නව රජයේ සිය දින වැඩ පිළිවෙළට රජයේ මාධ්‍ය මඩ වගුර පිරිසිදු කරන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.
ඒ අතරම දවසට එක් වර බැගින් පරාජිත රජයේ දුෂණ හා නාස්තිය ජනතාවට පෙන්වන බවත් අරලියගහ මැදුර අසල ඉදිකර සුඛෝපභෝගී මැදුර ගැන හෙළිදරවු කරන බවත් ඒ මහතා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් මඩ වලක් හදයි වගේ (නදී)
කරන්න පුලුවන් නම් හොඳ වැඩක්. හැබැයි ගිය 8 වෙනිදායින් පස්සේ ඒක කොළ පාට මඩ වලක් (නදී)
ඇමතිතුමෝ මඩ වගුර පිරිසිදුකරන්න ගිහින් ඒකේ එරෙන්න එපා (නදී)
අර රඹුක්වැල්ල ලොන්ඩරියට දුන්නා නම් අපුල්ලලා දෙයිනේ. එතාකොට ඔබතුමා නිදහස්. හොද ප්‍රකාශයක්. එපා වෙච්ච දේ මහජනයාට හදල දෙන්න ඔබට ජය. (නදී)
ජනතා සුබ පැතුම්, ඔහොම යමු (නදී)
පෙන්නලා විතරක් නම් වැඩක් නැහැ මහත්තයෝ. මහජන මුදල් අය කරගෙන අපරාද කරපු අයට දඩුවම් දිය යුතුයි. පෙන්නලා විතරක් නිකම් හිටියොත් ඔබලාගෙත් අවසානය අතේ දුරින් බව මතක තියා ගන්න (නදී)
මේ අයට ලැජ්ජාවක් ඇත්තේ නැද්ද නට නටා පාරේ යන්නේ? දැන් ඡන්ද වැඩ ඉවරයි. තවත් පක්ෂ බදාගෙන දඟලන කටු කන බලු රැල නිසා කවදාවත් රටට යහපතක් වෙන්නේ නැහැ. අනික රාජිත කල හොරකම් ගැන හොයන්නේ නැද්ද? (නදී)
ඔබ තුමාලාගේ දින 100 වැඩකට ඇති දෙයකට යොදවලා මහජනතාවගේ විශ්වාශය දිනා ගන්න. නැතිනම් වෙනසක් බලන්න බැරි වේවි (නදී)
මෙයා අහුන්ගල්ලටත් ආවද (නදී)
1977 සිට මේ දක්වාත් ඉදිරියටත් දේශපාලනඥයන් සිදුකළ හා සිදු කරන දූෂණ හෙලිකරන්න. එහෙම නැතිව ඒක පාක්ෂිකව 2005 න් පසුව දූෂණ හෙලි කිරීම ජනමාධ්‍ය තවදුරටත් ගණිකා වෘතියේ යෙදවීමක් (නදී)
පරාජිත රජයේ දුෂන වංචා කරපු අය අද ඉන්නේ වත්මන් රජයේ ආරක්ෂාව යටතේ.(නදී)
එතකොට ඇසළ, කොටියව මතක් කර කර සල්ලි වලින් ගහපු ගැහිලි වලට මොකද්ද කරන්න ඕනා. ඒවා අමතක කරලා ආපහු කොටියා ගැන ස්මරණය කර කර ඉන්න ඕනද ? (නදී)
ජයවේවා ! (නදී)
මේ කතාව කියන්න තිබුනේ 2005 අවුරුද්දෙනේ (නදී)
පිලිපීනයේ තියෙනවා මාකෝස් ජනාධිපතිතුමා හා එම ආර්යාව පරිහරණය කළ ඇඳුම් පැලඳුම් ප්‍රදර්ශනාගාරයක්. ඒක නොමිලේ නරඹන්න ජනතාවට පහසුකම් දීලා තිබුනා (නදී)
යු.එන්.පී ආන්ඩුවේ කුණු ගොඩවල් ඉස්සරලම හෝදාගන්න. (නදී)
කරන දෙයක් ඉක්මනට කරන එක හොඳයි. දවස් 100 ඉක්මනට ගෙවිල යාවි. ජනතාව නොඉවසිල්ලෙන් බලා ඉන්නවා වෙනසක් එන තුරු. (නදී)
ඒ ටික කළ යුතු වන්නේ කලින් ආන්ඩු. අනික පක්ෂවලට ඇලුන අපේ මිනිස්සු නියම වැරැද්ද දකින්නේ නැහැ. (නදී)
මඩවලවල් සුද්ද කර ඉන්න කොටිය ආයිත් ගහනකල්. එදාට තේරෙයි සුද්ද කරපු මඩවලවල් වල වටිනාකම.(අ)
සන්වන්නි මහත්තයෝ , ඊටත් වඩා හොඳයි නේද 1948 ඉඳලාම සිද්ධ වුන දූෂණ එලි කරන්න කියලා ඉල්ලුව නම්? (අ)
මොනවා? (අ)
ඔබතුමා කිරීමට බලාපොරොත්තු වන්නේත් පෙර සිටි අය කල දේම නම් අපට කීමට ඇත්තේ අපට ඔබෙන් වැඩක් නැති බවයි (නදී)
රාජ්‍ය මාධ්‍ය පහුගිය කාලේ හැසිරුන හැටි ඉතාම නින්දිතයි. (නදී)
මඩවලවල් සුද්ද කරකර ඉන්නවට වඩා යහපාලනේ අරුමය ජනතාවට පෙන්වන්න. විපක්ෂයටත් අවස්ථාව දෙන්න. දින 100 න් පස්සේ එන ඡන්දෙට බොරුවට මිනිස්සුන්ගේ මොළ සෝදන්න හදන්නේ නැතුව. (නදී)
පසුගිය කාලේ විමසුමෙන් පෙන්නුවේ 1977 දේවල්. නමුත් නඩු දාන්න බැහැ. එම නිසා රසකර කර පෙන්නුවා .හැබැයි ඒවා පෙන්නුවෙත් වරෙන්තු ඇති යකඩ හොරු . (නදී)
අපිට නොමිලේ වයි.ෆයි දෙන්නේ කවදද මහත්තයෝ (නදී)
දැන් සියලුම මාධ්‍ය රජයේ පැත්තට තමයි. ඉස්සර රූපවාහිනියයි, අයි.ටී.එන් එකයි විතරයි. ඒකත් භයානකයි (නදී)
සෙන්වන්නි මහත්තයෝ, 1977 න පස්සේ වැරදි කරපු අය හොයන්න ඊට පස්සේ ආණ්ඩු තිබුනෙම නැද්ද. ඔහොම ගියොත් රජ කාලේ වැරදිත් හොයන්න වෙයිනෙ. දැන් තියෙන්නේ මෑතකදී සිදුවුණු වංචා දුෂණ ගැන සොයා බලන එක. (නදී)
ඇසලට ආයෙත් කොටිය ගහනකල් නින්ද යන්නේ නැද්ද? මහින්ද අරලිය පැලස් එකේ උන්නොත් විතරද කොටිය ගහන්නේ නැත්තේ? (නදී)
ඒකට දැන් ජනපතිත් වගකියන්න ඕනේ. ඔහු ඒ කාලේ පක්ෂයේ මහ ලේකම්නේ (නදී)
කාගේ, කාගේ කිල්ලෝටවලත් හුනු ටික ටික තියෙනවා කිව්වලු. 1948 ඉඳලා දේශපාලනය කරපු කී දෙනෙක් අද වෙනකොට උසාවියෙන් දඬුවම් ලැබිලා තියෙනවද කියා කියමු බලන්න (නදී)
බලමු මේ අය නොගහ ඉදිද කියලා (නදී)
අනේ ඒකෙ වගක් මොකට කියනවද. අපි නොදන්නා ලංකාවේ දේශපාලුවෝ. වචනයේ පරිසමාප්තියෙන්ම කරන්නේ දේශය පාලු කරලා දාන එක. දැන් ඉතින් මොකද. රටේ යුද්දය නැති කරලා, ජරා වලේ තිබුණු රට සුද්ද බුද්ද කරලා තියෙන එක දැන් ඉතින් මොනා කරන්න බැරිද ? ඔය කට්ටියටම පිරුවටයක් අන්දනවානම් තමා හොද. මොකද ඒ තරමටම මෙයාල පිරිසුදු නේ. ඔය කාන්ඩේ කරන්නෙත් කලින් කාන්ඩේ කරපු දේම තමා. කාලය ඉවරවෙනකොට මෙයාලගේ දරුවොත් ලෝකේ ප්‍රසිද්ධ රටවල්වල ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙයි. ඉන්ටෙර්කූලේර්ස් වල යනකොට අපිව පෙන්නේ නරයෝ වගේ. හිටපු යකානම් රටවත් අපිට බේරලා දෙන්න පෙරමුණ ගත්ත. බණ දේශනා කරලා පුලුවන්ද රටක් හදන්න. කොන්දට පොල්පිති තියල කෙලින් කරන්න ඕන නායකයෝ නෙමෙයි අපිට ඕන. පොල්පිති නැතුව කෙලින් හිටගන්න පුළුවන් නායකයෙක්...හබි රටටම හිටියේ එකම කෙනා තමා මහින්ද ජනපති. මමනම් තාමත් කියන්නේ ජනපති කියල. මොකද උනුත් කාල අපිටත් රටටත් මොනා හරි කලානේ. (බ)
මෙයා මොකද මේ කොළ පාට ඇදගෙන. මෙයලගේ ආණ්ඩුව. අනේ පව්......හීනේ හැබෑ වුණා කියල හීනෙන් හරි හිතෙනවා ඇති නේද....(බ)