රජයට බැරිනම් තමන් ඇතුළු විපක්ෂය 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර පෙන්වන්නට සූදානම් බවත් ඊට බලය ලබාදෙන ලෙසත් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (18) බොරැල්ලේ එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කරන්න පත් කරපු කමිටුව අහෝසි බවට සමහරු රතු එළි දල්වලා තිබුණා. මෙතැන රතු එළියක් නෑ. අපි දැල්වූයේ එජාපයට ගෙදර යන්න කියන රතු එළියයි. අපි රජයට කියනවා දැන් බඩු පැක් කරගෙන ගෙදරයන්න ලෑස්ති වෙන්න. 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රජය කැමති නෑ. ඒ නිසා අපි ඒක ජනතාව වෙනුවෙන් කරලා පෙන්වන්නම්. ඒ වගේම නිදහස් පක්ෂය කඩලා එක්සත් ජාතික පක්ෂයට පාවලා දෙන්න එපා කියලා චන්ද්‍රිකා මැතිණියට වැඳලා කියනවා. මහින්ද - මෛත්‍රී පෙරටු කරගත් ආණ්ඩුවක් පිහිටුවා අපි රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයනවා‘
වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩග්ලස් දේවානන්ද, ඒ.එච්.එම්.හිස්බුල්ලා, ප්‍රභා ගනේෂන් ඇතුළු විපක්ෂයේ සන්ධානගත මන්ත්‍රීවරු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට බලය තියෙද්දී නොකළේ මොකද, දැන් බලය නැතුවම තප්පුලනවා.(ම)
ඇයි මෙච්චර කල් ඉන්නකොට ඕව කලේ නැත්තේ? දැන් කරන මිනිහෙකුට කරන්න දෙන්නෙත් නැහැ. (ර)
මෙයා වැඩ කාරයා. බොරු බැහැ. (ර)
අනේ දිලාන්, ඔයාට පුල්වන්ද රටක් පාලනය කරන්න.(නදී)
ඔබතුමාලා පහුගිය අවරුදු 10 ක් හිටියේ රජයේ නේද? ඔය වගේ දෙයක් පාස් කර ගත්තේ නැත්තේ මොකද? (නදී)
මෙයා විදේශ සේවා ඇමති වෙලා හිටිකාලේ විදේශ සේවා කාර්යාලයෙන් විශාල සේවයක් කළා. මැදපෙරදිග රටවල දුක්විඳි අයටත් අමතකයි. (නි)
ඔන්න තවත් කෙරුමෙක් වේදිකාවට නැගල. විමල්, වාසු, ගම්මන්පිල සන්දානයට අඩුවෙලා හිටියේ මෙයා විතරයි. දැන් එ්කත් හරි නේ. [දැන් බඩු පැක් කරගෙන ගෙදරයන්න ලෑස්ති වෙන්න]...ඇවිත් පොඩි සපෝට් එකක් දෙන්න එහෙනම්. (නදී)
අපොයි අපොයි! අපේ රටේ දේශපාලනයක තරම. (නි)
ආසනය දිනන්න බැරුව ඕවා කොහේ කරන්නද? (නි)
අාසනේ දිනන්න බැරිව ඕවා කොහේ කරන්නද? (නදී)
අාසනේ දිනන්න බැරිව ඕව කොහේ කරන්නද (බ)
ඔයා මොකක්ද අද වෙනකන් කරලා පෙන්නුවේ? ඔය සෙට් එකම මැතිවරණයෙන් දොට්ට දමන්න නම් අපි සූදානම්. ඇයි විසුරුවනවාට බය? (නි)
දෙන්නම වටින නියම කෙනා තමයි මේ.... (නි)
අපි දැක්කා අපි දැක්කා ඇමතිතුමා පහුගිය කාලෙදිම අපි දැක්කා ඔහෙලගෙ කෙරුවාවල්. අපි අන්ධයෝ වෙලා හිටියා කියලා හිතන්න එපා. පිළිකුල කියන වචනයේ තේරුම දන්නවනේ? අන්න ඒක තමයි අපිට තියෙන්නේ මේ කතා අහනකොට (නි)
ඔබද ඉල්ලන්නේ රට පාලනය කරන්න...? අනේ මගේ කට... ! (නි)
කරපු හරිය මදෑ (නි)
අනේ මන්දා අපේ මිනිස්සු කවදා හරිහමන් ඇමති මණ්ඩලයක් හදන්න ඡන්දේ දෙයිද කියලා. මේ කෑගහන අය දැන් අවුරුදු 10-15කින් සමහර අමාත්‍යංශ වල වෙච්ච දෙයක්වත් දන්නේ නැහැ (නි)
නැව පෙරලෙන බව දැනගෙන හිමිහිට මාරු උනා. මහින්ද මහතා මේ වගේ අයගෙන් ප්‍රවේශම් විය යුතුයි. මේ වගේ මියෝ ගැන ජනතාව බලාගනී ඡන්දෙදි (නදී)
අපොයි මෙන්න මෙයාට බාරදෙන්නලු රට! (නි)
ඔබතුමා චන්දේ ඉල්ලන්න හාලි ඇලට එනකන් තමයි අපිත් බලාගෙන ඉන්නේ. (ස)
කරලා පෙන්නපුව හොඳටම ඇති කියල මම හිතන්නේ. (ස)
මෙයා හොඳ වැඩකරු. විදෙස් වල රැකියා කරන සියලුදෙනා මෙයා ඇමතිකාලෙ හොඳින් තේරුම් ගත්ත. කරුනාකරල දැන් ගෙදරටවෙලා විවේක ගන්න මහත්තයො. (ස)
ඔබතුමාලා ඡන්දෙ ඉල්ලගෙන එන්නකෝ එතකොට අපි කරලා පෙන්නම් (ම)
මෙයා එක්ක වාඩිවෙලා ඉන්න සෙට් එක දැක්කම, මේගොල්ලන්ට රට බාරදුන්නොත්? (ස)
හබරල ගාලෙ හැංගුනේ ඒ කාලේ වෙන්න ඇති (නදී)
අවරුදු 10 ක් ම මහින්ද මහත්තයා හිටගනින් කියනකොට හිටගත්තා. ඉන්දගනින් කිවම ඉදගත්තා. ඇත උස්සපන් කිවම අත උස්සපු , කොටින්ම අම්බලන්ගොඩ රුකඩ බවට පත් වෙලා හිටිය මෙයාලද මේ දැන් 20 සම්මත කොරනවා කියන්නේ , විකාර නේද ? අපිනම් රතු එලි නෙවෙයි දල්වන්නේ පන්දම් එලි. මොකද ඊළඟ ඡන්දෙදි දහඅට සන්නිය නටවල හරි මේ බල පෙරේත කුම්බාණ්ඩ වාත සෙට් එක සක්වල ගලින් එහාටම පන්නනවා (නදී)
අනේ මන්ත්‍රීතුමා. රට කරවන්න ඉල්ලන්න කලින් මේ ගැනත් හිතන්න. පසුගිය අවුරුදු 10 ඔය ගොල්ලෝ කරපු ඒවා නිසයි මහින්ද පැරදුනේ. ඔබගේ ආසනයත් පරාදයිනේ තව රට පාලනයටත් කතා කරනවා (නදී)