රජරට දිනෙන් දින ඉහළ යන වකුගඩු රෝගයට හේතුව ආසනික් ඇතුළු විවිධ කෘෂි රසායන බවත්, ඒවා මෙරට කෘෂිකර්මාන්තයට හඳුන්වා දුන් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මීට වගකිවයුතු හෙයින් එම වකුගඩු රෝගීන්ට වහා වන්දි ලබා දිය යුතු බවත්, එම රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ව ස්වර්ණහංස පදනමේ මෙහෙයවීමෙන් කළ සාමකාමී උද්ඝෝෂණයක් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී අද පැවැත්විණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයනයිට් ගැන අපේ මහත්තුරැ කියන කොට ඒකට හිනා උනා.. දැං සුද්දා කිව්වාම තමා පිළි ගන්නේ..!(නු)
අනේ පවු අපේ අහිංසක මිනිස්සු. කාගෙන් පිළිසරනක් වෙයිද? බුදු සරණයි!
මම නොදන්නා නිසයි අහන්නේ. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අපේ කාටවත් කිවුවාද නිර්දේශිත ප්‍රමාන ඉක්මවා රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න, පෙර අස්වනු කාලය නොසලකා ඒවා ඉසින්න, නෙලාගත් එළවලු පලතුරු වලට කෘමිනාශක යොදන්න, විවිධ රසායනික තම හිතුමතේ සංයෝග කර ඉසින්න ... ආදී දේවල් කරන්න කියා? අපේ ගොවි මහත්වරු මේ රටේ කෘෂිකර්ම උපදේශක වරු එපා කියත්දී මේ හැම දේම කරනවා. කොහෙවත් තිබෙන සංවිධානයක් එක්ක පැටලෙන්න හදනවාට වඩා අපේ ගොවීන්ව කාබනික ගොවිතැනට යොමු කිරීමට යමක් කල හැකිනම් නේද හොඳ? ( හැබැයි අපට කොහේ හරි ජාත්‍යන්තර හතුරෙකුට බනිනවා වගේ සනීපයක් එයින් ලැබෙන්නේ නැති බව පිලිගන්නවා.) (නදී)
රසායනික ක්‍රම වලින් බැහැරව පාරම්පරික ක්‍රම පමණක් අනුගමනය කරන්න (නි)
ඉතා හොද දෙයක් (නි)
වෑඩේ නම් හොඳයි. ඒත් මේවාට සල්ලි වියදම් කරන්නෙ කවුද කියලත් හොයල බෑලුවොත් හොඳා. (නි)
කාෂි රසායන නිසා ලෙඩරෝග ඇති වෙන බව දැන දැනමනේ ගොවියෝ ඒවා පාවිච්චි කරන්නේ (නි)
කෝ අර පහුගිය දවස් වල රේතුවෙන් අල්ලා ගත්ත ආසනික් කන්ටේනර් ටික? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
වන්දි ඉල්ලලා නඩුවක් දැම්මා නම් කොහොමහරි වන්දි ගන්න පුළුවන් වෙයි (නි)
අනේ ඔය කට්ටිය ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර නොකා පාඩුවේ ඉන්නවද?
අනේ මේ වගේ දේශපාලුවෝ ඉන්න රටක්. (නි)
ඇත්තටම මේකට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වගකිවයුතු යුතුද? මට නම් සැක සහිතයි. ඒත් ඇයි මේ ගැන පරීක්ෂණයක් කරන්නේ නැත්තේ? (ස)
ආසනික් නෙමෙයි සයිනයිඩ් දැම්මත් අපේ ලොක්කො නෙමෙයි හැරිලවත් බලන්නේ (ස)
අපේ උපරිම සහයෝගය අසරණ ගොවිටන්ට. මෙන්න ඇත්ත සාධාරණ විරෝධයක්..රජය වහාම කෘෂි රසායනික ගෙන්වීම පාලනය කර යුතුයි (ස)
ප්‍රචාරයත් ඉංග්‍රීසියෙන්ම දිය යුතුයි..!(නු)
වැඩේට බහිනවා නම් ඔන්න හරියට කරන්න ඕනෑ (නි)
අඩුමගානේ මිනිස්සුන්ට මෙහෙම අදහස් ප්‍රකාශ කරන්න දිමත් ලොකු දෙයක් (නි)