රාජපක්ෂ පවුලට හා එම කල්ලියට විරුද්ධව ඇති වංචා හා දුෂණ චෝදනා පරීක්ෂණ අත්හිටුවන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත මැදමුලනට යන බවත් එතැන් සිට ඔහු පන්සල්වලට ගොස් සිල්ගනු ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (07) ප්‍රකාශ කළේය.
අල්ලස් කොමිසමේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් පත්කිරිමේ වැඩකටයුතු අක්‍රීය කළ රාජපක්ෂ කල්ලියේ මීළඟ ඇමුණ වන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨසයේ වැඩකටයුතු අක්‍රීය කිරිම බව ද ඔහු පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පිරිසේ වැඩකටයුතු සම්බන්ධයෙන් මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන ජනාධිපති හා අගමැති තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන බව පැවසු අනුර කුමාර දිසානායක මහතා වංචා හා දුෂණ චෝදනා පරික්ෂණ ඇනහිටිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා රටේ ජනතාව හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු යැයි ද පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ බීෂණ කලේ විනාශ කල ජාතික සම්පත් ගැන හොයන්නේ කව්ද ? (නදී)
මම ගොට්ට අල්ලනවා (නදී)
මේ මහත්තයාගේ දේශපාලන කතාවක් අහපු කෙනෙක් ඉන්නවානම් මට කරුණාකර කියන්න ඒ කතාව ඔබට තේරුණාද කියලා. (නදී)
කුමාර්....රට මුදා ගත්තද රටේ සාරය උරා ගත්තද කියන එක හොඳට පේනවා මිස්ටර් 20% ට තාම ඇප නැතුව ඉන්නට සිදුවීමෙන් (නදී)
කොහොමත් අපේ අයට මුල අමතක වෙන්න වැඩි කාලයක් යන්නෙ නැහැනේ (නි)
දැන් සුදු වෑන් නැති හින්දා ඔක්කෝම වීරයෝ. ජේවීපි එක කළ සේවය දැන් කාටවත් මතක නැහැ වගේ. ජේවිපි කියන හැමදේම හරි නැහැ. සමහර ඒවා නම් කිසිම වැඩක් නැහැ. (නි)
සිවිල් සාමාජිකයින්ගේ කැමත්තවත් තවම අගමැතිතුමාට දන්වලත් නැති බව එදා ඔහු ප්‍රකාෂ කලා. ඉතින් පක්ෂනායකයෙක්,පළපුරුදු මන්ත්‍රීවරයෙක් ලෙසට ඔබ කරන ප්‍රකාශය ගැන හරිම පුදුමයි. ඒවත් මහින්දට බැර කරන්නද හදන්නේ. (නදී)
රාජපක්ෂලා රට මුදාගත් අය. (නි)
සමහරු ලියන්නේ මොලෙන් කල්පනා කරලා නොවන බව නම් පැහැදිලි වෙනවා..(බ)
පොතේ තියෙන සමාජවාදය කියවා ඇති සමහරු යතාර්ථය ඉදිරියේදී පොතම භාවිතා කරන එක පරණම පුරුද්දය. එය කිසිසේත් වත්මන් සංකීර්ණ ගැටලු වලට විසඳුම නම් නොවේ. මේ අය පොතෙන් උපුටා ගන්නා කොටස් යොදා හැම තැනදීම කතා කරතත් තමා පවසන්නේ මොනවාදැයි තමන්ම දන්නා නැති බවක් අසා සිටින අපට නම් පෙනෙනවා. මෙයත් එවැනිම අවස්ථාවක්. (නි)
මේ මොනවද මේ කියවන්නේ? (නි)
මේ කියන විදිහට තාමත් රටේ විධායක ජනාධිපති මහින්ද මහත්තය! නැත්තන් මේ කියන තරන් දේවල් කරන්නේ කොහොමද? (ම)
වසර 70ක් ගතවෙලත් හිට්ලර් හොඳයි කියන මිනිස්සු තාම ඉන්න එකේ පසුගිය පාලනයේ සෙවණැලි තව අවසන් නොවීම පිළිබඳ පුදුම නැත (නි)
දුෂණය අද දක්වා හැම රජයකම් අඩු වැඩි ප්‍රමාණ වලින් කළා. අද කළ යුත්තේ ආදර්ශවත් ලෙස රට දියුණු කිරීමයි. එවිට සමාජය තුළ දුෂණ අදහස් ඉවත්වෙන මාර්ගය ස්ථාවර වෙනවා. මේ රජයත් එවැනි වැරදි දේ පටන්ගෙන ඇති බව දැනට පෙනීයනවා. අවසානයේ ඉතිහාසය නැවත නැවත ලියැවෙනවා. ඡන්දදායකින් බලාපොරත්තු කඩවෙලා අසරණ වෙනවා. (නි)
කුමාර් මහත්තයෝ, රට බේරාගත්තා කියලා රට කාලා හරියන්නෙ නැහැනේ! (නි)
රට බේරා ගත්තේ රාජපකශල නොවෙයි. හමුදා විරුවෝ. ජීවිත පුජා කලේ හමුදා බටයෝ. එ්ක රාජපක්ෂ කෙනෙක් ඉන්නවාද යුද්ධයට ගිය. දැන් වීරයෝ වගේ රාජපක්ෂ රට බේරාගත්තා කියල කියන්නේ කොහොමද (නදී)
88-89 කරපු විනාශය ගැන මොකුත් හිතෙන්නේ නැත්ද?
අනේ මෙයාලට 87-89 කාලය මතක් කර දිය යුතුයි වගේ. මිනිසුන්ගේ හැඳුනුම් පතත් රෑ පානේ ඇවිත් තුවක්කු පෙන්නලා උස්සගෙන ගියා නේද? ඔහෙලගෙ කෙරුවාව අපිට අමතක නැහැ. (නදී)
රනිල් මහත්තයාගේ එකකුස උපන් දේශපාලන බාල සහෝදරයා කට ඇරලා වගේ.(නදී)
මේ රේණුකා ඔයාට තියෙන ප්‍රශ්නය දැන් හැඳුනුම්පතද? නිකම් විකාර කතා නොකර රටේ අද ඇතිවී තියෙන තත්වය තේරුම් ගන්න (නදී)
දැන් නම් රටත් කාල සල්ලිත් කනවා (නදී)
අර්ජුන රණවන, රාජපක්ෂ රට බේරාගත්තේ තුවක්කු අරන් යුද්දෙට ගිහින් නෙවෙයි, ඒකට දේශපාලන නායකත්වය දීලා. විශේෂයෙන්ම ලෝක බලපෑම් මැද්දේ. ඒක තමයි පහුගිය කාලෙම නැතුව තිබුනේ, නැත්නම් ඔය යුද්දේ දිනන්නේ බොහොම කලින්. ලැබිල තියෙන ඔලුව ටිකක් පාවිච්චි කරන්න. (නදී)
අර්ජුන, හමුදාව හැම ආණ්ඩුවේම හිටිය නේද? ෆොන්සේකාත් අවරුදු 40 හමුදාවේ හිටියනේද දිනන්න තිබ්බනේ යුද්දේ මහින්ද ගෝඨා නැත්තනම් දිනයි යුද්දේ. කුහක වෙන්න එපා තේරුම් ගන්න ඔබ අද බය නැතිව යන්නේ කවරු නිසාද (නදී)
රනිල්ට කඩේ යනවා වගේ. විජේදාස රාජපක්ෂට කියන්නද කට වහන්න කියල (නදී)
අතුල මගේ හඳුනුම්පත මට වැදගත් ඇයි ඔබත් ඒ කාලේ හැඳුනුම්පත් මංකොල්ල කන්න ගියාද? අද රටේ ඇති වී තිබෙන තත්වයට යහපාලන කට්ටිය වගේම මෙයාලත් වග කිව යුතුය.(නදී)