
(නයෝමි දිල්රුක්ෂි)
කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවකයකු හට ඊයේ (19) කොවිඩි-19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු විමත් සමග රාජ්‍ය අමාත්‍යය තාරක බාලසුරිය මහතා දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු වී ඇත.
කාර්ය මණ්ඩලයේ රියදුරු මහතකුහට කොවිඩි-19 වයිරසය අසාදනය විමත් සමග 20 දා අසාදිත පුද්ගලයා වරාකාපොල කොවිඩි ප්‍රතිකාර ඵකකයට ඇතුලත් කර ඇත.
අසාදිත පුද්ගලයා ඇසුරු කළ පළමු පෙළ ආශ්‍රිතයන් 06 දෙනකු දින 14 කට අද 20 දා නිරෝධායනයට යොමුකළ බව කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්ලිවව්. ඵම්. අමරතිලක මහතා අප කළ විමසීමකදී පැවසීය.
මෙි පිලිබදව රාජ්‍යය අමාත්‍යය තාරක බාලසුරිය මහතා තම ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් තමා ස්වයං නිරෝධායනය වන බව ජනතාව දැනුවත් කිරිමට කටයුතු සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු පැණිය බිව්වේ නැද්ද?
මොනවා වුණත් මෙයා වගකීමෙන් වැඩකරන බව පේනවා. ඉතින් ඔය අර කාලි අම්මාගේ පැණිය බිව්වේ නැද්ද හැබෑටම? අපරාදෙ නේ.. පාර්ලිමේන්තුවට ගෙනැල්ලා දුන්නනේ.
හොඳ නිව්ස් එකක් එනකම් අපි බලන් ඉන්නවා.