‘මහින්ද හා පවුලේ අය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියා. ඡන්දය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතය රාජකාරි කළ නිසා වැළකී ගියා.‘ යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත සහ ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමිවරු ද ඊට එක් වූහ.
රණවක මහතා මෙසේ ද කීවේය.
‘ආරක්ෂක ලේකම්ගේ අනු දැනුමෙන් ව්‍යාජ බොදු සංවිධාන හදා ජාතික හෙළ උරුමය අඩ පණ කරන්න හැදුවත් එය සාර්ථක වුණේ නෑ.
රාජපක්ෂවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරය කොතරම් ලජ්ජා සහගතද කියනවා නම් මේ මැතිවරණය සදහා බිලියන 250ක් පමණ ආණ්ඩුව වියදම් කළා. බුලත්කොළ නම නමා බණ කිව්වා.
රාජපක්ෂ රාජ්‍ය බලය නැතිව තරග කළා නම් ඡන්ද විසි ලක්ෂයකින් පමණ අපි ජයග්‍රහණය කරනවා. මොවුන් වංචා කළ මුදල් ගැන මොවුන් කළ ක්‍රියාමාර්ග ගැන අපි එකිනෙක හෙළි කරනවා.
මැතිවරණය සඳහා ජාවාරම්කරුවන්ගේ මුදල් ගෙන ගියේ හමුදා බෆල් රියවලින්.
මේ අශීලාචාර රාජ්‍ය පාලනය බිඳ දැමීමෙන් ශ්‍රීලනිප අලුත් වෙයි.
සියලු අපරාධකරුවන්ට අපි නීතියෙන් දඩුවම් දෙනවා.
මහින්ද හා පවුලේ උදවිය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියැයි කියා කවුරුත් වෛර උපදවා ගන්න එපා. රාජපක්ෂවරුන් ජනතාව රැවටවූ හැටි පසුව හෙළි වෙයි.
අපි බැඳ දමන්න ගෝඨාභය පොඩි වැඩියි. සමහර අපරාධකාරයන් රට හැර ගිහින්. නමුත් ඔවුනට එරෙහිව නීතියෙන් කටයුතු කළ හැකියි.
මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා. ‘
මේ කරන චෝදනා වේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය කියයි.
මේ අතර යාපනයේ සාමාන්‍ය වැසියන් පිරිසක් අද (9) පෙරවරුවේ හමුදා කඳවුරක් වටලා ප්‍රහාරයක් එල්ල කළ බව කියන කතාවේ ඇත්තක් නොමැති බව ද බ්‍රිගේඩියර් වනගසුරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා අතීතය අමතක කරන්න. දැන් වැඩකළයුත්තේ වර්තමානය සහ අනාගතයේ දියුණුව වෙනුවෙනි (නි)
පසුගිය ඉතිහාසයේ අපේ රට, දේශපාලන වසයෙන්,ආගමික වශයෙන්, ජාති වශයෙන් බේද බින්න කිරීමට වැඩිම දායකත්වයක් දුන්නේ විමල් වීරවංශයි (නදී)
වැරදිකළ සැමට තරාතිරම නොබලා නීතිය ඉදිරියේ දඬුවම් ලබාදිය යුතුයි. (නි)
කට වහගෙන අපේ නව ජනපතිට උදව් කරන්න .(අ)
දැන් අනුන්ට ඇගිල්ල දික් නොකර වැඩ කර පෙන්වන්න. තව දින 98 යි.(අ)
හිටපු ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඒ වුණත් එතුමා වටේ සිටි වැරදිකරුවන්ට කිසිම දඬුවමක් නොදුන් එක ඡන්දදායකයෝ දැක්කා. ඒ නිසා එතුමාට ජනාධිපතිකම අහෝසි වුණා. ඔබ රට ජාතිය කොටින්ගෙන් මුදාගත් එක ඉතිහාසගත වෙයි (නි)
ලේ පිපාසිතයන්ගෙන් සිංහල බෞද්ද රට බේරා ගත්ත එඩිතර නායකයට අපහාස කරන්න එපා මනුස්සයෝ. අපිට බලන්න පුළුවන් ඉදිරියේදී ඔහෙලගෙ සුපිරිසිදු පාලනය. බහුතර බඩ ගැන පමණක් හිතන සිංහලයොයි ඊලාම් වදියොයි එකතුවෙලා සිංහයෙක් පරදවපු එකේ ආනිසංස ළඟදිම බැලුව හැකියි. (අ)
බොරු කීමෙත් සීමාවක් තියෙන්න ඕනෑ. චම්පික මහත්තයෝ, ජනතාව ඔබතුමන්ලාට ඡන්දය දුන්නෙ රටට වැඩක් කරන්න (නි)
දැන් ඉතින් පත්වුණ කෙනාට සහයෝගය දී වැඩ කරන්න. ඔය පවුල්වාදය නම් මේ රටින් තුරන් කරන්න ඕනෑ. සුදුස්සාට සුදුසු තැන ලැබුනොත් මේ රටේ දියුණුව ඇති වේවි. උගතුන් වැදගතුන් බලය බාරගන්නේ කොහොමද කියලා පොදු විපක්ෂය පෙන්නුවා වගේම කවදාහරි බාරදෙන්නෙත් කොහොමද කියලා ආදර්ශවත්ව මෛත්‍රී මැතිතුමා පෙන්වාවි කියලා අපිට විශ්වාසයි. (නි)
දැන්වත් බොරුකියන එක නවත්වනවද, මිනිස්සු රවට්ටල ඔයාලගේ වැඩේ කරගත්තනෙ. දැං ඉතින් කරල පෙන්නන්න ඔයාලගෙ වැඩ. (නදි)
මේ නඩය මෛත්‍රී මහත්තයවත් විනාශ කරයි වගේ. මුලින්ම මේ හොර නඩය පන්නන්න ඕනා. නැත්නම් මෛත්‍රී නාමයත් කැත කරයි. (නදී)
කෝ අනේ අපේ යාළුවා බන්දුල පෙරේරා? (නි)
පරදවන්න බෑ කියපු කොටි, අතු ගාල දාපු ආරක්ෂක ලේකම්, යුධ හමුදාව එක්ක කරන්න ගිය දේ පොලිස් ලොක්කයි මැකොයි වැලක් වුවා කියන්නේ එයාල දෙන්න සුපර් මෑන් ලා දෙන්නෙක් වෙන්න ඕනේ. අපි සලකනවා මදි. යුද හමුදාවක් පාලනය කරන මිනිහට ඕනේ කමක් තිබ්බ නම් නොකර ඉඳීවිද? (බ)
මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකර ගෙදර ගියානේ. ඉතින් තවත් ඔහුට නිගාදෙන්න එපා (නි)
දැන් ඉතින් කියව කියවා ඉන්නේ නැතුව මහින්ද කළාටත් වඩා වැඩ කර පෙන්වන්න. අනෙක් අය බලපොරොත්තු වුණේ එයයි (නි)
අතිමහත් බහුතර සිංහල ජනතාව ජනපති මහින්ද සමඟයි. මෙවන් වෛරී අදහස් ගැන පුදුමයි.මේවා විශ්වාස කළ හැකිද? දැන් වැඩකර පෙන්වන්න. (නි)
මිනිස්සු මේවා විශ්වාස කරනවද? මඩ ගැසීමේත් සීමාවක් තියෙනවා නේද? (නි)
ඔබට මතකද එක්වරම ප්‍රථිළුල දීම පැයක් පමණ ප්‍රමාද වුණා. ඒ තමයි අවස්ථාව. මේ නිව්ස් එක අපටත් ආවා. (නදී)
මොනව කලත් අපිට වැඩක් නෑ අපේ සිංහල රට බෙදල.උතුර නැගෙනහිර බෙදුවොත් එදාට අපි මරාගෙන මැරෙන්න වුනත් ලැහැස්ති මගේ රත්තරන් ලක් මව වෙනුවෙන්. සිංහල ජාතියේ ගැලුම්කරුවානෝ මහින්ද මහතාණෙනි ඔබට මගේ උත්තමාචාරය. (අ)
එවැනි දෙයක් කරන්න ගියා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් කරලා සියලු තතු රටට හෙළිකර වැරදිකරුවන්ට නිසි දඬුවම් දෙන්න (නි)
මේ කියන කතාව ඇත්ත වුනොත් මේ අයට දෙන දඩුවම මොකක්ද?(හේ)
නව රජයට ඔබ ඔබගේ වටිනා ඡන්දය භාවිතා නොකළේනම් කවදා හෝ ඔබ දුක්වනවා නොඅනුමානයි (නි)
හැබැයි මොන කතා කිවුවත් ලෙස්ටර්ගේ සිද්ධියේදී නම් අධිකරණයට උත්තර දෙන්න වෙයි. (නි)
දැන් ඉතිං දෙගොල්ලෝ කියවගෙන වැඩක් නැහැ ජනතා මතයට ගරු කරලා ගිය දේවල් අමතක කරලා පාට බෙිදයකින් තොරව වැඩ කලොත් රටට වරදින්න විදිහක් නැහැ (නදි)
නහී වේරේන වේරානී... පළිගැනීමේ අදහස් ඉවතදාලා දැන් වැඩ කරන්න. (නි)
මහින්ද මහතාගේ අගය තේරෙන්නේ දැන් නෙමෙයි. ඉවසලා ඉන්න. රට ජාතිය ආගම ගැන කියනකොට එතුමා මට දෙවියෙක්. (නි)
මඩ ගහන්නේ නැතිව වැඩ කරන්න. මහජනතාව ප්‍රතික්ෂේප කල අය ගැන කතන්දර අවශ්‍ය නෑ. ඔය හැම දෙයකම වෙනසකට තමයි මහ ජනතාව ඡන්දය දුන්නේ. (නදි)
සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනාගේම නායකයා මෛත්‍රී. මේක අපි හැමෝගෙම රට. (නි)
අපි බලාගෙන ඉන්නේ යහ පාලනය ? (නදි)
අති ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමනි, ඔබ කිසිදා පරාජය වූ යේ නැත . පරාජය වූ යේ ඔබ දිනා දුන් දේශය රැක ගැනීමට නොහැකිව රටට ද්‍රෝහී වූ අපිය. මහින්ද රාජපක්ෂ නාමය මේ රටේ නියම සිංහල බෞද්ධයාට අමතක වන්නේවත්, අමතක කරන්නටවත් බැරිය . නියම සිංහලයින්ගේ ඇස්වලින් කදුළු ගලායන්නේ එබැවිණි ..... මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, අපහට ඔබ ගැන වෛරයක් නැත.. අපට ඇත්තේ එකම එක ඉල්ලීමකි. එය නම් මහින්ද රාජපක්ෂ ජනාදිපතිදුන් දිනා දුන් මේ රටේ නිදහස සහ සාමය ඒ අයුරින්ම පවත්වාගෙන යන ලෙසත්, මේ රට කිසිවෙකුටත් බෙදා නොදෙන ලෙසත්ය . එසේම ඔහුව ආරක්ෂා කරන ලෙසත්ය. ඔබගේ ජයග්‍රහණයට අපි සුබපතමු. සුරක්ෂිත රටක්....... සුබ අනාගතයක්. (නදි)
මොකද පාඨලී මන්ත්‍රීතුමා කියන ඒවා බොරු කියලද දැන් කට්ටිය කියන්නේ? කට්ටිය දැන්වත් ඔය කඩේ යන ගතිය නවත්වාගන්න.මේක මෛත්‍රී පාලනයක්. (නි)
මම හිතන්නේ ඔබ අලුත් විමල් ගේ චරිතය රගන්නේ (නදි)
මුණසිංහ, දැන්වත් ඔය කතා අමතක කරලා සියලු පුරවැසියන් ලාංකිකයන් හැටියට පිළිගෙන ඉදිරියට යමු නේද? (නි)
දැන්වත් බේගල් ඇදිල්ල නවත්වලා වැඩකරන්න, ලකුණු දාගන්න එකේ එක කියන දේවල් අහන්නේ නැතුව (අ)
හමුදාව බලෙන් ඉන්න නම් සාධාරණ ඡන්ද තියන්න ඕනෑ නැහැනේ (නි)
ඩග්ලස්, සත්‍ය එළිවෙලායි තියෙන්නේ. ඇයි එහෙනම් පැරදුනේ? නව රජයට මගේ සුබ පැතුම්! (නි)
හිටපු ඡනාධිපති වරයාට බොරු චෝදනා එල්ල කරන්න එපා... එතුමා අපේ රටේ නිම කිරීමට නොහැකිව තිබූ කුරිරු ත්‍රස්ත්‍රවාදය නිමා කල නායකයායි.... මහින්ද රාඡපක්ෂ ඡනාධිපති තුමාට අපි ඡීවිත කාලය පුරාම ගරු කල යුතුයි.....
පිරුණු කළේ දිය නොසැළේ.... (නි)
ජගත්, ඔබ වැනි පුද්ගලයින් අනාගතයේදී දුක්වනු නියතය. ඉදිරියේදී ගැටළු රාශියකට මුහුණදෙන්න සිදුවන්නටද පුළුවන. (නි)
ඇත්තටම ලැජ්ජයි මෙහෙම අය පාර්ලිමේන්තුවට යවපු එක ගැන. සොබාදහම හරිම සුන්දරයි. වැරදි කෙනාට දඩුවම් දේවි වෙලාවට.
පසුගිය ආණ්ඩුව වැරදීම හින්දා පන්නලා දැම්මා . ඔබ තුමන්ලා වැරදි කරන්ට හීනෙකින්වත් නොහිතන හින්දා බලයට ගේනවා , මොකද කලින් බලේ ඉන්න කාලේ වත් හොර බොරු කරලම නෑනේ නේද . කමක් නෑ අපි බලාගෙන ඉන්නම් . වෛරය පලිගැනීම නවත්වලා ගැරහීම් නවත්වලා සාමන්නිය මිනිසුන්ට වඩා වැදගත් විදියට දේශය ගොඩගන්ට බලන්න . මහජනතවගේ විස්වාසය ඇතිවෙන්ට පොන්සේකා මහත්තය ආරක්ෂක ලේකම් කරන්න එතුමාට බය වෙන්ට එපා . අපිට වටින්නේ කෑම නෙමේ රට ජාතියයි . උතුරේ හමුදාව හිටිය කියලා ඒ මිනිස්සු කාටවත් බරක් වෙන්න විදියක් නෑ නේ . ඒ අය පාඩුවේ එහෙ හිටපු දැන් . පාලනයේ යහපත් බව ආරම්බයේ සිටම අපි බලාගෙන ඉන්නවා (අ)
රටේ දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න හිටපු ආණ්ඩුව මොනවද කරලා තියෙන්න? නමුත් යුද්ධය නිමකිරීමේ ගෞරවය ඒ ආණ්ඩුවට දෙන්න ඕනෑ. (නි)
චම්පික කරන දේ හරියටම හරි. රට පනින්න දෙන්නම හොඳ නැහැ (නදී)
පළිගැනීමේ චේතනාවෙන් මිදෙන්න. රටේ නීතිය කඩකළ අයට පමණක් නීති මාර්ගයෙන් කටයුතු කරන්න. පළිගැනීම කාලය නාස්ති කිරීමක්. පසුගිය ආණ්ඩුවේ සිටි සමාජවිරෝධී, අශීලාචාර, නොහික්මුණු, දේශපාලනයට නුසුදුසු අය කිසිසේත් ළංකර ගන්න එපා. ඔවුන් දේශපාලනයෙන් අතුගා දමන්න. උගත් බුද්ධිමත් පිරිසක් රට පාලනයට යොමු කරන්න. රටට විදේශ ආදායමක් ලැබෙන එක නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන්න. ජනතාවගෙන් කිසි කෙනෙකුට නිකරුනේ කාලය ගතකරන්න ඉඩ නොලැබෙන ආර්ථික ව්‍යුහයක් ඇති කරන්න. එවිට රට දියුණුවේවි. (නි)
වැඩි වැඩියෙන් බොරු හදලා කියපු තරමට තමාගේ මල්ල පිරෙනබව සමහරු දන්නවා (නි)
දැන් ඔය ඇති.බලමුකෝ යහපාලනය. (නි)
චම්පිකයාණෙනි, ඔබ ඔහොම කතාකරන්නේ කොහොමද? (නි)
කවුරු කොහොම කිව්වත් රට එක්සේසත් කළ රජු මහින්ද රාජපක්ෂ මැතිතුමයි,එහි ගෞරවය එතුමන්ට ලැබිය යුතුයි.මමත් ඡන්දය පාවිච්චි කලේ මෛත්‍රීපාල මැතිදුන්ට.,රාජපක්ෂට විරුද්ධව නෙවෙයි.එතුමා වටේ ඉදලා වැරදි කරන අයට විරුද්ධව.මහින්ද රාජපක්ෂ මැතිතුමා සදා ලංකාව බේරාගත් උත්තම යුග පුරුෂයාමයි,අපව ආරක්ෂා කල එතුමන්ව දිවි හිමියෙන් ආරක්ෂා කිරිම කලගුණ දන්නා ජාතියක වගකීමයි.පරන දේවල් අතහැර අලුත් ලංකාවක් බිහිකිරීමට මෛත්‍රීපාල මහතා පෙරමුණ ගත යුතුයි. (අ)
නීති විරෝධී අපරාධයකට චෝදනා නැගීම හෝ නිත්‍යානුකූලව දඬුවම් දීම වරදක් නොවේ . කිසිදු අයෙක් කලින් කරපු වැඩ නිසා පසුව කළ වැරදි වලට දඬුවම් නොලබා බේරිය නොහැකිය'(දිල්)
හොරුන්ට දඬුවම් ලබාදීම යහපාලනයේ අංගයක් තමයි. ඒක පළිගැනීමක් කියන්නේ තාම කඩේ යන අය තමයි. කවුරු කෙසේ කිවුවත් රටට වැඩ කරමින් හොරුන්ට දඬුවම් ලබාදීම බහුතර ජනතාවගේ බලපොරොත්තුවයි. (නි)
මිනිස්සු ඔබතුමාලට ඡන්දය දුන්නේ කාටවත් දඬුවම් දෙන්න නෙමෙයි, යහපාලනයකට. (නි)
නීතිය සැමට සාධාරණව කරන්න. එවිට රට ඉබේම හැදේවි. (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
සමහර අයට ඇත්ත හරියට පෙනෙන්නේ නෑ හරිම කනගාටුයි (දිල්)
ඉස්සර අපි හිතුවේ ඔබතුමා ප්‍රතිපත්තිගරුක කෙනෙක් කියලා. බල තණ්හාවෙන් වීදුරු ගෙවල්වල සිට ගල් ගහන්න එපා. (නි)
ඔඩෙල් සිද්දියේ සිට මෑතක් වන තුරු මම ඔබතුමාට ගෞරව කලා. එ්ත් ඔබෙත් තියෙන්නෙ මඩ දේශපාලනයක්. බොරු ලොකයක්. දැන්නම් කිසි විශ්වාසයක් නැහැ ඔබ ගැන. (නදී)
මම නම් හිතන්නේ නැහැ (නි)
දැන් ඉතින් කිය කියා ඉදලා හරියන්නේ නෑ කියපු දේවල් කරන්න වෙයි.(දිල්)
දැන්වත් මහත්මා දේශපාලනයට ගරුකර සමාජයේ වෛරය පතුරුවන දේ නොකියා සිටින්න මහත්තයෝ. (නි)
ඡායාරූප එහෙම කාළඟවත් නැද්ද දන්නේ නැහැ (නි)
කියවා තේරුම් ගන්න ගෙදර ගියේ හිතකින්ද කියා (නි)
අපි කලින් ඡන්දය දුන්නේ මහින්ද මහත්තයාට. ඒත් මේ පාර මෛත්‍රී මහත්තයාට දුන්නා. (නි)
මොකද මේ මිනිස්සු මෙච්චර බොරු කියන්නේ (දිල්)
යහපාලනය වගේම වැරදි කළ පුද්ගලයන්ට අනිවාර්යෙන්ම දඬුවම් දියයුතුයි. (නි)
වැඩි කතා අවශ්‍ය නැහැ. දැන් ඔබතුමාලගේ යහපාලනය පටන්ගන්නකෝ බලන්න (නි)
හොඳ වෙලාවට නපුරක් නොවුණේ (නි)
තව දින 99 යි. අපි බලමු..... (නි)
කළ දේවල්වල හැටියට පුදුම වෙන්න දේකුත් නැහැ (නි)
කරන්න ඔබ පොරොන්දු වුණ දේවල් පමණක්. නිදහසට කරුණු අවශ්‍ය නොවේ (නි)
සමහරු ජරාව කාලා රස වැටුනහම තනතුරු අතහරින්න කැමති නැහැ. (නි)
මොකද පාඨලී මන්ත්‍රීතුමා කියන ඒවා බොරු කියලද දැන් කට්ටිය කියන්නේ? ළඟදීම තවත් දේවල් එළිවෙයි. එතෙක් ඉවසන්න ! (නි)
අපෝයි ඔව් ... දැන් ඉතින් ඔය කිව්ව කතාවත් බොරුවක් කියලා ඔප්පු වුණාම අපේ පාඨලී ට පුලුවන් "අනේ ඒක මං කියපු කතාවක් නෙවෙ කව්ද කියපු කතාවක් තමයි මං අහන් ඉදලා කිව්වේ කියන්න (දිල්)
අපිට පක්ෂ බේදයක් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය නිමකළ එකම ඇති. නිදහසේ ජීවත්වෙන්න දුන් එකම ඇති.ඒ නිසා ඔබ අපට සදා අමරණීයයි (නි)
මෙතුමා හිතේ එකක් තියාගෙන කටෙන් වෙන දෙයක් කියන කෙනෙක් නෙමෙයි කියලයි මට හිතන්නේ. කියන්න තියෙන දේ කෙළින් කියන කෙනෙක්. අපි බලමු අනාගතයේ මොකද වෙන්නෙ කියලා. (නි)
චම්පික,ඕක නවත්වන්න.බොරු කියන්න එපා (නි)
හිටපු ජනපති අප අතරේ නොමැකෙන උතුම් කෙනෙකි. මහා යුග පුරුෂයෙකි. (නි)
මහින්ද රාජපක්ෂ අපේ රටේ ජාතික වීරයෙක් 'මහා යුග පුරුෂයෙක් එවැනි පුද්ගල චරිත වලට අපහාස කරන්න එපා කිසිම කෙනෙක්. (දිල්)
ඔබතුමා ගැන සැහෙන විශ්වාසයකින් අපි හිටියේ චම්පික මහත්තයා. දැන්නම් ඒ ගැන ලැජ්ජා වෙනවා. වගකිවයුතු පුද්ගලයෙකු වුණාම මීට වඩා තමන් කියන කරන දේවල් වලදී සැළකිලිමත් වෙන්ට ඕනෑ (නි)
වැරදි කා අතිනුත් වෙනවා. වැරැද්ද ඒ ඡායාරූපය මොහු අතට දුන් කෙනාගේ නොවේද? මහත්මයෙක් විදියට ගිහින් සමාව ගත්තනේ. තව මොනවද? (නි)
ඊයේ වැඩ පටන් ගත්තේ. මේ දවස් දෙක නිවාඩු. දීපු පොරොන්දු සදුදා ඉදලා ඉටු කරන්ඩ පටන් ගනියි කලබල වෙන්නේ නැතුව ඉන්ඩ.(දිල්)
අපේ ළමයින්ට රටක් ඉතුරු කරන්න (නි)
හිටපු ජනාධිපතුතමනි. කරුණාකරලා අනෙක් අයටත් රට පාලනය කරන්න දීලා පැත්තකට වෙලා ඉන්න (නදී)
මහා ඡන්දෙකදී සියල්ල වඩාත් නිවැරදිව සිදුවන්නට ඉඩ ප්‍රස්තාව එළඹෙනු නොඅනුමානයි, එවිට බලා ගත හැක සිංහල බෞද්ධ ඡන්ද වල කැමැත්ත මොන ආකාරයෙන්ද සිදුවන්නේ කියා ,කෙසේ වෙතත් එවිට පිරිසිදු චරිතවත් අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට අරින්න සියල්ලෝම පෙළ ගැසෙන්න (බ)
කටේ බුදු රැස්. බලාපොරොත්තුව ධර්ම රාජ්ජයක්. අරමුණ පළිගැනීම. (ස)
අද සිංහල බෞද්ධ කියලා මිනිස්සු බෙදන්න බැහැ. හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා විතරයි බෙදන්න පුළුවන් (නි)
කවුරුන් කෙසේ කිවුවත් වැරදි කරනලද සියලු අයට වගේම ඔවුන්ගෙන් ප්‍රයෝජන ගත් සියලු වන්දිභට්ටයින්ට දඬුවම් කළයුතුමයි. ඒක බහුතර ජනතා ඉල්ලීම. ගෞරවය බාරගැනීම වගේම කළ වැරදි වල වගකීමත් බාරගන්න (නි)
පා.ච රණවක මහත්තයා දැන් ඔය බොරු කියවිල්ල නවත්තලා, කරනවා කියපුවා කරල පෙන්නන්න. ඔයා කවුද කියලත් අපි දැනගත්තා පහුගිය කාලේ. (නදී)
සිංහලයන්ට රටක් දැන් නැහැ (නි)
හමුදාව යොදවල බලය ගන්න ඕනැ නම් ඡන්දයක් නොතියාම ඒක කරන්න තිබුනනේ'? දැන්වත් මඩ කඩේ වහල වැඩ පටන් ගන්න. (නදී)
කරුණාකර වෛරය වපුරන්න එපා. ඔබලාම තමයි එදා රාජපක්ෂලාගේ ගුණ වැයුවේ. ඔබලාට අපේ ගෞරවයක් එදා තිබුණා. ඒත් දැන් නම් එපා වෙලා තියෙන්නේ (බ)
හොරු කියනවද අනේ අපි හොරකම් කලා.කියල. (ස)
මහේෂිකා, දහම් , රත්නපාල, හිතට එකඟව කතාකරන්න (නි)
රත්මලානේ සල්ලි ගැන චම්පික කියන්නේ මොනවාද? මගේ 55% ගණන් සෑදීම තේරුම් ගන්න බැරි ගණිතය අසමත් අයට විතරයි.(දිල්)
මේ පරාඡයට හේතුවද තන්හාවමය. ඡේ.ආර් මහතා නිර්මාණය කල දෙයටත් වඩා බලතල වැඩි කරගෙන විනාශ වුයේ ඔහුමය. තමන් කරන දෝහි නින්දිත වැඩ ආපසු කාටත් කැරකි එනවාය. සරත් පොන්සේකාට, ශ්‍රීයානි බංඩාරනායක, ලසන්ත වික්‍රමතුංග මේ ආදී කීදෙනකුට තම බලය අයුතු ලෙස යෙදවුවාද. මේ සියල්ල අධික බල තන්හාව නිසා මෝහයෙන් කල දේවල්ය. ඒවාට විපාකයක්ද ඇත.(නදී)
තවත් එතුමාට අපහාස කරන්න එපා. ඔහු මහා ප්‍රතාපවත් නායකයෙක් (නදී)
මමත් පුද්ගලිකව ඔබතුමාගේ අදහස්,චින්තනය අගය කරන්නෙක්. ඒත් කරන කියන දේ වලින් ජනතා ආදරය පිළිගැනීම වෙනස්වන හැටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සිදුවූ දෙයින්ම පැහැදිලි වේ. (නි)
තවත් එතුමාට අපහාස කරන්න එපා. ඔහු මහා ප්‍රතාපවත් නායකයෙක් (දිල්)
එහෙම කළා නම් ඡන්දයෙන් නිරූපණය වන මහජන පරමාධිපත්‍යට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ අපරාධ චෝදනාවක් ගේන්න පුළුවන් (දිල්)
යහපත් විදියට රට කරන්න පුළුවන් නම් හොදයි කවුුරු වුනත් (දිල්)
චම්පික මහත්තයෝ, ඇත්ත මුලු ලෝකයම දන්නවා. ඔබ ඔය කතාව රාජිත මහතාට කියන්න. එතුමත් ඔබ වගේ සිහින ලෝකයක ඉන්නේ. (නදී)
චම්පික, කරුණාකර අනාගතයට හිත යොමුකරන්න. (නි)
ආබ්දීන් උන්නැහේට මේකට කියන්න දෙයක් නැහැ. ඔහෙලා මොනවටද හැරෙන්නේ කියල මුළු ලෝකෙම දන්නවා. (නදී)
වෛරී දේශපාලනය එපා. නමුත් චුදිතයා අදිකරණය තුල වැරදි කරු කල යුතුය. නැවත කැලේ තීන්දු එපා. මෛත්‍රී වේවා (නදී)
යටි අරමුණ මේකයි, ජනතාව වෙනසක් බලාපොරොත්තු වුනත් තවම මහින්ද මහත්තයාට ලෙන්ගතුකම තියෙනවා, ඒ නිසා මෙයාලගේ වැරද්දක් දෙකක් අහුවෙච්ච ගමන් ලේසියෙන්ම ප්‍රතික්ෂේප වෙනවා, පැවැත්ම වෙනුවෙන් මේ බොරු ගොතන්නේ, අපරාදේ සිල්වත් ජීවිතේ මෙතුමාගේ.(හේ)
මේවා ඇත්තද? මට නම් හිතන්න අමාරුයි (නි)
හිටපු ජනපතිතුමා කිසිවක් නොකළේයැයි කිසිවෙකුට පැවසිය හැකි නොවේ. (නි)
යුද්ධය නිමකර රටට සාමය ගෙන ආ උතුමාණන්ට තවත් අපහාස කරන්න එපා. පුද්ගලික කාරණා කෙසේවුවත් ඔහු අපට උතුමෙක් (නි)
රටේ සිංහල බහුතරය මහින්ද රාජපක්ෂ සමඟයි (නි)
අපි කොහොමද ඔබ කියන දේවල් විශ්වාස කරන්නේ ? ඔබ ප්‍රසිද්ධියේ සමාව ගතයතු වරදක් කර තිබෙනවා. ප්‍රසිද්ධ ජනමාධ්‍ය භාවිතා කරමින් ඡායාරූපයක් විකෘති කර මඩ ගැසීම හොඳද? (නි)
මම ඡන්දය දුන්නේ මෛත්‍රීට. අපිට ලොකු බලාපොරොත්තු තිබෙනවා වෙනසක් වේවි කියලා. ඒත් චම්පික මහත්මයා කියන දේවල් ගැන අපිට විශ්වාසනීයත්වයක් නැහැ. (නි)
මොනවා කිව්වත් බහුතර සිංහල ජනතාවගේ එකම ජනපති මහින්ද මහත්තයා තමා. (නි)
සහන්, ඔයා කොහොමද එහෙම කියන්නේ? (නි)
රජයේ තිබුණු වංචා හා දූෂණ නොබියව රටට හෙළිකළ නිසාතමයි බොහෝ අය රණවක මහතාව විවේචනය කරන්න පෙළඹිලා තියෙන්නේ. (නි)
යහපාලනය රජකරන හැටි අපි බලමුකෝ.... (නි)
දැන්වත් ඔය ගිනි අවි සහ ගිනිකෙළි ටෙලිනාටකය නවත්වමු (නි)
තම රට පාලනය කල නායකයෙකුට අපහස කිරීම සිංහලයෙකුට නොවටින දෙයක් එනිසා රටේ සියලුදෙනා එතුමාට ගරුකළ යුතුය ඉදිරියේ දී එන නයක්යෙකුටවට අපහස කරන්නේ අදීන ගති පුද්ගලයන්ය . දේසපාලනය සංඝයා වහනසේ කෙනෙකුට අැවැසි නැත; මෙයින් වෙන්නේ අපේ ජනතාවට බුද්ධාගම එපවීමයි පළමුවෙන්ම චම්පික මහතා ඔබ නොරොච්චෝලේ ගල් අගුරු ගනුදෙනුවට සම්බන්ද බව නොරහසකි ඔබ මේ ජනපති තුමාට හේත්තු වුණේ එ් නිසා ද (අ)
රජයේ තිබුණු වංචා හා දූෂණ නොබියව රටට හෙළිකළ නිසා තමයි අපි මේවා දැනගත්තේ (නි)
මහින්ද රාජපක්ෂ කියන්නේ නියම සිංහලයෙක් කියලා ලෝකයටම ඔප්පුවෙලා අවසානයි. (නි)
චම්පික මහත්තයෝ, ඔබතුමාට බොහොම ගෞරව කළ පුද්ගලයෙක් වගේම ඡන්දය දුන් කෙනෙක් මේ ලියන්නේ. ඔබතුමා කියූ සත්‍ය හෝ අසත්‍ය කාරණා විශාල ප්‍රමාණයක් අපිට අහන්න ලැබුනා පසුගිය කාලයේදී. දැන් ඔබතුමන්ලානේ පාලනය කරන්නේ. ඉතින් පමානොවී අපක්ෂපාතී පරීක්ෂණ කොමිසමක් පත්කරලා මහින්ද මහතා ඇතුළු අය වැරදිකාරයෝ නම් ඊට පියවරක් ගන්නකෝ. ඔබ කියපු කාරණා ඔප්පු කරන්න පුළුවන් එතකොටනේ. ඔය මේ කියන චෝදනාවත් පරීක්ෂා කරන්න. ජනතාව බලා සිටිනවා.... (නි)
දැන් ඉතින් හොඳහොඳ කතා අහන්න ලැබෙයි (නි)
අවංකවම මං චම්පිකට ගොඩාක් කැමති කෙනෙක්. නමුත් මේ කරන කියන දේවල් ඇහුවහම මට දැනෙන්නේ වෙනත් හැඟීමක්. මහත්තයෝ, ආ ගිය දේ අමතකකර පිවිතුරු හෙටක් හදන්න නව ජනපතිතුමාට උදව් කරන්න. (නි)
සිද්ධ වු හෝ සිද්ධවන්නට ගිය ඉහත සඳහන් සිද්ධීන් නීත්‍යානුකූලව වළක්වා සාමකාමී දේශයක් ගොඩනැඟීම සඳහා දැන් ජනතා ආශිර්වාදය ලැබී ඇති බැවින්, නහී වේරේන වේරානී යන බුදුවදන මතක් කරමින්, නව ජනාධිපතිතුමා දුන් ප්‍රතිඥාව පෙරටුකරගෙන දේශයේ විමුක්තිය සඳහා කැපවන ලෙස ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වශයෙන් ආයාචනා කරමි (නි)
රට පාලනය කරන්න එන හැමෝම අතින් වැරදි වෙනවා. තමන් ගැන හෝ තමන්ගේ බලය ගැන හෝ නොහිතන මිනිසුන් ලොකයේ කොහේවත් නෑ. සාමාන්‍ය මිනිස්සු ආශාවෙන් තොර වෙලා නෑ. යමක් අවසානයේ සිදු වූ වැරදි මිස කළහොද මතක් නොකිරීම සිංහළයාගේ පුරුද්ද. කොහොම වුනත් මහින්ද කියන්නේ යහපත් නායකයෙක්වගේම උතුම් මිනිසෙක් ඔහුට ගරහන්න එපා. (හේ)
සිංහල ජනතාවට කළගුණ සැළකීම ගැන තවටිකක් හිතන්න තිබුනා. බුදුවදනට අනුව සියලු දේ අස්ථිරයි. මහින්ද හිටපු ජනපතිට තෙරුවන් සරණ ලැබේවා! (නි)
එතුමා අපිට හැමදාමත් මහා යුගපුරුෂයෙක් .මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු රජතුමා පැරකුම් රජතුමා අපිට අදටත් වීරයෝ.එත් එදා ඒ කරපු දේ නෙමේද මහින්ද රාජපක්ෂත් යුද්දේ ඉවර කරලා කලේ?අද වගේම හෙටටත් අපේ රජතුමා මහින්ද රාජපක්ෂ.පැරදුනේ ඔහු නෙමේ සිංහල අපි. (අ)
ඔය හැමෝම උදය ගම්මන්පිල ගේ ට්විටෙර් වෙබ් එකේ තියන රාජිත සේනාරත්නගේ කතාව අහන්න ..එ්ක හොරෙන් රෙකෝර්ඩ් කරපු එකෙක් බොන පාටියක.. මොකද්ද වෙන්න යන්නේ කියල එකේ තියනවා.. මේක ඉලෙක්ෂන් කෙන් ඉස්සල රෙචොර්ඩ් කරපු එකක් එතකොට පොදු විපක්ෂයක් ඇවිල්ලත් නෑ (බ)
නව ජනාධිපති පත් වුයේ ' මෛත්‍රී පක්ෂ' ඡන්දවලින් නොව' මහින්ද විරෝධී දෙමල හා මුස්ලිම් ඡන්ද' වලින් බව ඉතා පැහැදිලි සත්‍යයි. (නදී)
ඔබතුමාට ඇත්ත කියන්න පුළුවන් වුණේ දැන්ද? ඇයි මීට කලින් කළ දේවල් ඒ දවස්වලම නොකිවුවේ? (නි)
මහින්ද රජපක්ෂ මහත්මය වටෙ රැස් වෙලා ඉන්න පිරිස දැක්කම මෙයල බය වෙල ඉන්න.. වෙන මොකුත් නෙමේ....මමත් ඡන්දෙ දුන්නෙ මෛත්‍රිට..නමුත් පරක්කු වෙල හරි මට ඇත්ත තෙරුනා ..මරුවත් අයෙ මහින්ඩ මත්තයව අත අරින්නෙ නැහැ. ..අපි ඔබ සමගයි...(අ)
අපිත් හංසයාට දුන්නේ ඒත් රට රැකපු නායකයාගෙන් පලි ගන්න හැදුවොත් එය වෙනුවෙන් මැරෙන්න උණත් අපි යනවා .දැන්ම ඕක නවත්වන්න.ඕක ඔයාගෙත් අලුත් ආණ්ඩුවේත් විනාශය මීට කලින් ඔය අයත් කලානේ (අ)
සිංහල බෞද්ධ ඡන්ද වැඩි ප්‍රතිශතයක් හිටපු ජනපති ලබාගත් බව පැහැදිලි සත්‍යයක්. ජනතාව ඇත්ත තේරුම්ගෙන අවසන්ය. (නි)
අපිට ඇත්ත මොකක්ද කියලා ළඟදීම දැනගන්න ලැබේවි (නි)
මට නම් විශ්වාස කරන්න අමාරුයි. මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් (නි)
හොඳින් පරීක්ෂණ පවත්වා සුදුසු තීරණයක් ගන්න. (නි)
කියන්න කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි (නි)
වැරදිකළ සැමට තරාතිරම නොබලා නීතිය ඉදිරියේ දඬුවම් ලබාදිය යුතුයි. (ර)
මේ කතා දැන් ඇති. ජනතාව තීන්දුව දීලා අවසානයි. දැන් ඔබතුමාලට වැඩ කරන්න කාලය පැමිණ ඇත.අපේ නිදහස් රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න. (නි)
ඩග්ලස් ගැන හිතෙන දේ මට කියන්න අමාරුයි (නි)
ජනතාව අසරණයි, කවුද ඇත්ත කියන්නේ, ඔබද , හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාද? මෛත්‍රී පාලනය තුල ඔබ ආදර්ශමත් ද? (ස)
රට ජාතිය බේරාගත් නායකයන්ට ඔය වගේ කතා කියන්න එපා. උඹලා ඔය ලැජ්ජා කරන්නේ රට බේරාගත් වීරෝදාර හමුදා විරුවන්ට නේද. උඹලා අද නිදහසේ පාරේ බැහැලා යන්නෙත් එම උතුම් යුග පුරුෂයාගේ එඩිතර තීරණ ගැනීමේ ශක්තිය නිසා බව තේරුම් ගනිල්ලා. (නදී)
නමුත් රටේ සිංහල බෞද්ධ ජනතාවගෙන් 55%ක් තවම මහින්ද මහතා සමඟ බව අමතක කරන්න එපා. (නි)
මුණසිංහ, හරියටම ගණන හැදුවේ කොහොමද? (නි)
විශ්ව විද්‍යාල ශිෂ්‍යකේව සිටි අවදියේ සිටම පාඨලී දුර දක්නා නුවණකින් අදහස් ප්‍රකාශ කලා. මේ දේශපාලන විපර්යාසය පිටුපස මහා මොලකරු ඔහු බව අපි දන්නවා. ඔහු නොසිටින්නට රට නය උගුලක හිර වෙන බව ස්තිරයි. මේ සමහර අමනයන් ඉතිහාසය නොදැන කරන කතා ගැන කනගාටු වෙනවා. කෙදිනක හෝ ඔබ රටේ නායකයා වනු දැක්ම අපේ අපේක්ෂාවයි (නදී)
අර ඡායාරූප සෙල්ලම නිසා මගේ නම් ගරුත්වයක් ඔබට දැන් නැහැ. (නි)
දුෂිතයන් රටේ සිටීම අනාගතයේදී හෝ රටට නැවත විනාශය ගෙනදිය හැක. එම නිසා වහාම ඔවුන් නීතිය හමුවට ගෙන එන්න. (නදී)
දිනුවා. හොර ඡන්ද කතාත් කියන්න බැහැ. දැන් මෙහෙම කියනවා. බලාගෙන ගියාම මේ මම කලින් ගරුකළ කෙනාමද කියලා හිතෙනවා. (නි)