ශ්රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා වීමේ වාසනාව රජරට ගොවියකු වන මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිවිය. මීට පෙර ජේ.ආර්.ජයවර්ධන මහතා දෙවරක්, ආර්.ප්‍රේමදාස මහතා එක්වරක්, ඩී.බී.විජේතුංග මහතා ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු වසරක්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දෙවතාවක් සහ මහින්ද රාජපක්ෂ මහතා දෙවතාවක් විධායක ජනපති ධූරය දැරීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කළ ඔහු ගම්පහ සිට රජරටට ගියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ ගොවිජන ව්‍යාපාරය යටතේය. එතැන් සිට පොළොන්නරුව සිය දේශපාලන ගමන් මගේ කේන්ද්‍රය කර ගත් ඔහු පසුගිය දෙසැම්බරය වනතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වරයා විය.
එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ යන නායකයන් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතල දරමින් ක්‍රියා කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයට ඉදිරිපත් වූයේ ගහෙන් ගෙඩිය එන්නාක් මෙනි.
ජනපති මහින්ද රාජපක්ෂගේ සියලු දේශපාලන සැලසුම් අවුල් කිරීමට රජරට ගොවියාගේ මේ සහජ බුද්ධිය හේතු විය.
පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතාගේ පියා ගම්පහ සිට හිඟුරක්ගොඩට ගියේ ඩී එස් සේනානායක මහතාගේ ගොවි ජන පද ව්‍යාපාරයේ ගොවියකු ලෙසයි.
සිරිසේන මහතා ඉපඳුනේ1951 සැප්තැම්බර 03 වැනිදාය.පොළොන්නරුව රාජකීය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබු ඔහු කුණ්ඩසාලේ කෘෂිකර්මික පාසලෙන් කෘෂිකර්මාන්තයද උගෙන ගත්තේය. පසුව ඔහු ග්‍රාම නිලධරයෙක් විය.
1971 අප්‍රේල් කරැල්ල සමඟින් සිරබත් කෑමටද ඔහුට සිදුවිය.1979දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරු දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් විය.1989 පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.1994 දී ඉහළම මනාප ඡන්ද ලබාගත්තේය.
ඉන්පසු ඔහු වාරිමාර්ග හා මහවැලි නියෝජ්‍ය ඇමැතිවරයා විය.1994දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහවැලි හා රජරට සංවර්ධන ඇමැතිවරයා විය.කෘෂිකර්ම සංවර්ධන ඇමැති පදවියද හෙබවීය. පසුව සන්ධානයේ සෞඛ්‍ය ඇමැති පදවියට පත් කැරිණි. පිළියන්දල කටුවාවලදී 2008 ඔක්තෝබර 09 වැනිදා සිරිසේන මහතා කොටි ත්‍රස්වාදීන්ගේ බෝම්බයකින් අනූනවයෙන් බේරුණේය.
කටුවාවල උත්සවය අවසන් වී කොළඹ බලා එමින් සිටියදී පාරේ අටවා තිබු බෝම්බය පිරීපිරි ගියේය.
පාර්ලිමේන්තුවේ සභා නායක කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන ඇමති ධුරයද, පරිසර ඇමති ධුරයද හෙබවිය.
ඇමැති ඒවන විට බෝම්බය පුපුරන තැනින් මදක් ඈතට ගියා පමණි.එයින් එක් අයෙක් මියගොස් පත් වී තවත් හත් දෙනෙක් තුවාල ලදහ.
කොටි ත්‍රස්තවාදීන් පොළොන්නරුව ත්‍රිකෝණමඩුව හා මහවැලි ගඟ ආශ්‍රිත සෝමාවතී පුද බිම පැත්තට අරක්ගෙන සිටියදී අභාවප්‍රාප්ත ආරක්ෂක ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වතේ සමඟ සෝමාවතී පුදබිමට සිය ගණනක් ගැමියන් සමඟ ගොස් මිනිත්තු 45 ක ශ්‍රමදානයක් කිරීමට සිරිසේන මහතා ඉදිරිපත් විය.ඒ වන විට සෝමාවතී චෛත්‍ය ගරා වැටී මහ ගස් වැවී තිබිණි.ඒ සියලුම ගස් කපා පුදබිම පවිත්‍ර කිරීමට ඔහු යෙදු වැඩපිළිවෙළ ජනරාල් රත්වත්තේගේ පැසැසුමට ලක් විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිඳුනි, මේ රට විනාශ කළ දූෂණය,වංචාව නැතිකර නැවතත් නීතිගරුක සමාජයක් අැතිකරන්න අහිංසක දුප්පත් ජනතාවගේ බලාෙපාෙරාත්තු ඉටුකරන්න කැපවෙන්න.ඔබට දීර්ඝායු පතමි. (නි)
හොද සේවයක් රටට කරන්න මහින්ද මැතිතුමා කරාටත් වැඩිය එතකොට ඔබ ගොඩක් වටින කෙනෙක් විදිහට ජීවිතේ වැඩක් කල කෙනෙක්. (ර)
ඔබ තුමාගේ ජයග්‍රහණයට සුබපැතුම්.! (ර)
අපේ විශ්වාසය් ඒ අයුරින්ම රැකගෙන රට යහපතක්ම කරන්න. ජය වේවා ! (නදී)
ඔබට ජයෙන් ජය, රටේ ගොවිතැන නගා සිටුවීමට මුලිකත්වය දෙන්න. (නදී)
පිටරට සිට ලියපු නිසා කළු සුද්දන් යයි අපවාද විඳගෙන මෙතන ලියමින් අප පැතුවේ මව්බිමේ යහපතයි. ඒ පිටරට සිටින අප වගේම ලංකාවේ සිටින සියලු දෙනා තුන් වේල කා බි , හිසට සෙවනක් ඇතිව දරුවන්ට උගන්වාගෙන සතුටින් ජීවත්ව ඉන්න අවශ්‍යයි යන්න අවංකව පැතූ නිසා. මගේ මව්බිමට යහපතක්ම වේවා ! සියලුම පුර වැසියන්ගේ ජීවිත සතුටින් ඉතිරේවා ! (නදී)
නීති ගරුක රටක් ලැබුනොත් ඒ ඇති.(නදී)
මෛත්‍රීපාල මැතිතුමනි ඔබතුමාට මගේ සුභ පැතුම්. මගේ ඡන්දෙන් දිනවපු දෙවැනි ජනාධිපති ඔබයි. පළමුව චන්ද්‍රිකා 1994 දී. (නදී)
මේ රට කොටින්ගෙන් ගලවාගත් රට සංවර්දනය කල මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දේශප්‍රේමින් සැමදා ආරක්ෂා කරන්න. සිංහල නායකයින් විනාශ කිරීමේ ජාත්‍යන්තර බලවේග පරාජය කරන්න. සැමට මෛත්‍රී පාලනයක් ඇතිකරන්න. (නදී)
ඔබතුමාට ජයවේවා. බලයෙන් උදම් නොවී රටට යහපතක් කොට අපි දුන් ඡන්දයට නිසි ඇගයීමක් දෙන්න. (නදී)
සාස්තර සුමනේ, ඔබ දෙවියෙකි, රටට.(නදී)
මේ රටේ සිංහල බෞද්ධයන් ටත් නිදහසේ ජීවත් වීමේ වරම ලැබේවා.(නදී)
ජන බලය සුනාමියක් වැනියි එය ඔබට කෙසේවත් නැවැත්විය නොහැකියි. ලඟින් ඉන්න පුරෝහිතයන්ට වඩා දුරින් ඉන්න ජනතාවගේ හඬට සවන් දෙන්න. ශ්‍රී ලංකාව නැවතත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරන්න. (නදී)
දැන් ඔබතුමා හරි ඇමති මණ්ඩලයක් තෝරාගෙන හොර බොරු නැතිව රට කරන්න. පඩි නැතිව ඇමතිකම් කරන්න උගත්තු ඉන්නවා. එයාලට ආරාධනා කරන්න. අපිට සල්ලි ඕන නිසා නෙවෙයි මේ රටවල්වලට අපේ දැනුම දෙන්නේ ලංකාවේ අපිට තැනක් නැති නිසා. අපිට පාරේ වාහනයක යන්න බැහැ ඇමති ආරක්ෂකයෝ හෝන් ගහල අපිව කාණුවට බස්සන්නේ. මේවා වෙනස් කරමු,ඔබතුමාලා ඔතෙන්ට යන්නේ මිනිස්සුන්ගේ ඡන්දෙන් කියල හිතාගෙන වැඩ කරන්න. පාර අපි කාටත් පාවිච්චි කරන්න තියාගමු. ආරක්ෂකයෝ ඕන නැහැ මන්ත්‍රීලට අැමතිලට, බයනම් ඡන්දෙට එන්න එපා කියන්න හැමෝටම. තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සලසාගන්න කියන්න. මහා ගොඩක් වාහන ඉස්සරහින් පස්සෙන් තියාගෙන යන ඇමතිලා මන්ත්‍රීලා ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැ. ඕවා වෙනස් කලොත් අපි එනවා පඩි නැතුව උපදේශකවරු විදිහට රට හදන්න. අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න, දුක ගැන හිතමු. රට ගොඩ නගමු. දුප්පත් පොහොසත් වෙනස නැති නොකලට කමක් නැහැ අඩු ගානේ ටිකක් හරි අඩු කරමු. දැන් එම දෙගොල්ල අහසයි පොලවයි වගේ. රාජ්‍ය පුද්ගලික කියල දෙකක් ඕනේ නැහැ හැමෝම එකම කඩෙන් පාන් ගෙඩිය ගන්නේ. එම නිසා වැඩි කරන පඩිය හැමෝටම එක විදිහට වැඩි කරන්න. ඇමතිලා 25ක් ඕනෑවටත් වඩා වැඩියි. නැවත 225 කරන්න යන්න එපා. මොන තරම් අපරාදයක්ද කලේ බොරුවට පඩි ගෙවාගෙන ඉස්සරහට පස්සට අාරක්ෂකයෝ වාහන 5 - 10 තියාගෙන. ඔය නාස්ති කරන සල්ලි වලින් අපේ ගම හදන්න පුළුවන්. අරක්ෂකයෝ නැතිව බැරි අයට ගෙදර යන්න කියන්න. අපි එන්නම් රට හදන්න ඔබතුමාට ශක්තියක් වෙන්න. මුලින්ම ලේ කුණු තැවරුණ අත් ඔබතුමාගෙන් දුරස් කරන්න. දෙමල මිනිස්සුත් මිනිස්සු, කොටි කොටි නොකිය එයාලටත් සාදාරන දෙයක් කරලා අපේම කොටසක් කරගමු. මුස්ලිම් අයටත් එහෙමයි. රටක් විදිහට නැගිටින්න නම් ඔක්කොම එකතු වෙලා ගමනක් යමු. සිංගප්පුරුව මැලේෂිසියාව හැම ජාතියක්ම ඉන්න රටවල්නේ, ඒ වගේ ඔහොම ප්‍රශ්ණ නැහැ මොකද හැමෝටම එක හැන්දෙන් බෙදන්නේ. අපි රට හදමු. ඔබතුමාට ජය වේවා. අපේ සුන්දර ලක්මවට රත්තරන් පුතෙක් වෙන්න ශක්තිය ලැබේවා. (නදී)
අලුත් රටක් හදන්න සුභාශිංසන ජනපතිදුනි.(හේ)
ජනපතිදුනි ශ්‍රී ලංකා මාතාවගේ දූ පුතුන් වන අප ඔබ කෙරෙහි තැබූ විශ්වාසය, ඒ අයුරින්ම රකිති යි අප සිත්තනෙමු. එබැවින් මේ රට සංවර්ධන කටයුතු නොකඩවා කරගෙනයන අතර, ඔබ පොරොන්දු පරිදි රටේ දූෂණය සහ වංචාව නවතා, විෂයෙහි දැනුම ඇති ඇමති මණ්ඩලයක් පත්කොට, නිවැරදි ලෙස රට පාලනය කරන මෙන් ඉතාමත් ගෞරවයෙන් අප ඉල්ලා සිටිමු. (ර)
"එක අහසක් යට, එක යායට රට." (ර)
"එක අහසක් යට, එක යායට රට."(හේ)
"එක අහසක් යට, එක යායට රට." (හේ)
නිහතමානී ශක්තිමත් පාලකයකු වන්න. අපේ රට ආරක්ෂා කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.(හේ)
අපිට වැඩකරලා පෙන්වන්න. (නි)
අතිගරු නව ජනාධිපතිතුමනි, ආදර්ශවත් පුත්‍ර රත්නයක්වූ ඔබතුමාට ජාතිහිතෛෂී සැමදෙන එක්ව ආසියාවේ මුතු ඇටය ඔප දැමීමට ශක්තිය , ධෛර්යය පතන්නෙමු (නි)
දසරාජ ධර්මයෙන් රට පාලනය කරත්වා ! ඔබතුමාට ජය වේවා (නදී)
ඔබතුමාට උණුසුම් සුබ පැතුම්! බලයෙන් උදම්නොවී පොඩි මිනිහා ගැන සිතා කටයුතු කරන්න (නි)
ජය ශ්‍රී ගොවි රජාණෙනි! (නි)
අපේ නව ජනදිපතිට ජය වේවා! රටට මෛත්‍රී යුගයක් උදාවේවා! ඔබට රට බාරයි දැන්. (නි)
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් දැහැමින් රට රකීවා.(හේ)
එදාසිටම අපි පෙරුම්පිරූ "මානුෂිය මෙහෙයුම" සාර්ථකව ජයග්‍රහණය කළා.හරිම සතුටුයි. (නි)
ජාති ආගම කුල බේදයෙන් තොරව සැමට එකම නීතියක් යටතේ රට පාලනය කරන්න. ඔබතුමාට උණුසුම් සුබ පැතුම්! (නි)
ඔබතුමාට ජය වේවා! ජනතා බලාපොරොත්තු ඉටුවෙයි කියලා අපි විශ්වාස කරනවා. (නි)
අපිට අපේ දරුවන්ට වගේම,ගහකොළ සතා සිවුපාවුන්ටත් නිදහසේ ජිවත්වෙන්න ඉඩ සළසා දෙන්න. (නි)
නව ජනපතිට සුබ පැතුම්! (නි)
ලංකාව කියන්නේ තෙවරක් බුදුන් වහන්සේ වැඩිය රටක්. අධර්මයෙන් ,අයුක්තියෙන් ,අසාධාරණයෙන් වැඩිකල් ඉන්න බැහැ (නි)
හොඳින් රට පාලනය කරන්න. ඡන්ද බලයෙන් ඕනෑ දෙයක් කරන්න පුළුවන්. (නි)
බලය යනු කඩුවයි.නමුත් කඩුව ඔබගේ දේපළ ලෙස නොසිතන්න. එය ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. මන්ද එම කඩුවම ඔබට පහරදෙනු ඇත. මෙය දේශපාලනය කරන හැමෝටම හොඳ පාඩමක්. නව ජනාධිපතිතුමාට සුබ පැතුම් එක්කරමින් දස රාජ ධර්මයෙන් රට පාලනය කරන්න ලැබේවා@ (නි)
හොඳ පාලකයෙක් වෙයි. ඔබට ජය නියතයි. (නි)
ඔබ රටට දෙවියෙකි (නි)
ඔබයි අපේ ජනපති.සුබ පැතුම්! (නි)
ජය වේවා! (නි)
මෛත්‍රී පාලනයක් - අලුත් රටක් (නි)
විදේශ බලවේග වලට අවනතව වැඩ කරන්න නම් එපා (නි)
අසත්‍යය නොව සත්‍යයම ජයගනී යන කියමන සදාකාලීන සත්‍යයක් බව, ඔබතුමාගේ ජයග්‍රහණයෙන් තවත් තහවුරු වුණා. (නි)
නව ජනපතිදුට සුබ පැතුම්! ශ්‍රී ලංකාවේ පවතින සාමය ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධිත රටක් බවට පත් කිරීමට ඔබ ඇතුළු නව නායකයන්ට හැකියාව ලැබේවා....!(හේ)
ලොකු බලාපොරොත්තුවක් කාටත් ඇත්තේ. එමනිසා එය කඩනොකර බලකාමයෙන් මත්නොවී කටයුතු කරන්න. ජයවේවා! (නි)
මෙතෙක් ජය ලැබුවන්ට ආසිරි වේවා! රට හොඳින් කරන්නට හැකිවේවා!ජනපති මහින්ද රට යුදබියෙන් දුරලූ නායකයාණෙනි, ඔබට ජාතියේ උත්තමාචාරය! ඔබ රකින්නට අපි හෙටත් කැපවෙමු. මට ඔහු පැරදීමේ දුකක් නැත. එහෙත් මට කණගාටුව මගේ මව්බිමේ පැරදුම ගැනය. තවත් එක කරුණක් පැහැදිලිය. එනම් සිංහල බෞද්ධ අපි බෙදී වෙන්ව ඇත. හෙට රටේ අසරණවන ඔබට බුදු සරණින් රැකවරණය ලැබේවායි පතමි. හිතන්න මොහොතක්. (නි)
හද පිරි සුබ පැතුම්!ඔබ ගැන අපට විශ්වාසය තිබෙනවා (නි)
බුද්ධ ධර්මය ආරක්ෂා කරමින් දහමින් රට පාලනය කරන්න ඔබතුමාට හැකිවේවා! කැසිනෝ,කුඩු,එතනෝල් රටින් තුරන් කරන්න හැකිවේවා! රට වැටී තිබෙන ආර්ථික අවපාතයෙන් ගොඩගන්න හැකිවේවා! (නි)
සම්මා සම්බුදු සරණයි ! අභිනව ජනපති තුමනි, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමාට අපගේ ගෞරවය රටට කළ සේවාව වෙනුවෙන්. ඕනෙම කෙනෙකු සම්මා සතියෙන් මිදී සතර අගතියට ගියවිට හිමිවන ප්‍රතිඵලය කටත් පොදුයි. එය ලෝක දහමයි. අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය රටක ප්‍රධාන වියයුතුයි. අපේම සැලසුම් හා ප්‍රතිපත්ති මත රටට ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම මේ අවශතාව බලවත්ව ඇත. රටට ජාතියට ආදරය කරන මානවහිත වාදී ගුණයෙන් පිරුණු මිනිසුන්ම නායකයන් විය යුතුයි. එම චරිත සදානුස්මරණීයයි. සියලු දේ තාවකාලික බව තේරුම් ගෙන කටයුතු කිරීම අවශ්‍යයි. කළ සේවය ගැන සිතා හැමවිටම සතුටුවිය හැකි වියයුතුයි. (ර)
ඔබ කෙරෙහි ජනතාව තැබු විශ්වාසය සුරකින්න. ඔබට සුබ පැතුම්! (නි)
ලෝක ඉතිහාසයට ඔබ එක්වේවි (නි)
ඔබතුමාට මගේ උණුසුම් සුබ පැතුම්! සාධාරණ නීතිගරුක සමාජයක් ගොඩනගමු. (ර)
දේශපාලන ප්‍රතික්‍රියාකාරීන්ටත් මානුෂීයව සළකන්න. (නි)
කෝ දැන් රජරටට බලය යන්නේ නැහැ කියපු අය? (නි)
අපේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. ජයවේවා! සියලු දෙනාටම තෙරුවන් සරණයි..! (නි)
මේ බෞද්ධ රටේ සුළු ජාතිකයන්ටත් නිදහසේ ජීවත්වීමට අවස්ථාව ලැබේවා! ඔබතුමාට උණුසුම් සුබ පැතුම්! (නි)
ජනතා බලාපොරොත්තු ඉටුවෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාට සියලු දෙවි රැකවරණ ලැබේවා! (නි)
අපේ නව ජනාධිපතිතුමාට මගේ උණුසුම් සුබ පැතුම්! හොඳින් රට පාලනය කරන්න . ඔබට ජය ශ්‍රී! (නි)
ගරු මැතිඳුනි, ඔබ සටන්කළේ එසේ මෙසේ චරිතයක් සමඟ නොවේ. රට එක්සත් කළ යුග පුරුෂයකු සමඟය. ඔබට දළදා සමිඳු පිහිටයි! (නි)
ඔබේ මුහුණේ රැදුණු නිහතමානීබව බව සහ අධිෂ්ඨානය අපේ විශ්වාසය තහවුරු කළා. (නි)
ඔබතුමාට සුබ පැතුම්! දැහැමිව රට ගෙනයන හොඳ නායකයෙක් වේවා! (නි)
ඔබතුමා ජයග්‍රහණයෙන් උදම්නොවී හොඳ පාලකයෙක් වෙන්න (නි)