(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හෙළ විරුවන් 18 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සදහා මහනුවර පැවති උත්සවයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමි නාපාන පේමසිරි හිමියන්ට ආරක්ෂක අංශ වෙතින් සිදුවූ බව කියන අගෞරවය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සමාව ගන්නා බව ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
සිද්ධිය ගැන කනගාටුවට පත්වූ බවත් නොදැනුවත්කම නිසා මෙම අඩුපාඩුව සිදුව ඇති බවත් ඒ මහතා කීවේය
මීරිගම පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහ පිරිවෙනේ අද (14 ) පැවති එම නිකායේ කාරක පාලක සංඝ සභාවේදී ඒ මහතා මේ බව කීය.
අමාත්‍යවරයා සමාව ගැනීම අගය කරන බවත් ඉදිරියට මනා හැඟීමෙන් වැඩ කරන ලෙසත් මහනාහිමියෝ ප්‍රකාශ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනායක හිමියන නොහදුනන ආරක්ෂක ලොක්කනුත් සිටිනවද?