
(සුජිත් හේවාජුලිගේ )
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන ප්‍රශ්නය නොවිසඳුණහොත් මුළු මහත් සෞඛ්‍ය සේවය ලබන සතියේ සිට කඩාවැටීමේ බරපතළ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පැවසීය.
මේ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
රටේ පැන නැගී ඇති ප්‍රශ්න විසඳීමට පවතින රජයට හැකියාවක් නැති බව පෙනෙන්නට ඇතැයි පැවසූ සිරිසේන මහතා කාටත් පිළිගත හැකි පොදු වැඩපිළිවෙළක් සඳහා ඒකරාශී වීම මේ මොහොතේ ඉතා වැදගත් බවද පෙන්වා දුන්නේය.
සියලු දේශපාලන පක්ෂ රට ගැන සිතා පොදු වැඩසටහනක් වෙනුවෙන් ඒකරාශීවී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද සභාපතිවරයා කීවේය.
රටේ මතුවී ඇති අර්බුදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධානයෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගොඩගන්න බැහැ.. අපි ඉවරයි...!
රස්සාව කරනවා නම් කොහොම හරි එන්න ඕනේ... තමන්ගේ වාහනවලට තෙල් දෙන්න ඕනේ... බස් දුවන්න ඕනේ, කෝච්චි දුවන්න ඕනේ කියලා රස්සාවට එන්නේ නැතිව ඉන්න බැහැ. රජයේ සේවකයෝ මේවා දන්නේ නැද්ද? අපිටත් කාර් තියෙනවා. යන්නේ පයින් රස්සාවට තෙල් නැති හින්දා.. රස්සාවට එන්න බැරිනම් තමන්ගේ නිවාඩු දාන්න ඕනේ. එහෙම නැතිනම් VOP තමයි.
ඇත්තටම සෞඛ්‍ය අංශය කඩා වැටෙන්නේ ලෙඩ්ඩුන්ට රෝහල්වලට එන්න බැරි වුණොත්....!
GMOA එකට හැමදාම තිබ්බේ තමන්ගේ වෘත්තීය ප්‍රශ්න. කොටින්ම පුද්ගලික ප්‍රශ්න. ඔවුන්ට කවදාවත් රටේ ප්‍රශ්න තිබ්බේ නැහැ. ඒත් අපිට තියෙන්නේ පොදු ප්‍රශ්න. තුන්වේල කන්න නැති, බෙහෙත් නැති, ඉන්ධන නැති... අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අහස උසට ගිය ප්‍රශ්න... ඒවා මේ රටේ පොදු ප්‍රශ්න...