉන්න රටක්. (නි)

:       0       0

සුමිත් Tuesday, 16 October 2012 03:28 PM

සයනයිට් ගැන අපේ මහත්තුරැ කියන කොට ඒකට හිනා උනා.. දැං සුද්දා කිව්වාම තමා පිළි ගන්නේ..!(නු)

:       0       0

චමිලා Tuesday, 16 October 2012 09:38 PM

ඉතා හොද දෙයක් (නි)

:       0       0

සුගන්ධී Wednesday, 17 October 2012 07:27 PM

අනේ පවු අපේ අහිංසක මිනිස්සු. කාගෙන් පිළිසරනක් වෙයිද? බුදු සරණයි!

:       0       0

ජනක Tuesday, 16 October 2012 04:53 PM

වන්දි ඉල්ලලා නඩුවක් දැම්මා නම් කොහොමහරි වන්දි ගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

සිල්වා Tuesday, 16 October 2012 05:03 PM

කෝ අර පහුගිය දවස් වල රේතුවෙන් අල්ලා ගත්ත ආසනික් කන්ටේනර් ටික? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

නන්දලාල් Tuesday, 16 October 2012 07:50 PM

කාෂි රසායන නිසා ලෙඩරෝග ඇති වෙන බව දැන දැනමනේ ගොවියෝ ඒවා පාවිච්චි කරන්නේ (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 16 October 2012 07:52 PM

වෑඩේ නම් හොඳයි. ඒත් මේවාට සල්ලි වියදම් කරන්නෙ කවුද කියලත් හොයල බෑලුවොත් හොඳා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site