(නිමල කොඩිතුවක්කු)
මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මෙවර අයවැය රාජ්‍ය අංශයේ සේවකයා සහ පෞද්ගලික අංශයේ සේවකයා අමතක කළ අවමංගල අයවැයක් බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා අද (15) පැවසීය.
මහබැංකු බැදුම්කර වංචාවෙන් ගෙදර යන්න වෙච්ච රවී කරුණානායක දීලා යන්න ගියපු මුදල් ඇමැතිකම මංගල සමරවීරට ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතයෙක් නිසා. ඒ සමීපතයා පාවිච්චි කරලා අද මේ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කිසිදු ආරක්ෂක ප්‍රතිපත්තියක් අනුගමනය නොකර ගමේ පොළ වගේ කරන්නයි මේ හදන්නේ.
ඕනෑම කෙනෙක් ආවා බඩු ටික විකුණ ගත්තා එකතුවෙන කුණු ටික පොලේම දැම්මා ගියා. ඒ වගේ අපේ රට බරපතල ආර්ථික අවදානමකට ලක් කිරීම තමයි මේ මංගල මහත්තයා හදන්නේ.
2018 අවුරුද්දේ අලුත් බදු බලපෑම අනුව එක පවුලකට භාණ්ඩ හා සේවා මත බදු පමණක් මාසයකට රුපියල් 3633ක ගෙවන්න වෙනවා. මේවා තමයි මංගලගේ අයවැයෙන් කොලේ වහලා ජනතාවට ගහපු බදු. මේ බදු අපි ගෙවන්න ඕන.
මේ බදු ගෙවන්න යෝජනා නැහැ. වැටුප් වැඩිවීමක් ආර්ථික සහනයක් ලබාදීම පිළිබඳ යොජනා නැහැ. ඒ නිසා මේ අය ආර්ථිකය හදනවා කියලා අඛණ්ඩව දිගටම කරමින් තියෙන්නේ අලූත් බදුපැනවීම යැයි හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා හදපු ආණ්ඩුවනේ. අපිට කියන්නේ මොකටද?
ලක්ෂ 62 ජනතාවනි, ඔබට බොහොම සතුටුයි නේද දැන්..!
මධ්‍යම පන්තියට බඩේ පහර ගහලා. කාර්සේල් කරුවන්ට තමයි සහන සලසලා තියෙන්නේ. වාහන ගෙන්නන කොම්පැණි එකපාරට කාර් කීයක් ගෙන්නනවද? දුන් පොරොන්දු ඉටුකරලා තියෙනවා.
මේ කට්ටියට අනුව කිසිම රජයක් මෙරටට කිසිම හොඳක් කර නැහැ...
දුප්පතුන්, වියපත් මිනිසුන් සහ රෝගීන් අමතක කල අයවැයක්...
මේ ගොල්ලන්ට ඉක්මණින් අමතක වෙන රෝගයක් තියෙනවා. 2015 බජට් එකෙන් රජයේ සේවකයන්ට රුපියල් 10,000 කින් පඩි වැඩි කළහැටි මේ සහෝදරයටත් අමතක වෙලාවත්ද?
මට හරි ආසයි ඊළඟ මැතිවරණයේදී මේ ගොල්ලෝ ගන්න ආසන ගාන බලන්න.
හඳුන්නෙත්තිට වඩා ගීතා කුමාරසිංහ ඡන්ද ගත්තා නේද?
පුද්ගලික අංශයේ සේවකයන් ගැන ඒ පුද්ගලික සමාගම් වග බලාගත යුතුයි.රජය පුද්ගලික අංශයට බලපෑම් නොකොළොත් හොදයි.
මේ පාර භංග වේවා කියන්නේ කාටද? දැන් භංග කරන්ට අවශ්‍ය සෑම දෙනෙකුටම භංග වේවා කියා අවසානයි නේද? මේ ලඟදි ඉඳල දොස්තරලත් විහින්ම භංග කරගත්ත නොවේද?
මේ කොමෙන්ට්ස් දැක්කම මටත් හිතුන, මේ අයවැයෙන් බල්ලො බළල්ලු ගැන කිසිම දෙයක් හිතල නැහැනේ කියලා.
රජය පෞද්ගලික අංශයට කරන බලපෑම තමයි අත්තනෝමතික විධියට වසරින් වසර බදු වෙනස් කිරීම් සහ බැංකු ණය පොලි අධික ව තබාගැනීම. පෞද්ගලික අංශයේ බොහොමයක් ආයතන ව්‍යාපාර ණය ලබාගන්නවා ,එහි පොලි අනුපාතය අධිකයි එම නිසා බොහෝ විට ලබන ලාභයෙන් 90%-95% ප්‍රමාණයක් හෝ අලාභ සහිතව බැංකු ණය පොලි සහ බදු සඳහා යැවෙනවා. පෞදලික ව්‍යවසායකයාට තම මහන්සියට සතුටු වෙන්න දෙයක් ඉතිරි වෙන අයවැයක් තිබිය යුතුයි .හොඳම උදාහරණය ලංකාවේ බැංකු ලබන ලාභ. බැංකු මෙතරම් ලාභයක් ලබන්නේ වැඩි පොලියට පෞද්ගලික ව්‍යවසායකයාට ණය ලබාදීමෙන් .එය අයවැයක් හරහා වෙනස්කලයුතුයි
රජයේ සේවකයෙකුගේ වැඩක් කර ගන්න ගියාම හෝ කල සමහර වැඩ නිසා රජයේ සේවකයා පමණක් නොව උන්ගේ දෙමව්පියන්ද අපිට මතක් වෙන අවස්ථා ඇත.
මෙතුමාට 2015 අයවැය අමතකවෙලා එයින් රජයේ සේවකයාට අවම වැටුප 10000 කින් වැඩිකලා 10000 ලැබුනේ පහලම සේවකයාට අනෙක් අයට තනතුර හා සේවාකාලය අනුව විශාල ලෙස වැටුප් වැඩිකලා සමහර තනතුරකට 20000 ටත් වැඩියෙන් ලැබුන එහෙම කලාම අවශ්‍ය මුදල් සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් ගන්න වෙනවා කියල මෙතුමා දන්නේ නැහැ