මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පවුලේ සාමාජිකයන් හා ව්‍යාපාරිකයන් අතර පැවැති දූෂණ චෝදනා ගැන පරීක්ෂණ පවත්වන ලෙස ජාතික හෙළ උරුමය නව රජයෙන් ඉල්ලයි.
නව රජයේ ඇමැති මණ්ඩලය පත් කළ පසු මේ සම්බන්ධයෙන් වහා පියවර ගත යුතුයැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් චම්පික රණවක මහතා කියයි.
රාජපක්ෂ පවුල සමග විවිධ ගනුදෙනු වලින් අයුතු ලාබ ලැබූ ව්‍යාපාරිකයන්ගේ ලැයිස්තුවක් තමා ළඟ ඇතැයි රණවක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම අනුකම්පාවකින් තොරව ඒ පරික්ෂණ කරන්න ඕනෑ. නැත්නම් මේ ආණ්ඩුවත් රාජපක්ෂ ආණ්ඩුව වගේම වෙයි. එහෙම වුණොත් වැඩිකල් යන්න බැරිවෙයි. දූෂිතයින් රකින්නත් එපා. දූෂිත වැඩ කරන්නත් එපා. (නි)
බොරුනේ, ඇත්ත නම් අල්ලලා පෙන්වන්න (නි)
මේ රට කාගෙවත් බූදලයක් නෙමෙයි (නි)
උපරිම දඩුවම් දෙන්න (නි)
පවුලේ කට්ටිය එක එක්කෙනා යනවා, ඔක්කොම ගියාට පස්සේ වෙන්න ඇති දුෂණ හොයන්න ඉන්නේ. අල්ලන්න වෙන්නේ වලිගේ තමයි. (නදී)
විදුලි බල ඇමතිකම දුන්නා නම් අදත් ඔබ මහින්ද එක්ක. (නදී)
මේවා සොයා රටට ඉදිරිපත් කරන්න. සැමදා ඔබතුමන්ලාට ජය! (නි)
රාජපක්ෂ සහෝදරයෝ එකාවන්ව වැඩකළ නිසා අද අපිට රටක් තියෙනවා. රාජපක්ෂ පවුලට අත තියන්න අපි ඉඩදෙන්නේ නැහැ (නි)
ඔක්කොම එකයි බලනකොට (නි)
බලමුකෝ හොරු අල්ලන හැටි! (නි)
පලිගැනීම හා නිතිය ක්‍රියාත්මක කිරීම කරුණු දෙකකි. නමුත් ජනතා මුදල් විනාශ කල සැම නිතිය ඉදිරියට ගෙන යා යුතුයි. (නදී)
වැඩ වරදින්න වගේ යන්නේ (නදී)
අනේ අනේ අපිත් දන්නවා විස්තර! (නි)
දැන් පලිගන්න හදනවා නේද? (නදී)
හැම අලුත් ආණ්ඩුවක්ම පත්වුන ගමන් කියන සුන්දර කතාවක්. එ්ත් කව්රුවත් අල්ලපු කෙනෙක් ඉතිහාසයේ ඉන්නවද සැකයි,බොළඳ කතා. (නදී)
හොඳයි හොඳයි (නි)
ඔවුන් පමණක් නොව සියලු දෙනාම. (නි)
ආණ්ඩුවේ ලොකු කොන්ත්‍රාත් කළ අර ගමගේ මැති තුමාගේ නමත් එ්කේ තියෙනවද ? (නදී)
මෙය අනිවාර්යයෙන්ම කල යුතුය. දැනටමත් රාජපක්ෂ දෙන්නෙක් පැනලා. ඒ වගේම මුල් පෙලේ එල්.ටී.ටී නායකයෙක් වන කේ.පී ලොකුවට අඬබෙර ගහගෙන ලංකාවට ගෙනල්ලා නඩු නැතිව හුරතල් කර කර හිටි නිලදාරීන් ගැනත් ඔහුට පැනයාමට අවස්ථාව සැලසු අය ගැනත් හොයන්න. (නදී)
හා පූරා කියලා අපි ඔක්කොම දන්නා කුඩු රජා කුඩු කරන්න හිතුවොත් නරකද පාටලී ඇමැතිතුමනි (බ)
බොහොම හොදයි රටට පෙන්නපු බොරු කබා ඔක්කොම ගලවලා හැබෑ හොරු බව පෙන්නන්න ඕන. (බ)
හතුරෙකු වැරැද්දක් කළානම් එයට සමාව ලබාදීම ඉතා උතුම්ය. නමුත් වරදකරුවන්ට සමාව ලබාදීම කිසිසේත්ම පිළිගත නොහැක. (නදී)
එය ඉතා වැදගත්. හොරකම් කරපු රාජ්‍ය දේපල, නැවතත් පොදු සේවය සදහා යොදාගත හැකි අතර, මින් ඉදියට හොර, ගසාකෑම්, කොමිස් ගැහිලි නැවත්විය හැකි වෙනවා. පළමු වෙඩි මුරය ඉන් පටන්ගත යුතුයි. සුබ අනාගතයක්. (නදී)
නියමයි! (නදී)
චම්පික මැතිතුමනි වෙනසක් උදෙසා කටයුතු කල අප සැමගේත් පැතුම එයමයි. ඒ වෙනුවෙන් කටයුතු කරන ඔබ තුමාට අපේ ප්‍රණාමය (නදී)
හොඳ වැඩක්. (නදී)
එ්කනම් විය යුතුමයි අැමතිතුමනි. මේක තමයි දේශපාලන වෙදිකාවේ සිදුවූ ප්‍රදාන සටන් පාඨය. ජනතාව හිටපු ජනාදිපතිට විරුද්ධ විය යුතු ප්‍රධාන කාරණය මෙයයි. ජනතාව ඒ දෙස ඇස් අයා බලා සිටිනවා. ඔබලා එය ඔප්පු නොකලොත් වරද ආපසු එන්නේ ඔබලා දෙසටයි (නදී)
වැරදි කල සෑම දෙනාම තත්ව පාට නොසලකා නීතිය හමුවට පැමිණවීමට ඔබටත් නව රජයටත් ශක්තිය ලැබේවා! ගැති දේශපාලනයෙන් තොර රටක්. අපේ එකම පැතුම එයයි. (නදී)