
(නිමල කොඩිතුවක්කු)
සක්වල හා හුස්ම වැඩසටහන්වල සියලු ගණුදෙනු සහ පරිත්‍යාග සිදුවන්නේ පූර්ණ විනිවිධභාවයකින් යුක්තව බැවින් සමගි ජන බලවේග රජයක් තුළත් සියලුම රාජ්‍ය ගණුදෙනු පූර්ණ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇමති වුවත් ජනාධිපති වුවත් අගමැති වුවත් සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු අයකුට හොරකමට, අල්ලසට, පගාවට ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
එවැනි තාන්න මාන්න වරදාන වරප්‍රසාද නොලැබෙන විට සමහර විට විවිධ පුද්ගලයන් විවිධ තීන්දු තීරණ ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 211 වැනි අදියර යටතේ හම්බන්තොට මුල්කිරිගල වලස්මුල්ල මැදගම්ගොඩ මහා විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
මේ වන විට මත්පැන් බලපත්‍ර වෙනුවෙන් තමන්ගේ ආත්මය, ගෞරවය ගැන නොසිතා දේශපාලන පක්ෂ සොයා යන පිරිස් පවා සිටින බවත් මේ රට පරිහානියට පත් වී ඇත්තේ එම සිල්ලර දේශපාලනය නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා කරන්න ඔයා බලයට එන්න එපැයි අප්පුහාමි. ඊට කලින් හොර සල්ලි ගහපු අයට දඬුවම් දීලා ඉමුද?
2015 - 2019 සංස්කෘතික අරමුදලේ ගණුදෙනුව ගැන මුලින්ම හොයන්න ඕනෑ. ඒවා නීත්‍යානුකූලව සිදුවෙලා නැහැ කියලා විගණකාධිපති කියනවා. ඒවාට අපිද වග කියන්න ඕනෑ...?
සංස්කෘතික අමාත්‍යංශයෙන් අතුරුදහන්වුණු කෝටි ගාණක මුදල් ගැන මොකද කියන්නේ? එවාගෙන්ද බස්, ස්මාර්ට් පන්ති කාමර හදන්නේ? මත්පැන් බලපත්‍ර ගැන මොන කතාද? සජිත් පුතානෝගේ පක්ෂයේ මන්ත්‍රී කෙනෙකුගේ සෙකියුරිටි බට්ටෙකුටත් මත්පැන් බලපත්‍රයක් දීලා. ඔය බස් වලට, ස්මාර්ට් පන්ති කාමරවලට, හාල්වලට සල්ලි පොම්ප කරන හොර ජාවාරම් කාරයින්ට " මත්පැන් බලපත්‍ර " දෙන්න පොරොන්දුවෙලා නැද්ද? පුත්‍රෙයා් අමතක කරන්න එපා.. අපරාධය පසුපස දඬුවමත් එනවා.
විනිවිද භාවයෙන් ගනුදෙණු කරන්න සල්ලි තියෙන්න ඕනෑනේ..? රටේ ආදායම වැඩිකරන විදිහක්, සංවර්ධනය කරන විදිහක් කියන්නේ නැහැනේ..!
මේ කියන විකාර වලටත් අත්පුඩි ගහන කොටසකුත් ඉන්නවා.
එක රතුපාටට හිටියා.... දැන් දම් පාට වුණු පක්ෂයක් සජිත් එක්ක නයි වෛරයි. තමුන්ට ජනතාව දෙන සල්ලි වලින් කාලා ඇඳලා ඉන්න අතරේ රට ඉල්ලනවා එයාලා තමයි සජිත්ට බනින්නේ... සජිත් කියන්නේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්...
යාල කැලේ නිධන් හාරපු හැටිත් සමහරු කියනවා...!
මෙතන ඉන්නව ජවිපෙට කියන්නම දෙයක් නැති තැන 89 අවුරුද්දෙ ජේ ආර් ප්‍රේමදාස ,රනිල් ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදය දෝරෙ ගලන කාලෙ වෙච්ච ඒව හොය හොය , ආච්චිගෙ අඩිඩෙන්ටි හොයන කට්ටියක්, ඒ අයට අමතකයි යාපනයේ පුස්තකාලය ගිනිතියපු ලාම්පු කලගෙඩි සෙල්ලම කරල පක්ෂ තහනම් කරල,කුලී හමුදා දාගෙන මිනී මරාපු හැටි. සජිත් පියාගෙ අඩිපාර යනව නම් ඒ ගැනත් හිතන්න වෙනව.
විනිවිද නම් ඔය සල්ලි දෙන දානපතියන්ගෙ නම් හෙලි කරන්න.අද පන්ති කාමරයට දායකත්වය අහවලාගෙන්,එයා අපේ පාක්ෂිකය කියල කියන්න ඇයි බැරි?
එතකොට සංස්කෘතික අරමුදලේ සල්ලි වලට මොකද උනේ කියලා එළිවෙවි නේද?
සමගි ජන බලවේග රජයක් තුළත් සියලුම රාජ්‍ය ගණුදෙනු පූර්ණ විනිවිද භාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එම නිසා මින්පසු අච්චු ගහන මුදල් නෝට්ටුද විනිවිද පෙනෙන සේ අච්චු ගැසිය යුතු බවත් එවිට හොර සල්ලි අච්චු ගහන අහිංසකයින්ට අච්චු කිරීමත් නවතිනු ඇති බවත් පැවසීය.