ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අංගයක් වන මානව හිමිකම් සුරැකීම ශ්‍රී ලංකාවේ නැතැයි ද, යුක්තිය හා සාධාරණය ඉෂ්ට කර ගැනීම ඊටත් වඩා අමාරු යැයි ද, රජයේ දේශපාලන මාර්ගය හැර වෙනත් දේශපාලන ගමනක යෑම භයානක යැයිද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානයේ නායක සරත් ෆොන්සේකා මහතා ගම්පහ පක්ෂ කාර්යාලය විවෘත කරමින් පැවසීය.
රටට යහපතක් වන්නට නම් ජනතාව නොරවටන, ජනතාවගෙන් නොයැපෙන අවංක දේශපාලඥයන් සිටිය යුතු බව ද ෆොන්සේකා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාටත් ආසාවක් තියෙනවාද රට හදන්න? එහෙනම් යමුකෝ බලන්න. (නි)
අසම්මත දේශපාලනයෙන් රට ගලවා ගන්න නම් මෙතුමා බලයට ගෙන ආ යුතුයි. එහෙත් ඇයි මේ සමහරු මෙතුමාට බනිනේ? මෙතුමා කළ වරද මොකක්ද? අසාධාරණයට විරුද්ධව කතාකිරීමද? ජෙනරාල්තුමනි, ඔබගේ ගමන ඉදිරියටම යන්න, සියල්ලන් විප්ලවවාදීන් නොවේ, බහුතර බියගුල්ලන් අතරේ වීරයන් සිටින්නේ සුළු පිරිසකි. අපේ ජනතාවට නුවන පෑදේවා! (නි)
මට මතක් වෙනවා එක්තරා දේශපාලන පෙළපාලියක ගර්භනී මවුවරුන් පිරිසක් උස්සාගෙන ගිය විරෝධතා පුවරුවක තිබුණායැයි කියන කතාවක්. "කවුරු කළත් මෙහෙම තමයි" ඒකම තමයි අපිටත් කියන්න තියෙන්නේ මේ හැමදේටම. (නි)
අපි ඔබ එනතුරු බලා සිටිමු... (නි)
එරංග, ඔබේ අදහස තේරුම් ගන්නවත් මොලයක් ලංකාවේ ඉන්න මොළ හෝදපු මෝඩයින්ට නැහැ. මෙතන තියෙන අදහස් දැක්කම ඒක තේරෙනවා. (නි)
දැනට විශ්වාසයක් තියන්න පුළුවන් කියන දේ කරන,කරන දේ කියන කෙනා ඔබතුමා විතරයි, අපිට. රට කම්බ හොරුන්ගෙන් නිදහස් කර ගැනීමට පුළුවන් කෙනාත් ඔබතුමා පමණි. (නි)
අපිට මිනිස්සුන්ට ලේ දෙන්න පුළුවන්. නමුත් මොලේ දෙන්න බැහැනේ. (නි)
අපිට ජීවත් වෙන්න අමාරුයි. කරන්ට් නැහැ ,වතුර නැහැ, ගෑස් නැහැ. ඔක්කොම ගිනි ගණන්. ඒත් අපි එයාලටමයි කැමති. (නි)
දිනන්න විරුවාණනි. ඒ වුණාට ප්‍රවේශමෙන්. (නි)
සුළු සුළු වාසි වලට කෑගහන අය මොන තරම් ඉන්නවද කියලා මෙතන ප්‍රතිචාර දක්වලා තියෙන අයගෙන් තේරුම් ගන්න පුළුවන්. (නි)
මිනීමරු ප්‍රබාකරන්ගෙන් රට නිදහස් කර ගත්තට වඩා විශාල කැපවීමක් කරන්න සිද්ද වේවි මේ කම්බ හොරුන්ගෙන් රට නිදහස් කර ගැනීමට. (නි)
අපේ කාලේ රජවරුන්ගෙන් පසු ඉතා පිරිසිදුම දේශපාලකයෝ සිටියේ දෙදෙනයි. ගරු ඩි.එස්. සහ ඩර්ලි සේනානායක දෙදෙනා. උපතේදී දැවැන්ත දේපලක් හිමි ඔවුන් මිනිසුන්ට සේවය කර අවසන රුපියල් 50 බැංකු තැන්පතුවක් පමණක් ඉතිරිවී මියගියා (නි)
කෝලිත . අවංක දේශපාලකයෝ කියලා හිටපු අය මැරිලා , උපදින්න ඉන්න අය තවම ඉපදිලා නැහැ. (ස)
s -සොරි f -ෆොන්සේකා...(නදී)
ඔබතුමා ඉතාම කෙටි කාලයකදී මේ ජරා දේශපාලඥයන් මගේ මවුබිමට කරපු දේවල් ගැන හොඳ අවබෝදයක් ලැබුවා. හැමදාම බොරු කියල රට වැසියා නොමග යවලා බලයට එන මේ කුහක දේසපාලකයන්ගෙන් අපේ රට බේරලා දෙන්න. ඔබතුමා කෙරෙහි රට වැසියන් විසාල පිරිසක් බලාපොරොත්තු තියන් ඉන්නවා. (නදී)
ආයෙත් ඔබතුමාට ප්‍රශ්න ඇතිවෙයිද මන්දා? (නි)
ගිය පාර ලබුණ ඡන්ද ටිකත් නැතිව යි.මුළු ගම්පහෙන්ම ඔය ඉන්න ටික තමි ඔබට ලැබෙන්නේ.(අ)
ඔබතුමාගේ ආර්ථික, අධ්‍යාපන, රැකී රක්ෂා, කෘෂිකර්මාන්ත සහ බලශක්ති ප්‍රතිපත්ති මොනවාදැයි අහන්න ආසයි අපිට. (නි)
දකුණු පළාතේ බෝම්බ පිපිරීම් ,මිනීමැරුම් වැඩි වෙලා . පාතාලය , වංචාව ,දුෂණය මර්දනය කිරීමට ඔබතුමාට ශක්තිය තිබෙනවා. කරුණාකර හොර දේශපාලකයන්ගෙන් පරිස්සම් වෙන්න (නි)
අපි අවුරුදු 30 හිටියා වගේ තව 30ක් ඉමුකෝ. (නි)
මෙතන සමහර අයගේ අදහස් දැක්කම හිතෙනවා මොලේ ඇති අයද මේ අදහස් දාන්නේ කියලා.දැන් රට තියෙන භයානක තත්වයෙන් ගොඩ ගන්න විරුද්ධව එන ඕනෑම කෙනෙක්ව සාදරයෙන් පිලිගන්න අපි ලැහැස්තියි. නැත්නම් අපේ අනාගත දරුවන්ට රටක් නම් ඉතිරි වෙන එකක් නැහැ. (නි)
මෙතුමා බලයට ගන්න නොලැබීම අපේ අනාගත දරුවන්ගේ අවාසනාව කියලයි මම නම් හිතන්නේ. ඉතියෝපියාවක්, සෝමාලියාවක්,බංගලිදේශයක් තමා අපිට අපේ අනාගත දරුවන්ට දායාද කරන්න සිද්ධ වෙන්නේ. (නි)
මෙතුමා යුද්ධ කළේ කොළඹ අධි ආරක්ෂිත කලාපයේ මන්දිර වල ඉදගෙන නෙමෙයි. කටින් නෙමෙයි. යුද්ධය දිනුවේ මරණය පෙනී පෙනි ඉදිරියට ගිහින් යුධ නායකත්වය දුන්න නිසයි. (නි)
විශ්‍රාම යන්න ඔන්න මෙන්න කියල ඉද්දි ගෝඨාභය අනිත් අයගෙන් බැනුම් අහගෙන හමුදාපති කම දීල වැඩ ටිකක් ගත්ත ඇරෙන්න මෙයා ගෙන් වැඩ ගන්න එක අමරුයි . දැක්කනේ ජවිපෙයි මංගලයි මෙයා ගෙන් වැඩ ගන්න ගිහින් වෙච්ච දේ .(නදී)
අවංක දේශපාලකයෝ කියලා හිටපු අය මැරිලා , උපදින්න ඉන්න අය තවම ඉපදිලා නැහැ. (නි)
හෙලයේ මහා සෙනවි විරුවාණෙනි, හෙලබිමේ ඔබතුමන් කියන ඔය අනගි ගුන දම් පිරි නායකයින් පිළිබද කාර්යය ඔබතුමාට බාරයි. (නි)
අපිට ජීවත් වෙන්න අමාරුයි. කරන්ට් නැහැ ,වතුර නැහැ, ගෑස් නැහැ. ඔක්කොම ගිනි ගණන්. (නි)
රජයේ අනවශ්‍ය වියදම් පියවගන්නේ අරක්කු,සිගරට් මිල වැඩි කිරීමෙන්. මේවට ඇබ්බැහි වුවන්, අඩුවට කසිප්පු, බීඩි බොනවා. අකාලයේ මියයනවා. කුඩු රටට එනවා. රජවරු යහතින් වැජඹෙනවා. කුඩිඩෝ නිසා හිරගෙවල් පිරෙනවා. හොරකම්, මංකොල්ල කෑම් වැඩ්වෙනවා. රට අරාජික තත්වයට පත්වෙලා.(නදී)
ඔබගේ ගමනට අපේ සහාය! (නි)
දණවාදයේ විනාසය ඇති කරන රිත්තකය පිරවීමට දනවාදී ඔබට නොහැකිය.(නදී)
බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා. දැනට කෙලින් කතාකරන කොන්ද පන තියන නායකයෙකුට ඉන්නේ ඔබතුමා විතරයි. වැඩි හරියක් ඇත්ත හංගගෙන වාසියට කඩේ යන අය.(නදී)
එන්න මගේ ප්‍රිය මිතුරෝ නව සිරි ලංකාවක් බිහි කරන්න.!. ඊට වැඩි කල් නැත .(නදී)
කලකට පෙර ඔබ සැබවින්ම වීරයෙක්. නමුත් තමන් ගැන අධිතක්සේරු කිරීම නිසයි ඔබට වැරදුනේ.(නදී)
වෙනිසුඉලාවේ ,හිටපු පීරු රටේ ඉන්න ජනාධිපතිවරු ලොවට තව තවත් බිහිවෙත්වා!(නදී)
බටහිර රට කන හෙම්බිරිස්සාව.(නදී)
කව්ද සරත් මහින්ද මත්තයද? අද එතුමා නොහිටියානම් අපට රටක් නැහැ. සිංහලයට ඔක්කොම අමතක වෙන්නේ හරි ඉක්මනින්. කව්රු මොනවා කීවත් ඔබතුමා යන ගමන යන හරි ගමන යන එඩිතර නායකයක් කියල දන්නෝ දනිති.(නදී)
කතාව පෑත්තක තියල උස ගස් ටිකක් වවමු අනාගතයේ ඉල්ලීම් දිනා ගන්න වෙන්නෙ ගස් වලට නෑගල තමා ඔය කොයි කවුරුත් ගහන්නෙ කයිවාරු තමා.(නදී)
හැමෝම කීවේ ඔය දේම තමයි.. !!! (නු)
ඉඟුරු දීල මිරිස් ගන්නේ ....මිරිස් දීල කොච්චි ගත්තේ අපේ ආච්චිලා.(නු)
අහිංසක මිනිස්සු දැං ඕවට රැවටෙන්නේ නැහැ.!(නු)
අනේ මෙහෙමත් නායකයෙක..!(නු)
දැං මෙයත් කියන්නේ ඒකමද?(නු)
මම බලාපොරොත්තු වෙනවා මේ කියන දේවල් ඇත්තටම මෙතුමාට බලයක් ලැබුනොත් කරාවි කියලා. (නි)
මේ දුප්පත් අපිට අවශ්‍ය කොටසක් මහජන මුදලින් අඩු මුදලක් ගෙවා කිරි පැණි කා සුවසේ ජිවත් වෙද්දී, රටේ මහ ජනතාව බඩගින්නේ කල් ගෙවන සමාජයක් නොවේ. ආශ්චර්යයට යාමට පෙර මහජනතාවගේ බඩගින්න , දුක් කම්කටොලු නැති කළ යුතුය. ඔබ තුමාට එය කළ හැකිය. (නි)
මම නම් ඔබතුමාට කියන්නේ මහත්තයෝ ඔය කියන භයානක දේවල් නොකර, තම ආත්ම ගරුත්වයත් රැකගෙන, විශ්‍රාම කාලය සුවසේ ගත කරන්න කියලයි. (නි)