
(සුජිත් හේවාජුලිගේ)
ලබන වසර (2027) සඳහා වන රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන 12 වැනිදා බ්රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
විසර්ජන පනත් කෙටුම්පත(2027) පළමුවර කියවීම සදහා ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
ජනපති අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 13 සිට 20 දක්වා දින හතක කාලයක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 20 වැනිදා සවස පැවැත්වේ.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19 ක් පැවැත්වීමට නියමිතය.
අයවැය අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් 14 පස්වරු 5.00 ට පැවැත්වේ.
අයවැය විවාද පැවැත්වෙන කාල සීමාවේදී පාර්ලිමේන්තුවේ අාරක්ෂාව වෙනුවෙන් විශේෂ අාරක්ෂක වැඩපිළිවෙළක් ක්රීයාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd