(සුජිත් හේවාජුලිගේ )
මෙරට නිෂ්පාදනය කෙරෙන තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
එම ඖෂධය මෙතෙක් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද පැවසීය .
තයිරොක්සින් ඖෂධය රත්මලාන කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළත් තාම අපි එක වෙළඳපොලට නිකුත් කරලා නැහැ.සැප්තැම්බර් මාසයේ වෙළෙඳ පොළට නිකුත් කරන්න තමයි අපි සැලසුම් කරලා තිබුණේ.හැබැයි මේ ප්‍රකාශය කරපු පුද්ගලයා මොකද කිව්වේ.මේ තයිරොක්සින් ඖෂධය බීල ඒ රෝගීන් කියනවලු එකේ ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒක අමූලික බොරුවක්"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකුණු එක නිසා ඇත්ත මොකක්ද කියලා ඔප්පු කරන්නත් අමාරුවෙයි නේද...?
පෞද්ගලික ව්‍යාපාරවලදි විවේචන ප්රගතිශීලී යයි සිතන්නෙ ඉන් තම ආයතනය දියුණුව වගේම නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි කිරීමට පෙළඹුමක් ලැබෙන නිසයි. බෙහෙත්වල ගුණාත්මක භාවය නිතර පිරික්සීම ඔෞෂධ ආයතනයෙ වගකීමක්. එක්ස්පෙරිමෙන්ටල් වර්ගයෙ රිසර්ච් විශ්ව විද්‍යාල පශ්චාත් උපාධිධරයන්ගේ මැදිහත්වීමෙන් කලා නම් හරිනේ. හැබැයි බෙහෙත්වල ගුණාත්මක භාවය පසෙකලා නිශ්පාදකයින් දෙන බෙහෙත ගිල දැමීම ජනතාව කල යුතු නම් මේ වෛද්‍යවරයාට බැන බැන හිටියම කාලයක් ගිහාම කාටත් ප්‍රමුඛතා අමතක වෙනවා.
බෙහෙත් දෙන වෙලාවට බැග් උස්සාගෙන දොස්තරලාට එයා ලියපු බෙහෙත් තුන්ඩු වල කොමිස් එක දීලා යන්න එන කට්ටිය කියන්න ඇති එහෙම කියන්න කියලා .ආණ්ඩුවේ බෙහෙත් වලින් ගාන ලැබෙන්නේ නැති නිසා තමයි ඔය .වෙන දියුණු රටවල වගේ ඖෂධයේ රසායනික නාමයෙන් බෙහෙත් තුන්ඩු ලියන්න අකමැති ඔය නිසාමනේ
ඔයා කිව්ව ඇත්ත නිසා වෙදාගේ පැණි බීලා කී දෙනෙක් අමාරුවේ වැටුණාද? ඔයා වතුපිටිවෙල ඉස්පිරිතාලේ ඔය පැණිය බදාගෙන මාස ගාණක් නටපු නාඩගම අපි දැක්කා... තමුන් ඒ කළ බොරුවට ජනතාවගෙන් සමාව ගන්න ඕනෑ. ජයරුවන් මහත්තය ඔය වගේ කෙනෙක් නෙමෙයි. කෙලින් කථා කරන මහත්තයෙක්....
මූ කවද්ද ඇත්ත කිව්වෙ
මම ගොඩක් අගය කරන පුද්ගලයෙක්.. මොහු පිළිවෙලට වැඩක් කරන ඇමති කෙනෙක් මොහුගේ වැඩ කෙලින්... තයිරොක්සින් තාම එළියට නිකුත් කරලත් නැතුව මේ වගේ බොරු ප්‍රචාර සමාජ ගත කරන අයට නීතියෙන් දඬුවම් කරන්න ඕනේ. හේතුව මෙවන් කොරෝනා වයිරසය අපේ රටම ගිලගෙන තියෙන මොහොතක මේ වගේ ප්‍රචාර යවලා මේ කොරෝනා මර්දනය කරන ක්‍රියාදාමය තවතව පස්සට කරන එකෙන් වෙන්නේ මිනිස්සු තව මැරෙන එකෙන් ගලවාගන්න යන කාලය තව පස්සට යන එකයි. චන්න ජයසුමන ඇමැතිවරයා කරගෙන යන වැඩ පිළිවෙල ඉතාමත් පැහැදිලියි.. එ්ක රටේ බුද්ධිමත් ජනතාව දන්නවා..
මට නම් මේ එකෙක්වත් විශ්වාස නෑ. තනිකර කියන්නේ බොරු.
මේ පැණිය ගේ ගුණ වයන එකා අනිවාර්යයෙන්ම උගේ අම්ම්බට්ටයෙක්, නැතිනම් මේ පැණි සුමනේ දන්නේ නාථ දෙවියන්ගේ පස්සේ යන්නයි. රජාට කඩේ යන්නයි විතරයි.
එතුමා බොරු කියනවා නම් නඩු මගට එන්නේ නැත්තේ ඇයි?
වගකීමෙන් කියන්නේ... මගේ නෝනා තයිරොක්සින්වලට පෙති පාවිච්චි කරනවා. ළඟකදී ඉඳන් බෙල්ල ඉදිමෙන්න පටන් අරන්... මට හිතෙනවා මේක තමයි වෙනස... මේවාට සම්බන්ධවන පුද්ගලයින්ට හොඳක් නම් වෙන්නේ නැහැ.. බලාගෙන ඉන්න.