වහා ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් පිළිපැදිය යුතු නව කොන්දේසි මාලාවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් පනවා තිබේ.
ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන් මහජන දිනය ලෙස වෙන් කර ඇති බදාදා කාර්යාලයයේ රැඳී සිටීම අනිවාර්යය වේ.
මහජනතාව යොමු කරන ලිපි සඳහා සතියක් ඇතුළ ලිපිය ලද බවට දැනුම් දිය යුතු වන අතර මාසයක් ඇතුළත ඊට පිළිතුරු යැවීම අනිවාර්ය බව ද නව චක්‍රලේඛයේ සඳහන්ය.
මහජන ලිපිවලට පිළිතුරු යැවීමේ දී ලිපිය ලද භාෂාවෙන්ම පිළිතුරු ලිපිය ද යැවිය යුතුය.
විශාල ලෙස මුදල් යොදවමින් හා රාජ්‍ය දේපලා යොදවමින් උත්සව පැවැත්වීම ද තහනම් කර තිබේ.
එම කොන්දේසි නොපිලිපදින රාජ්‍ය සේවකයන් සඳහා විනය පියවර ගන්නා බව ද නව චක්‍රලේඛයේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරී වේලාවේදී, ජංගම දුරකථන පාවිච්චිය සීමාකරන කොන්දේසිත් පනවන්න. පරක්කුවෙලා එන, කලින් ගෙදර යන, හොරෙන් පැනලා යන අය අල්ලන්න පුද්ගලික කොම්පැනියකට දෙන්න. රාජකාරී වාහනවල ජී.පී.එස්. හයිකරන්න. (නි)
රාජ්‍ය සේවකයින් පාලනය කරගන්න මේ වගේ නීති රීති හදන්නේ ඉහළ නිලධාරීන් විසින්. දක්ෂ නිලධාරියෙකුට තමන්ගෙ යටත් නිලධාරීන්වත් සේවකයින්වත් පාලනය කරගන්න අවශ්‍ය හැකියාව වගේම මේ වගේ නීතිරීතිත් තියෙන්න ඕනෑ.ඒ වුණත් රජයේ කාර්යාලයකින් ඉටුකෙරෙන සේවාවක ගුණාත්මකභාවය රඳාපවතින්නෙ ඒ කාර්යාලයේ ප්‍රධානියාගෙ දක්ෂකම මත මිසක් නීතිරීති වල තියෙන දැඩිභාවය මත නම් නෙමෙයි කියලයි මම හිතන්නෙ. (නි)
වජිර කියන කථාව හරි කියල මමත් කියනව. ඉන්ජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් එක තැනක ඒකාකාරී රාජකාරියක් කරන අය නෙවෙයි. ඔවුන්ට රාජකාරි වෙලාවකුත් නැහැ. වැඩේ කරනව මිසක් දවල්ද රෑද කාර්යාලයද ගෙදරද ක්ෂෙත්‍රයෙද අවුවද වැස්සද කියල බලන්න බැහැ. හැබැයි ඒ බව සමහර පරිපාලන නිලධාරීන්ට තේරෙන්නෙ නැහැ. (කේ)
නිකන් පඩි ගන්න අයට හොද වැඩක්. (ර)
පඩි වැඩිවීමයි උසස්වීමයි ගැන කතාකරනකොට විතරයි ආණ්ඩුවේ සේවකයන් අවදිව ඉන්නේ. බලන්න අපි කොයි වෙලාවේ කාර්යාලයකට ගියත් එක්කෝ නිවාඩු , නැත්නම් තාම වැඩට ඇවි්ලලා නැහැ. එහෙමත් නැත්නම් කෑම පැයේ එළියට ගිය ගමන් තවම නැහැ. කවදාවත් ගන්න පඩියට සෑහෙන්න වැඩ කරනවද? අතළොස්සක් ඇති. ඒත් බහුතරයක් සේවක ඵලදායිතාවය ගැන අහලාවත් නැහැ. හැමදාම කරන්නේ මොන ආණ්ඩුව ආවත් වැඩ නැතුව පඩියක් බලාපොරොත්තුවෙන එක විතරයි. (නි)
පඩි වැඩිවීම ගැන නම් කතා කරනවා. නමුත් ඒ පඩියට හරියන්න වැඩක් කරනවද? වැඩිය ඕනෑ නැහැ. විශ්‍රාම වැටුප් හදාගන්න එන වයසක උදවියට කතාකරන හැටි අන්තිම අප්‍රසන්නයි. තමනුත් කවදාහරි පෙන්ෂන් යනවා කියලා හිතන්නේ නැහැ. ලෝකේ ඉතාම අනාචාරශීලි රාජ්‍ය සේවය තියෙන්නේ ලංකාවේ. සේවාවක් බලාපොරොත්තුවෙන් එන මහජනයාට කතාකරන්න දන්නෙම නැති උද්දච්ච කොට්ඨාශයක්! සමාවෙන්න මෙහෙම කිව්වාට. ඒත් මේක තමයි ඇත්ත. (නි)
රැකියා සඳහා පුද්ගලයන් තෝරාගන්නේ දේශපාලන සුදුසුකම් බලලා. ඉතින් දුරකතනයකින් ආචාරශීලීව කතාකිරීම, පුංචි පහේ ඊ-මේල් එකක් යැවීම, ඉංග්‍රීසියෙන් එන ලියුමක් කියවා තේරුම් ගැනීම තරම් පොඩි දෙයක්වත් සමහරුන්ට බැහැ. ඔක්කොටම කලින් ඉහත අදහස් වලින් කිව්වත් වගේ මහජනයාගේ ඇඟට ගොඩනොවී ආචාරශීලීව කතාකරන හැටි මේගොල්ලන්ට උගන්වන්න ඕනෑ. ඊටපසුව බැරියෑ පඩි පිට පඩි දෙන්න (නි)
වැඩිය දේවල් ඕනෑ නැහැ. මේගොල්ලන් ආණ්ඩුවේ චක්‍ර ලේඛනයක් ආවාම ඒකේ තිබෙන දේවල් ගැනවත් දැනුවත් නැහැ. අනේ මන්දා! පඩිය වැඩිවීම ගැන නම් බොහොම උනන්දුයි. ඒත් වැඩ නැහැ. (නි)
ගුරුවරියක් වන මගේ නැන්දාගේ විශ්‍රාම වැටුප හදාගන්න මමත් ඇයට තනිවට උදව්වට ගියා. දවස් 4 ක් ගියා. කාර්යාලයේ ෆයිල් එක බාර ක්ලාර්ක් නෝනා එක දවසක් බබා පාසලෙන් එක්ක එන්න ගිහින්. අනෙක් දවසේ කාර්යාලයේ කෙනෙකුගේ නෑදෑයෙකුගේ මළ ගෙදරක ගිහින්. තුන්වෙනි දවසේ අසනීප නිවාඩු. හතරවෙනි දවසේ හිටියා. දවස් 4 ක් ඇයව හමුවෙන්න ආවා කිව්වාම මගේ නැන්දාගේ වයස බලන්නේ නැතුව ඇඟට කඩා පැන්නා. ඇයි ඔයා පැය 24 ම ඉස්කෝලේද හිටියේ උගන්වන කාලයේ? උවමනාවකට එළි පහළියට ගියේම නැද්ද ඇහුවා. ඔන්න රාජ්‍ය සේවය ! (නි)
රාජ්‍ය බැංකු වල ඉන්නේ විශේෂයෙන් පසුගිය කාලයේ දේශපාලන පත්වීම් ලැබූ කට්ටිය. කණගාටුයි මෙහෙම ලියන්න වුණාට. මුදල් කවුන්ටරේ ඉන්න ගමන් උදේ කෑමට බනිස් ගෙඩියක් කන ගමන් මුදල් ගණන් කරනවා. මේ මිනිසුන්ට වෘත්තීය පුහුණුවක් දීලා නැද්ද මන්දා. (නි)
රාජ්‍ය සේවකයින් සහ නිලධාරීන් කියලා කොටස් දෙකක් ඉනන්වා. මේ කොන්දේසි සේවකයින්ට. උසස් නිලධාරීන් කරන නොමනා ක්‍රියා කාටවත්ම පෙනෙන්නෙ නැහැ. නිලධාරීන් හරියට වැඩ කරනවා නම් සේවකයොත් හරියට කරාවි. දේශපාලනඥයින්වත් මහජනතාවත් සේවකයිනුත් ගොනාට අන්දවන්නෙ උසස් නිලධාරීන් විසින්. දේශපාලනඥයින්ගෙ උදව්වෙන් උසස් තැන්වලට එන නිලධාරීන් තමන්ගේ කටයුතු කරගන්නවා. රටේ දේශපාලනය මොකක් වුණත් එයාලගෙ වැඩ ටික කරගන්නවා. සියලුම වරප්‍රසාද භුක්ති විඳිනවා විශ්‍රාම යනතෙක්ම. ඊට පස්සෙත් එහෙමයි. හොඳට හොයලා බලන්න. දේශපාලනඥයා ඡන්දෙන් පැරදුනොත් ගෙදර. නිලධාරියා??? (නි)
මැති ඇමතිවරුත් අයත් වන්නේ රාජ්‍ය සේවකයන් හැටියට නිසා සියල්ලන්ටම කලින් උත්සව තහනම් කළයුත්තේ මැති ඇමතිවරුන්ට. මොකද කිසිම තේරුමක් නැතුව පාසල් දරුවන් හෝ තරුණ දැරියන් යොදාගෙන පෙරගාමී නැට්ටුවන් ලෙස නටමින් ඇමතිවරු දක්කාගෙන යන දසුන කොතරම් ජුගුප්සාජනකද? (නි)
සියල්ලම කතා කරන්නේ රජයේ සේවකයාගේ අඩුපාඩු නමුත් ගන්න පඩිය කියාද එකෙන් දරුවෝ දෙන්නෙක් හදාගෙන ගෙයක් හදන්න පෙන්සන් යනකනුට් බෑ රජයේ සේවකයා පෙන්සන් යනවිට බාගෙට හදපු ගෙයි බාගෙට උගන්නපු ළමයි විතයි ඉටුරුවෙන්නේ හරියට කලොත් නේ (ම)
ලියාපදිංචි තැපෑලෙන් ගිය ලියුම් සමග අදාල ලිපි ගොනුව අස්ථාන ගත වෙනවා නම් ? දඩුවම මොකක්ද ?(ත)
නියමයි. (ත)
රාජ්‍ය සේවය කියන්නෙන් උතුම් දෙයක්.නමුත් ඒක හරියට තේරුම් ගත්තේ නැති කෙනා තමයි අාචාරශීලී නැතුව හැසිෙරන්නෙ. සෑම මිනිෙසක්ම තමාට හා සමානව ගරුත්වයක් තියෙනවා කියල හිතන්න. ගුණ ගරුක රජෙය් නිලධාරීන් ඉන්නවා.ඹවුන්ව අගය කිරීමක් නැහැ (ම)
රාජ්‍ය සේවයේ ළුලදායිතාව වැඩිනම් අපේ රට මීට වැඩිය දියුණුවකට පත් වෙලා. පුද්ගලික අංශයේ සේවකයෙකු හතර පස් දෙනකුගේ වැඩ කරනවා. අඩුවෙන් නිවාඩු ගන්නේ. නියමිත වෙලාවටත් කලින් වැඩට ඇවිත් ආයතනයේ අවශ්‍යතාවකට රාත්‍රී වෙනකන් වුණත් වැඩ කරන්න ලෑස්තියි. ලාභ සඳහා වෙහෙසෙනවා . ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබා දෙනවා. දවස් අවසානයේ ඔවුන් ඇත්තටම තෘප්තිමත් . හොර බොරු නැති කාර්යක්ෂම ආයතන සේවකයෙකු වීම තරම් නම්බුකාර හෘද සක්ක්ෂියක් තවත් නැහැ. (ම)
හරියට හරි, මෙයාල පොඩ්ඩ බැරිවෙනකොට උද්ඝෝෂණ, හැබැයි මහජනතාව වැඩක් කරගන්න ගියාම රෙස්පොට්.(බ)
චක්‍ර ලේඛයට ඇතුලත් කරන්න එක දෙයක් අමතක වෙලා. මෙය සෑම ආයතනයකටම අදාල නැතත් සුවිශේෂ වූ ආයතන කිහිපයකට අනිවාර්යයෙන් මෙය නිර්දේශ කල යුතුයි(ම)
රාජ්‍ය සේවය උතුම් ඒත් මම දරුවාගේ උප්පැන්න කොපියක් ගන්න ගියා. මුල් උප්පැන්නයට වඩා නම වෙනස් කරල ඒ කොපිය දුන්නේ ඒ සැරේ නම වෙනස් කරන්න සල්ලි බැදල ආවා. 2014 අවුරුද්දේ ගිය තවම මාලිගාවත්තෙන් නම හදල එවල නැතිලු.(ම)
මේ වැඩේනම් බොහොම හොඳයි මහජන මුදලින් පඩි ලබන සියලු ඇත්තෝ මේ රීතියට යටත් කරන්න ඕනි. බොහෝ වේලාවට මේ රජයේ කාර්යාල වලින් වැඩ කරගන්න වැඩිපුරම යන්නේ නැති බැරි දුප්පත් මිනිස්සු. සමහර අය බස් ගාස්තුව හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්. ඔෆිස් එකට ගියාම රස්තියාදු කරනවා මදිවට ඇතුල් වෙන ගේට්ටුවේ ඉන්න මුර මහත්තයාගේ ඉඳන් සියලු ලොක්කන්ට ඉහලින් ඉන්න කා.කා ස දක්වා ඉන්න ඔක්කොම මහතුරු නොනලා ගේ රැස්පොට් බලන්න ඕනි. අපි වගේ රටක් දියුණු වෙන්න නම් රාජ්‍ය සේවයේ කාර්යක්ෂම තාව වැඩි කර ගැනීම ඉතා වැදගත් මොකද තවමත් බහුතරයක් සේවා, හා අත්‍යවශ්‍ය සැපයුම් අංශ කිරියාත්මක වෙන්නේ රාජ්‍ය ආයතන හැටියට, ඒ නිසා ඒවල කාර්යක්ෂමතාව සෘජුවම පුද්ගලික අංශයේ හා මහජනතාවගේ කාර්යක්ෂමතාවයට හා බලපානවා. දැන්වත් අපේ රටේ මිනිස්සු සැලකිලිමත් වෙන්න ඕනි තමුන් කෑමට ගන්න ළුණු ගෙඩියටත් ගෙවන බදු සල්ලි වලට නියම වටිනාකමක් ලබා ගන්න . (බ)
යහපාලනේ ප්‍රතිපල දියුණු රට කෑමෙන් පෙනේ(බ)
මොකද්ද සමන්ත දිලාන් ට තියන ඉරිසියාව ? සමහර රජයේ සේවකයන්ට වගේ නිකම් අයිස් ගහල පඩි ගන්න බැරි එකද ? (ස)
මේ රටේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද? (නදී)
ඉගන ගත්ත සමහර මිනිස්සුන්ට දෙකේ පන්තියේ ළමයෙක්ගේ තරම්වත් දැනුමක් නැහැ.ඒ වගේ කොට්ටාශයක් හින්දා තමයි පොදුවේ හැමෝටම බැටකන්න සිද්ද වෙලා තියෙන්නේ.(ම)
ඔය එක්කම ආචාරශිලිව මහජනයා ව අමතන හැටි පුහුණුවක් දෙන්න. සිරිත් විරිත් මෙලෝ දෙයක් දන්නේ නැහැ. සමහරු කිවිසුම් අරිනකොට ලේන්සුවක් නැති නම් අතින් මුඛ ප්‍රදේශය වසා ගන්න දන්නේ නැහැ .(බ)
උදේට පරක්කු වෙලා වැඩට එන, කෑම පැය "කෑම දවසක් " කරගන්න , නියමිත වැඩ භාගෙට දමල ගහලා නිවාඩු ගන්න අයගේ පඩියෙන් කපන්න ඕන . පුද්ගලික අංශයේ මිනිස්සුත් වැඩට එන්නේත් රජයේ සේවකයන් වැඩට එන කෝච්චියේ බස් එකේ එල්ලිලා. නැතිව ප්‍රයිවට් ජෙට් එකකින් නෙවෙයි. අඩු ගානේ උදේට වෙලාවට වැඩට එන්න බැරි රාජ්‍ය සේවකයෙකුගෙන් ගෙන් වැඩක් තියනවද ? (ම)
මේකට විරුද්ධවත් දැන් උද්ඝෝෂණ කරාවිද දන්නේ නැහැ (නි)
කතාව දෝලාවෙන් ගමන පයින්! (නි)
මේ තීරණය ගොඩක් වටිනවා (නදී)
ඉතාමත් වටිනා යෝජනා කිහිපයකි. මෙය ක්‍රියාත්මක කරවීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම වැදගත්. (නි)
විනය ආයතන ප්‍රධානීන්ගෙන් පටන්ගත යුතුයි. (ම)
ඩිලාන්ට හොඳටම ඊර්ෂ්‍යා හිතිලා..! (නි)
අද දේශපාලකයන් කියන දේවල් වලින් එකිනෙකාව විවේචනය කරනවා, එහෙම බැලුවම දෙස්පාලකයන්ගෙන් මේ රටට කවදාවත් කිසිම වැඩක් වෙලා නැ ,, ?????????(ම)
ඇත්තටම වැඩ පිළිවෙල හොඳයි. නමුත් රාජ්‍ය සේවක සුබසාධනය ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. වැටුප් විෂමතාවය තියනවා. තෘප්තියකින් නෙමෙයි ගොඩ දෙනෙක් වැඩ කරන්නේ. හැබැයි ඒ අතුරින් ඉන්නවා තම රාජකාරිය නිර්මාණශීලිව ඉටු නොකරන අලස පොස්ටර් ගහලා රාජ්‍ය සේවයට ආපු කොටසකුත්. (ම)
විශේෂයෙන් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වලටත් මේ වගේම චක්‍රලේඛනයක් යවන්න ඕනෑ පක්ෂග්‍රාහී නොවී සාධාරනව යුක්තිය ඉටුකරලීමට සහ ශීලාචාර විදියට කතා කිරීමට
රාජ්‍ය සේවකයින් අතරින් අතලොස්සතගේ ක්‍රියාකලාපය සමස්ත රාජ්‍ය සේවයටම ආරෝපණය කිරීම ඉතාමත් වැරදියි. ග්‍රාමීය මට්ටමින් රජයේ සේවකයා රටේ දුප්පත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කරන මෙහෙවර ඉතා විශිෂ්ඨයි. මේ රටේ මැතිවරණ ඉතාමත් අපක්ෂපාතීව පවත්වා බහුතර ජනතාවගේ කැමැත්ත ත්‍රියාමක කරනුයේ රාජ්‍ය සේවකයා බව අමතක කරන්න එපා.(ම)
ඩිලාන් හරියටම හරි. (නි)
ඉතා හොඳයි (නි)
සම්පත් වන්නි ආරච්චි කියන හැටියට එහෙනම් අවුරුදු ගානකට වරක් රජයේ සේවකයන් වැඩක් කියල දෙයක් කරන්නේ මැතිවරණයක් පවත්වෙනකොට විතරයි. (ස)
මන්ත්‍රී,ඇමතිවරුනුත් රාජ්‍ය සේවකයන් වශයෙන් සළකා කොන්දේසි මාලාවක් යටතේ ක්‍රියාත්මක නොවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. රටේ බොහෝ ප්‍රශ්න වලට එයද හේතුවකි.(කේ)
මම කියන්නම් නුසුදුසු උදවිය දේශපාලන බලයෙන් රජයේ රැකියා ලැබීමේ ප්‍රතිපල. අපේ ගමේ ඉන්නවා. සාපෙ ල ගණිතය අසමත් එත් පියා ක්‍රියාකාරී දේශපාලනයට සහයෝගය දුන් නිසා රාජ්‍ය බැංකුවක රැකියාවක් ලැබුන මෝඩ පහේ තරුණයෙක්. මසකට පමණ උඩදී ගමේ දෙදෙනෙකු අතර සිදුවූ පරණ ණය ගනුදෙනුවක් ගැන ප්‍රශ්නයක් ඇති වුනා. . මේ තරුණයා තමන් අඳුනන අර එක පාර්ශවයකට කියල "ඔය මිනිහ අතේ සල්ලි නැහැ කියන්නේ බොරු. බැංකුවේ මෙන්න මෙච්චර ආසන්න ගානක් සල්ලි තිබෙනවා" කියල . දැන් පේනවානේ නුසුදුස්සන් රාජ්‍ය අංශයේ රැකියා ලැබීමේ ප්‍රතිපල. (ස)
සම්පත් වන්නි ආරච්චි ට රාජ්‍ය අංශයේ වැඩ කරන අතලොස්ස සහ හරි හමත් වැඩක් නොකරන බහුතරය පැටලිලා වගේ. ඔයගොල්ලන් වැඩ කරන්නේ අවරුදු ගානකට වරක් එන මැතිවරණ දවසේ විතරක්ද සම්පත් ? (ස)
සම්පත් ඔයා ඔය කියන අතලොස්ස ඉන්නේ ලංකාවේ රාජ්‍ය සේවයේ නම් නෙවෙයි. මගේ ඉසකෙස් පැහෙනකන් රජයේ කාර්යාල වල නොයෙක් වැඩ කටයුතු කරවා ගැනීමට කරක් ගසා ලත් අත් දැකීම අනුව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අන්තිමයි. ! (ස)
ඩිලාන් මහතා හරියටම හරි.ආචාරශීලීභාවය පිළිබඳව වෙනමම පාඨමාලාවක් දෙන්න වෙයි. මගේ අත්දැකීමක්. රජයේ කාර්යාලය මම ගියා වැඩක් කරගන්න. දැන් ඉන්න අය වයස නොබලා මචං කියලත් කථා කළා. මහත්මයා කියා ඇමතීමට පුරුදු කළයුතුයි. කුමන සේවයක හෝ ගරුත්වය රැකිය යුතුයි. කාර්යාලයේ ලොක්කා කියන කෙනාගේ ඇඳුම පිළිවෙලකට නැහැ. වැඩක් කරගන්න ගිය විට බලන්නේ හතුරෙක් පැමිණ ඇති ලෙසටයි. ගැටලුව නිරාකරණය කරගැනීමට ප්‍රශ්න අසනවාටවත් කැමැති නැහැ. සවන්දෙන්නත් ඉගැන්විය යුතුයි. (නි)
හොඳම හොඳ වැඩක් නමුත් කරනකොට කොහොම වෙයිද දන්නේ නැහැ (බ)
අවංකවම මේ දේ නම් ගොඩක් හොඳයි (නි)
බොහොම හොඳ ක්‍රියාවක්. වචනයෙන් නොවේ ක්‍රියාවෙන්ම ආදර්ශය ලබා දෙන්නේ නම් මැනවි. වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව නම් මුල ඉඳලම හදන්න ඕනෑ. නීතිරීති සියල්ල නැවත ප්‍රතිස්තාපනය කරන්න ඕනෑ කාලයට ගැළපෙන විදිහට. රේගු දෙපාර්තමේන්තුවත් හොඳින් ප්‍රතිසංවිධානය කරන්න ඕනෑ.අපහසුවක් වූ විට සහනයක් ලබාගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි. (නි)
රාජ්‍ය සේවකයන්ගේ සියලු දෝෂවලට හේතුව විශ්‍රාම යන බව අමතකකර වැඩ කිරීමයි (නි)
මේ කොන්දේසිත් සමගම 2015 සම්මත වූ අයවැය යෝජනාවලට අනුව රාජ්‍ය සේවක අවම වැටුප 2015 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි රු.15000/- කළ යුතුයි. මේ යහපාලනය එය අමතක කර රජයේ සේවකයා සීනිබෝල දී රවටන්නට යනවානම් ඒක ඒ තරම් හොඳ දෙයක් නොවේවි. (කේ)
කාර්යාල වෙලාවේ shoping යන එක.(කේ)
මේව අලුත් දේවල් නොවෙයි. කලින් සිටම පැවති දේවල්. 2007 වර්ෂයේදි විතර කරු ජයසූරිය ඇමති තුමා රාජ්‍ය පරිපාලන ඇමති වරයාව සිටි කාලයේදී පුසවැසි සේවා ප්‍රඤප්තිය කියල එකකුත් ගෙනාව. ඒක ඉතාම හොඳ දෙයක් ඒත් අද ක්‍රියාත්මක නැහැ.ක්‍රියාත්මක විය යුත්තේ එයයි. මෙය ගරු ඇමති තුමාට මතක් කිරීමක්. නිලධාරින් මහජන දිනයේදී කාර්යාලවල ඉදිල වැඩක් නැහැ මහාජනයාට අවශ්‍ය සේවාව නොලැබෙනවනම්. මොකක් හරි වැඩක් කරගන්න ගියහම අදාල නිලධාරින් ලිපි කට්ටලය සම්පූරර්ණයෙන් බලන්නෙ නැහැ. කඩදාසි 10 ක් තියෙන කට්ටලයක දෙවැනි කඩදාසියෙ අඩුපාඩුවක් තිබුණොත් ඒක සදහන් කරල හදාගෙන එන්න කියනව. තුන්වෙනි කොලේ ඉදල බලන්නේ ඊ්ට පස්සෙ. ඔය යිෂිටට නඩදාසි 10 ට කී පාරක් යන්න වෙනවද. හැබැයි මේ කථාව සියලුම රාජ්‍ය සේවකයන් ගැන නොවෙයි. හොද ලේ තියන මිනිස්සු අතර ඉන්න අමනුෂ්‍යන් කරන දේවල් තමයි. (කේ)
ගුඩ් වෙරි ගුඩ් ප්‍රයිවට් සෙක්ටර් වගේ සැලරි හදන්න ඕනේ.බෙසික් ඉන්සෙන්ටිව් ටාර්ගට් අලවන්සස් මෙවා අනුව.සුලු සේවකයා ටාර්ගට් කවර් නොකලොත් ලොක්කගෙ ඉන්සෙන්ටිව් හදන්නෙත් නැහැ.කට්ටියම එකතු වෙලා තමයි වැඩ කරන්න ඕනේ. (කේ)
ඩිලාන් හරියට හරි. 99 % ක්ම එහෙම තමයි. එහෙත් මෙම නීති මාලාව දැනටත් පවතින නීති මාලාවක් බව හැම රජයේ සේවකයෙක්ම දන්නවා....... (කේ)
ඔය අදහස් පළකරලා තිබෙන මහත්වරු සමස්ත රාජ්‍ය සේවයේ ඉන්න සියලුම දෙනාව ඇතුළත් කරගන්නේ නැත්නම් හොඳයි. සුළු පිරිසක් ඒ විදියට හැසිරුනා කියලා හැම කෙනෙක්ම එහෙම නැහැ.හිතලා මතලා කතා කරනවා නම් හොඳයි (නි)
පඩිය ගැන විතරයි එයාලා උනන්දු (නි)
මේක හැම අංශයකටම ගැලපෙන්නැහැ.උදා; ඉන්ජිනේරුවන්ට, තාක්ෂණ නිලදාරීන්ට (බ)