
(නිමල කොඩිතුවක්කු)
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්‍රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට රජය පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ගජ මිතුරු වාසි තකා ඉන්ධන බලශක්ති මාෆියාව ප්‍රවර්ධනය කරන තැනට රජය පත්වුවත් ජනතාවගේ බලශක්ති අයිතිය හා සවෛරීත්වය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
වහල මත සවිකරන සූර්ය බලශක්තියට ගෙවන කෝෂක පැනල් ගාස්තුව ගෙවීම කිලෝවෝට් පැයකට රු. 37 සිට 20 දක්වා 45%කින් අඩු කර ඇති බවත් මින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අධර්්‍යමත් කර ඉන්ධන බලශක්ති මාෆියාව ශක්තිමත් කිරීම සිදුවන බවත් ප්‍රේමදාස මහතා කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
රජය ගෙන ඇති මෙම පියවර නිසා සූර්ය බලශක්ති ව්‍යවසායකයන් විශාල පිරිසක් අගතියට පත්වීම මෙන්ම ව්‍යාපාර 1000ක සේවය කරන 40000කට වැඩි ප්‍රමාණයකට නරක ලෙස බලපා ඇතැයිද - විපක්ෂ නායකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දෙදිනක විවාදයක් කරන්න... මහජනතාවට පැහැදිලි වීම සඳහා. එවිට ගජ මිතුරනුත් එළියට ඒවි.
තමුන්ගේ පක්ෂයවත් හරියට ගෙනියගන්න බැරුවයි ඉන්නේ, ආණ්ඩුවේ වැඩ ගැන, වැඩ කරවන හැටි ගැන නම් උපදෙස් දෙයි ඕනෑ හැටියේ...!
විපක්ෂ නායකතුමා කියන කතාව ඇත්ත. මේ ගැන රජයේ අවධානය හොඳටම මදී. ඡන්දයට පෙර කියපු කතාව නෙමේනේ දැන් සිද්ධ වෙන්නේ...
ඕක මොකක්ද? ඔයත් පොහොට්ටුවේ ගොදුරක් වෙලා ඔය යසට ඉන්නේ.
මෙයාට කවුරුහරි උපදෙස් දෙන්න හැම වහලකම සූර්ය පැල සවි කිරීම ප්‍රායෝගික නැති බව.ඒකෙ අවාසිය මම අත්විඳිනව. අව්ව තියෙන වෙලාවට හැම වහලකින්ම උපරිම නිශ්පාදනය වෙනකොට එම සීමාව තුල එය පාවිච්චි කරන්න අය නැත්නම් වොල්ටේජ් එක ඉහළ ගිහින් ස්වයංක්‍රියව නිෂ්පාදනය නතර වෙනනව. ඕකයි ඇත්ත. හැබැයි විශාල ලෙස හදනව නම් ඒක වෙනස් කරන්න පුළුවන් . ඒක නිසා එක ට්‍රාන්ස්ෆෝමර් සීමාවක සීමිත ගණනකට තමයි අවසරය දෙන්නෙ. එහෙම නොවුනොත් කාටවත් නැති වෙනව.
අනේ මේ... මරු කියවන්නෙ නැතුව ඉන්න මෙයා
මෙතුමා සෝලා පැනල් සමාගම් වල හඬ තමයි මේ නගන්නෙ. නායකතුමා මේ සරල සත්‍ය තේරුම් ගන්න. ඒකකයක් විසි හතට අරගෙන පහළොවට විස්සට විකුණල මණ්ඩලය ලාභ වෙන්නෙ කොහොමද, එහෙම කරන්න නම් විදුලි බිල වැඩි කරන්න වෙනව, එතකොටත් ඔබතුමා කෑ ගහනව, අනෙක අයි එම් එෆ් නියමය අනුව නිෂ්පාදන වියදම මත බිල තීරණය කල යුතුයි, ඒක අකමැත්තෙන් වුවත් කරන්න වෙනවා
ඔබතුමා දන්නවද ඔයිට වඩා පිරිවැයක් යොදවල මුල්කාලෙ සවි කරපු සෝල සඳහා ගෙවන්නෙ රු විසි දෙක ගානෙ කියල, එතකොට ඔබතුමා රජයෙ ඇමති කෙනෙක්. මම එහෙම අවාසි ගන්න කෙනෙක්. බැංකුවක තැන්පත් කරල පොලිය ගන්නවට වඩා ඔය ගෙවීම ඉහටත් උඩින්. ඒක නිසා මම ඒක දකින්නෙ යහපත් විදියට. දන්නෙ නැත්නම් කාගෙන් හරි අහන්න. ඔබ තුමා ජ්‍යෙෂ්ඪ පුරවැසි පොලිය ගැනත් ඉන්නෙ වැරදි අදහසක.