උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ විකුණූ වෙළඳුන්ට නියම කළ දඩ වලින් රුපියල් මිලියන 56ක් උපයා ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
පසුගිය ජනවාරි මාසයේ සිට අගෝස්තු 9 වැනි දා දක්වා අධිකාරිය මගින් දිවයින පුරා වැටලීම් 12,000ක් සිදුකළ අතර කොළඹ නගරයේ වෙළඳුන්ගෙන් එලෙස උපයා ගත් මුදල රුපියල් මිලියන 50කට ආසන්න වේ.
මහනුවර දිස්ත්‍රික්කයෙන් රුපියල් මිලියන 4.3 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රුපියල් මිලියන 3.6 ක් මෙලෙස දඩ වශයෙන් අයකරගෙන ඇති අතර රජය මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 13 ක් සඳහා උපරිම සිල්ලර මිල පසුගියදා ප්‍රකාශයට පත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පැමිණිලි කළයුතු ආයතන හා දුරකථන අංක දන්වන්න. (නි)