නිමන්ති රණසිංහ
අලල්ස් සිද්ධියකට අදාලව චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා සම්බන්ධ නඩු විභාගය ලබන ජුනි 25 වැනි දා තෙක් කල් තැබිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානයක මහතා නියෝග කළේය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරි නිවාඩු ලබා තිබිම හේතුවෙන් නඩුව කල් තැබිණි.
ආපදා කලමනාකරණ අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලද රුපියල් කෝටි දෙකක් පමණ වටිනා වාහනයක් අවභාවිතා කර රජයට රුපියල් දස ලක්ෂයක පමණ පාඩුවක් කළැයි ඔහුට එරෙහිව ඇති අල්ලස් චෝදනාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆවුසිට දැන් 70 පැනලා. කවද්ද නඩු කටයුතු අවසන් වෙන්නේ.
20/20 වෙනකම් කල්මරනවා.
දන්නා තරමට ෆවුසි මහතා ඩීල් කාරයෙක්වත්, හොරෙක්වත්, තක්කඩියෙක් වත් නොවේ. මොකක්දෝ කරුමයකට මෙතුමා මේ වාහනයකට පැටලිලා. ඔපරේෂන් 1 සහ ඔපරේෂන් 2 නිමවෙලාත් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු අය කෝ? හොරු ඇල්ලුවද කියලා අපිට කෝචෝක් කරනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
කෝ අර කළා කියපු අයට නඩු. ආණ්ඩුවට පැන්නොත් නඩු මුකුත් න. ඔන්න යහ පාලනේ. එකනේ බය නැතිව හොරා කන්නේ