මහින්ද රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 12 දෙනකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.
එම අවස්ථාවට විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති සහ නීතීඥ සුනිල් වටගල මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කාල්ටන් සුපර් ස්පෝට් ක්ලබ්, හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන, සංචාරක මණ්ඩලයේ සභාපති සේනාංක ගුණරත්න, ශ්‍රී ලංකා වරාය සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කලමනාකාර අධ්‍යක්ෂ රූම් පවුසර්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සමුද්‍රි සෙසු වගඋත්තරකරුවෝය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු ඔයාට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා රාජපක්ෂ මහතා බලයේ ඉන්දෙද්දී කරපු එක පැමිණිල්ලක් වත් අල්ලස් කොමිසමෙන් විබාග කලේ නැහැ ඔවුන් රජය බලය යොදා ඒවා යට ගැහැවුවා ඉතින් එහෙම තියෙද්දී මේවා ඒ කාලේ ඉදිරිපත් කලත් ඒ ටිකම තමයි දැන් කිසිම බලපෑමක් නැතිව කොමිසමට මේවා ගැන පරීක්ෂන කරලා හොරුන්ට දඩුවම් දිය හැකි වෙයි. (අ)
ආණ්ඩුවේ ඉන්න හොරුන්ට මේවා අදාල නැද්ද මන්දා. හොරු ඉන්නවා ඇමති කම් අරන් මේ ආණ්ඩුවේ...ඒ අයට මුකුත් නැ..(අ)
ජවිපෙ කවදාවත් මේ රටට හොඳක් කරපු නැති ,බොහොම විනාශ කරපු ,හොඳක් කරන්නත් බැරි අය නිසා මේ විදිහට හරි කරලා ඉදිරියේදී එන මහා මැතිවරණයෙන් ලකුණු ටිකක් අරගන්න බලනවා . මුන් මෙරටේ ඉන්න අවස්ථා වාදී කිසිම ප්‍රතිපත්තියක් නැති බංකොලොත් දේශපාලුවෝ මුන්ට වෙන්නේ 2020 වෙනකොට මේ රටෙන් තොලොංචි වෙලා යන්න. (අ)
තවත් අය ඉන්නවා. එයාලවත් අමතක කරන්න එපා (නි)
ආණ්ඩුවට පැනපු හොරුන්ට මුකුත් නැ....(අ)
විදායක ජනාදිපති කෙනෙකුට එරෙහිව පැමිණිලි කරන්න බැහැ. මහින්ද රාජපක්ෂ දැන් ජනාදිපති නෙවේ. අනිත් එක පැමිණිලි කලත් අල්ලස් කොමිසම ඒවා නිවැරදිව පරික්ෂා නොකළ බව පොඩි ළමයෙක් පවා දන්නවා. (නදී)
දැනට ආණ්ඩු පක්ෂයේ ඉන්න අයත් අමතක කරන්න එපා. උදාහරණයක් ලෙස දීවර අමාත්‍යංශයෙත් ගොඩක් වැරදි කලා කියලා පහුගිය කාලේ කිව්වා නේද ? වැරදි කරපු හැමෝටම එකම හැන්දෙන් බෙදමු (නදී)
මගේ ළඟත් පොතක් නෙමෙයි පොත් 10ක් ලියන්න තරම් ඡායාරූප සහිතව තොරතුරු තිබෙනවා. (නි)
ඇයි බැසිල්ට යන්න දුන්නේ (බ)
නියමයි! වැරදි කළා නම් මේ රටෙන් අරින්න ඕනේ. (නදී)
මේ ටික විතරද තියෙන්නේ .මං හිතන්නේ මෙතන ඔක්කොම නෑ (දිල්)
කුඩු ජාවාරම් ගැනත් හොයන්න වෙයි නේද ?(දිල්)
කවුරුන් හෝ වැරදි කර තිබේනම් මේ විදියට ක්‍රියා මාර්ගයක් ගැනීම අගය කරනවා.තියෙන එකම ප්‍රශ්නේ මේවා කියන්න මේ චෝදනා පැමිණිලි ඉදිරිපත් කරන්න රජය පෙරලේනකම්ම ඉදපු එකයි..මහින්ද මහත්තයව ඉදිරි අවුරුදු දෙකත් තියන්න දැගලුවේ එතකොට මෙහෙම චෝදනා පැමිණිලි සාක්ෂි අතේ තියාගෙනද? මන් හිතන්නේ ඒ අවුරුදු දෙක එහෙනම් ජේ වී පි සමාගමෙන් රාජපක්ෂ ආණ්ඩුවට දෙන්න හිටපු බෝනස් එකක් වෙන්න ඇති..අපි නොදන්නා අයියල.. (බ)
දැන් ඉතින් කරපු වැරැදි වලට දඩුවම් විදින්න වෙයි වගේ.(හේ)
මට මතක් වෙන්නේ අනුර කුමාර දිසානායක නිට්ටඹුවේ රැස්වීමකදී කියපු කතාව. "ඔක්කොටොම කලින් රටින් පනින්නේ බාප්පල,මහප්පල කියල" කියපු කතාව. (නදී)
පිවිතුරු/බන්දුල පෙරේරාට දැන් ඉතින් දත්මිටි කකා තවත් කල්ප කාලාන්තරයක් බලා ඉන්න වෙනවා. (නි)
හොරුන්ගේ ලොකු පොඩි බේදයක් නැහැ.බොහොම හොඳ වැඩක්. (නි)
ගසාකෑවා යයි පවසන මුදල් නැවත ජනතා සතු කරන්න පුළුවන් උපරිමයක් කරන්න.සමස්ත ජනතාවගේම සහයෝගය ලැබෙනවා. (නි)
බන්දුල පෙරේරාට නම් දුකයි වගේ.මොනවා කරන්නද? (නි)
විපක්ෂයේ විතරද දැන් හොරු ඉන්නේ , මුලින්ම පැන ගත්තනම් ගොඩද? (ස)
කවුරුන් හෝ වැරදි කර තිබේනම් චම්පිකගේ වගේ කට වචන චෝදනා නොකර මේ විදියට ක්‍රියා මාර්ගයක් ගැනීම අගය කරනවා.තියෙන එකම ප්‍රශ්නේ මේවා කියන්න මේ චෝදනා පැමිණිලි ඉදිරිපත් කරන්න රජය පෙරලේනකම්ම ඉදපු එකයි..මහින්ද මහත්තයව ඉදිරි අවුරුදු දෙකත් තියන්න දැගලුවේ එතකොට මෙහෙම චෝදනා පැමිණිලි සාක්ෂි අතේ තියාගෙනද? මන් හිතන්නේ ඒ අවුරුදු දෙක එහෙනම් ජේ වී පි සමාගමෙන් රාජපක්ෂ ආණ්ඩුවට දෙන්න හිටපු බෝනස් එකක් වෙන්න ඇති..අපි නොදන්නා අයියල..(ස)