සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
රජයේ වියදම් සඳහා අමතර ප්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් කෝටි 1904ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.
මේ පරිපූරක ඇස්තමේන්තුව මගින් විදේශයන්හි තානාපති කාර්යාලවලට වාහන මිලදී ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයට රුපියල් කෝටි අටකට වැඩි මුදලක්ද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු පිළිබඳ ව්‍යාපෘතියේ විදයම් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට රුපියල් කෝටි 151ක මුදලක් ද ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට රුපියල් කෝටි 18ක මුදලක් ද වෙන් කර ඇත.
මෙයට අමතරව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යත්වය සඳහා විදයදම් වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් කෝටි 125ක මුදලක් ද වෙන් කර තිබේ. සමූද්‍රීය ආරක්ෂක ශක්‍යතා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයට කෝටි 266 කට වැඩි මුදලක් ද දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 260ක මුදල්ක වෙන් කර තී ඇතැයි පරිපූරක ඇස්තමේන්තුවේ සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගත්ත ණය ගෙවන්න සල්ලි ඕනේ.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට හමුදා සමාජිකයන් යවනකොට අපේ රටට එ.ජා.ස. මුදල් ගෙවන බවයි මෙතෙක් කල් අප අසා තිබුණේ. එහෙම නැතිව අපේ අතින් මුදල් වියදම් කරගෙන වෙන රටවලට සාමය රකින්න අපේ හමුදා යවන්නේ මොකටද කියලා වග කිවයුත්තන් රටට වහා පැහැදිලි කළ යුතුයි.
විශ්වවිද්‍යාල වල ළමයි නරක වෙන්නේ මේවිදියට නිකන් සල්ලි දෙන හින්දා. ඕනෑම දෙයක් නිකන් දෙන්න හොඳ නැහැ. ගඩාෆි ලිබියාවේ මිනිස්සුන්ට හැමදෙයක්ම සහන මිලට නැත්නම් නොමිලේ දුන්නා. ළමයින්ට පිටරටකට ගිහිල්ලා ඉගෙනගන්න ඕන නම් අධ්‍යාපන ගාස්තු සම්පූර්ණයෙන්ම ගෙවලා මාසෙකට ඩොලර් 2000 ගානේ වියදම දුන්න. අන්තිමේදී ඒ මිනිස්සුන්ට ඒවත් මැදිවෙලා කැරලි ගහල ගඩාෆිගේ ආණ්ඩුවයි ගඩාෆියි නැතිකරලා දැම්ම. දැන් එයාලට සහන දීමනා මොනවත් ලැබෙන්නේ නැහැ නමුත් කැරලි කෝලාහල ඕනෑතරම් හැමදාම නොමිලේම ලැබෙනවා. මං නම් කියන්නේ තරුණ වයසේ කිසිම කෙනෙකුට පිං පඩි දෙන්න එපා කියලයි. එක ගන්නත් ලැජ්ජා වෙන්න ඕන. ඒ වෙනුවට පොලියක් නැති ණයක් දුන්නනම් මේ ළමයි හිගන්නන්ගේ ගොඩට වැටෙන්නේ නැහැ.
විශ්ව විද්‍යාල සිසුන්ට නිකම් සල්ලි දීම නතර කරන්න. හැකිනම් තවත් ටිකක් වැඩිපුර දෙන්න ණයක් විදියට. එය දෙමව්පියන්ටත් සහනයක්. පාසල් යන්න පටන්ගත්තු දවසේ ඉඳල හැම දෙයක්ම නිකම් දීල පුරුදු උනාම , අපිට රැකියාවලුත් දෙන්න කියල පාරේ ලගිනවා. අඩු තරමේ මහන්සිවෙලා රැකියා විස්සකට තිහකට ඉල්ලුම් කරලා තරඟකාරීත්වය මැද ඉදිරියට යන්න දන්නේ නැහැ. අධ්‍යාපනය දෙන්න. රැකියා දෙන්න රජය බැඳිලා නැහැ කියන්න. හැමදාම මේ විගඩම් බලල මහජනතාවත් තීරණයක් ගනීවි.
කියන ඕනෑම දෙයක් එලෙසම විශ්වාස කරන මිනිස්සු ඉන්නකම් රජයට හොඳයි
ඉස්සර සිංහල රජ කාලේ රැකියා දුන්නේ කොහොමද කියා සොයා බැලුවොත් නරකද?