IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රජයේ කොන්දේසිවලට පිටින් වාහන ගෙන්වන තැතක්

(යොහාන් භාසුර)

වාහන ආනයනයේදී 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු නිෂ්පාදනය කළ වාහන පමණක් ආනයනය කරන ලෙස පනවා ඇති කොන්දේසිය උල්ලංඝණය කරමින් එක්තරා සමාගමක් 2022 වසරේ නිෂ්පාදනය කළ වාහන ආනයනය කිරීමේ සූදානමක් ඇති බව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් සංගමය මෙරට ආනයනය අපනයන පාලක ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.

ජපානයේ වාහන සඳහා තත්ව සහතික නිකුත් කරන ඒජන්සි තුනට අදාල ආනයනකරු ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවල 2022 වර්ෂයේ මාසයක් යොදන ලෙස බලපෑම් කරන බවත් එසේ ව්‍යාජ දින යොදා වාහන 150 ක් පමණ ජපානයෙන් මෙම සතියේදී මෙරටට ගෙන්වීමට නියමිත බව ද එම ලිපියේ සඳහන් වේ.

වාහන ආනයනයට අදාලව රජය නිකුත් කළ රෙගුලාසි අනුව 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු නිෂ්පාදනය කළ වාහන පමණක් මෙරටට ආනයනය කළයුතු වුවද එක්තරා සමාගමක් සූක්ෂම ලෙස 2022 වසරේ නිෂ්පාදිත වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයේ වාහන තත්ව සහතික නිකුත් කරන සමාගම් තුනකට බලපෑම් කරන බවත් වාහනවලට ව්‍යාජ නිෂ්පාදන දින යොදා මෙරටට ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම සංගමයේ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙවැනි ආකාරයෙන් බලපෑම් කිරීම නීති විරෝධී කටයුත්තක් බැවින් එය රජයේ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බවත් ව්‍යාජ ලේඛණ මත ආනයනය කරන වාහන මෙරට වෙළෙඳපොලට ගෙන්වීමට අවස්ථාව නොදියයුතු බවත් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් සංගමය පවසයි.

 

 



අදහස් (2)

රජයේ කොන්දේසිවලට පිටින් වාහන ගෙන්වන තැතක්

Asela Friday, 21 February 2025 01:11 PM

මේක සම්පූර්ණ මෙගා ටෙලිනාට්‍යයක් වගේ. ජනාධිපතිවරයා අඩු වියදම්, දැරිය හැකි වාහන පොරොන්දු වෙනවා. ගැසට් එකෙන් පස්සේ ඔහු ගැසට් එක වෙනස් කළා. බැංකු ආණ්ඩුකාරයා වාහන වැනි ක්ෂය වූ වත්කම් අගය කළහැකි වත්කමක් ලෙස සැලකිය හැකි බව පැවසූ බව අපි පළමු වරට අසා ඇත්තෙමු. කෙසේ වෙතත්, මිලියන 2කට ත්‍රිරෝද රථයක් මිලදී ගත යුතුයි. සාධාරණ ලෙස, ඔබ වැටුප් වැඩිවීමක් හෝ වාහන අපේක්ෂාවෙන් AKD ට ඡන්දය දුන්නේ නැහැ. නේද? මට මතකයි කවුරුහරි කිව්වා අපිට Vitz මිලියන 1.2 කට මිලදී ගත හැකි බව. ඒ මන්ත්‍රීවරයා දැන් කොහෙද ඉන්නේ කියලා කවුරුහරි දන්නවාද? මගේ උපදෙස නම් රට හැර ගොස් ඔබේ ජීවිතයේ ඉතිරි කාලය සතුටින් ගත කරන්න යන්නයි. වැඩකට නැති දේශපාලනඥයන් සහ වැඩකට නැති රජයේ සේවකයින් නඩත්තු කිරීමට වහලුන් ලෙස වැඩ කිරීමට ඔබට අවශ්‍ය නැත.

:       8       35

ගුණරත්න Friday, 21 February 2025 02:26 PM

මීට වඩා හොඳයි මෙහෙ තියෙන දේපළ ටික විකුණලා ඉන්දියාවේ හරි ගිහින් ඉන්න එක, ඉන්දියාවේ වාහනයක් අපේ මිලෙන් 1/3 වඩා අඩුවෙන් ගන්න පුළුවන්. මිනිස්සු කෑමබීම එහෙමත් අපේ වගේ. භාණ්ඩ මිල අඩුයි.

:       3       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site