
අන්තවාදී අදහස් ඇති කණ්ඩායම්වලට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයේ තීරකයින් ලෙස කටයුතු කිරීමට පහසුවන මාර්ග සැකසීම ජාතික ආරක්ෂාවටත් නීතියේ ආධිපත්‍යයටත් තර්ජනයකැයි, නාහිමිවරුන් ඇතුළු නාහිමිවරු 12 නමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටිති.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් ජනපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව, පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතීඥයින් 150දෙනෙකු බඳවාගැනීමටත්, ඔවුන් දෙමළ භාෂාව පිළිබඳ විශේෂ දැනුමක් ලබාතිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා බැලීමටත් ගත් තීරණයක් සම්බන්ධයෙන් මෙම ලිපිය යොමුකර තිබේ.
එම තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ජනතා ද්‍රෝහී තීරණයක් බව විස්තර කරමින්, එය ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීම මෙම ලිපියෙහි අරමුණය.
මෙම ලිපියට ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඕමාරේ කස්සප, අතපත්තුකන්දේ ආනන්ද ඇතුළු හිමිවරුන් අත්සන් තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේත් කඩේ යාමක්ද දන්නේ නැහැ.
මේ මොකුත් අපට තේරෙන්නේ නැහැ... වෙන්නේ මොනවද?
අවදියෙන් සිටින්න, ජනාධිපතිගේ සමීපයේ විදේශ ඔත්තුකරුවන්ද සිටියි...
එක රටක්, එක නීතියක් කියලා අපි දැන් පෙරට එමු හාමුදුරුවනේ...
ඔබ වහන්සේලා බොහොම හොඳයි, රටට ආදරෙයි කියලා පත්කරගත් ජනපතිනේ... තවතවත් පිරිත් නූල් ගැටගහලා පැන් වක්කරලා ඔහුට ආශිර්වාද කරන්න.
මේ හාමුදුරුවරු බුද්ධාගම හැර අනෙක් හැම දෙයක් ගැනම හොඳින් දන්නවා...
මේ රටේ සිටින, රට විනාශකරන ලොකුම අන්තවාදීන් තමයි ඔය සෙට් එක...
ලංකාවේ හිටිය ලොකුම ඇමෙරිකානු ඔත්තුකාරයා තමයි කාලයකට ඉස්සර ඇමෙරිකානු තානාපති ලෙස හිටපු රොබර්ට් බ්ලේක්... එයා ඩබල් ගේම් කාරයෙක්. අන්තිමට අපේ රටට විරුද්ධව මානව හිමිකම් ප්‍රශ්නයත් ගෙනාවේ එයාගේ මගපෙන්වීමෙන්. එවැනි දුෂ්ටයෙක් සමග තමයි ඒ කාලයේ කාටත් හොරා අක්සා ගිවිසුම අත්සන් කලේ. ඔය ජාතිවාදය පතුරවන සෙට් එක ඒවා දන්නේ නැද්ද...? අනේ අපේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට ගිය කලක්.... අනේ බුදු හාමුදුරුවනේ ..වඩිනු මැන නිදුකාණෙනි... මේ අධර්මිෂ්ඨයින්ගේ දූපතට... එදාට මම අපාගත වූවත් ධර්මය විකුර්ති කරමින්, ජාති බේද, ආගම් බේද අවුළුවන රට විනාශ කරන මේ හොර බමුණන් ශාසනයෙන් පන්නා දමමි...
සසර මගින් එතෙර වන්නට උත්සාහ කරන්න අපේ හාමුදුරුවනේ...
බලයට ආ පසු බලය ලබාගැනීමට උදව්කළ හැමට පයින් ගැසීම ලංකා දේශපාලනයේ සිරිතයි. සාමාන්‍ය පුරවැසියන්ද බහුතරයක් එසේමයි. පුරවැසියන්ගේ හැටියට පාලකයන් ලැබී යයි කියමනක් පවතියි. ගෝඨාභය මහතාට ඡන්දය දුන් සහ මා ඇසුරු කරන සුළු පිරිසක් අතරේ සහ සමාජ මාධ්‍ය වලද ඔහුට සහාය දැක්වූ අයෙක් හැටියට කෙරෙන වැඩ ගැන ඉතා කළ කිරීමක් ඇත. මුදල් වැයකිරීමකින් තොරව රටේ සංවර්ධනයට ගත හැකි පරිපාලනමය ක්‍රියාමාර්ග කොතෙක් තිබුණද? ඒවාගැන කිසිඳු අවදානයක් නොමැති බව වැඩ කෙරෙන මන්දගාමී ඇල්මැරුණු ස්වරූපයෙන් පෙනී යයි.
බලාගෙන ඉන්න.. මෙන්න කියලා අහයි ඔය කියන ඒවා. හිට්ලර් කෙනෙක් වෙන්න කියලා කියපු හාමුදුරුවරු ඉන්න රටක මොනවා කතා කරන්නද?