
(නිමල කොඩිතුවක්කු)
වත්මන් රජය රට ‘සුහුරු රටක්’ බවට පත් කරන්නේ ‘සුහුරු පක්ෂයක්’ ගොඩනැගීම තුළින් යැයි පවසන නමුත් සමගි ජන බලවේගය සුහුරු රටක් ගොඩ නගන්නේ ‘සුහුරු අධ්‍යාපනයක් ගොඩනැගීමෙන් බිහිවන සුහුරු ගෝලීය පුරවැසියා’ තුළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය අපේක්ෂා කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් ක්‍රියාත්මක කර නිවැරදි දැක්මක් ඇති ගමනක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මැතිවරණ සමයේ පමණක් වයි-ෆයි, පරිගණක දෙන බවට සිහින ලෝක මවන දේශපාලන නායකයන් බලයට ලැබුණු පසු මහදවාලේ රාජ්‍ය දේපල සොරා කෑම පමණක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 90 වැනි අදියර යටතේ මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ස්මාර්ට් වෙන්න ජනපති..හරිම ස්මාට් පක්ෂය සහ ගෝලයෝ..හී හී
අනුර දිනුම්.. එයා තමයි ස්මාර්ට්... හොඳම කිට් එක..බලන්න ඔය අඳින රෙද්ද.. සෙරෙප්පු..?
මහත්තයෝ හිඟන්නන්ට පව්ඩර් දාන්න එපා... ඔය කවුරු හරි සල්ලිකාරයෙක් අල්ලාගෙන ඕවා දීලා ඔවුන්ට සලකනකොට ආයේමත් ඔය පන්තියටම තමයි වරදින්නේ... තමුන් යන්නෙත් පරණ පාරේම කියලා අවබෝධ කරගන්න.