රාජපක්ෂ පවුල රටට කළ ආර්ථික අපරාධ රටට හෙළි කරන බවත් රටින් පැන ගිය ආර්ථීක අපරාධකරුවන් මෙරටදී හෝ පිටරටදී හෝ නීතීය හමුවට පමුණුවන බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියයි.
‘හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට එන බව කියනවා. ඔහුට ඒ සඳහා අයිතියක් තියෙනවා.නමුත් රාජපක්ෂ පවුල ශ්‍රී ලංකාවට කළ ආර්ථික විනාශය අප රටට හෙළි කරනවා.එය හෙළි කළ යුතුයි. නිල් බළකාය රටේ භිෂණය වපුරවමින් කළ කී දෑ කවුරුත් දන්නවා.ඔවුන් කළ අකටයුතුකම් ගැන තොරතුරු එක් රැස් කරනවා.බය නැතිව එම තොරතුරු අපට ලබා දෙන්න.කොටි සංවිධානය පුනරුත්ථාපනය කළ ආකාරයටම නිල් බලකායත් පුනරුත්ථාපනය කරනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ජේ. වී.පී.ය, චම්පික රණවක මහතා හා රතන හාමුදුරුවෝ ගැන විශ්වාස කළා. ඒ අය රට හැරයනතුරු ඉන්න එපා. ඉක්මණින් ක්‍රියාකාරී වෙන්න (නි)
දඬුවම් කළයුතු ලොකු ලොකු අය වැඩිදෙනෙක් රටින් පිටවුණා.දැන්වත් ඉක්මනට ක්‍රියා කරන්න ඕනෑ. (නි)
කරුණාකර පරීක්ෂණ විධිමත් ආකාරයට පවත්වන්න. එක්වරක් වූ අතපසුවීම් මතක තබාගන්න. සාක්ෂි නිවැරදිද, විනිවිදභාවය සහ නිවැරදි උපුටාගැනීම්ද යන්න පරීක්ෂාකර චෝදනා ඉදිරිපත් කරන්න (නි)
කලින් කරනවා කියලා කියූ ටික පළමුව කරන්නකෝ (නි)
මේ සඳහා ස්වාධීන කොමිසමක් පත්කරනවා නම් අපි කැමතියි (නි)
අපිට නැති උණු දේවල් ගැන හොයන්න එපා. ලැබුණු දේවල් දිහා බලන්න. ගෙම්බෝ වගේ දිනන පැත්තට පනින්න එපා. අපිට ඕනි නිදහස් රටක්. හැමෝම එකට එකතු වෙලා මේ ගමන යන්න. අපි අපේ රට ගැන ගොඩක් ආඩම්බර උන."සිංහලුන්ට හැමදේම මතක ටික කලයි" එක කියන්න ඉඩ තියන්න එපා. (අ)
රාජපක්ෂ පවුලේ පමණක් නෙවෙයි රාජිතගේ නැව් ගැනත් හොයන්න. අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කරන්න. (අ)
දුෂකයන්ට ඉක්මනින් දඬුවම් දෙන්න (නි)
අහිංසක ජනතාව රවටා කළ මහා පරිමාණයේ මුදල් වංචා සහ දුෂණයන් රටට හෙළිකරන්නට අනිවාර්යයෙන්ම පරීක්ෂණ සිදුකළ යුතුමයි. එමෙන්ම ඔවුනට නිසි දඬුවම් දියයුතුයි. (නි)
අතුරුදන් වී ඇති ප්‍රගීත් එක්නලිගොඩත් හොයල දෙන්න. (අ)
මේක හොඳයි. අපිටත් බලාගන්න පුළුවන් හරියටම දූෂණයක් වෙලාද, ඒක කොයිතරම්ද කියලා. එහෙන් මෙහෙන් කියන එ්වානේ අපිට ඇහුණේ. හැබැයි මේක ස්වාධීනව රාජපක්ෂලාගේ විතරක් නෙවෙයි චෝදනා එල්ලවුණු ආණ්ඩු පක්ෂයේ අය ගැනත් කරන්න හර්ෂ මහත්තයා කිව්වා වගේ (නදී)
කලින් ලංකාව තිබුනු තත්වය කව්රුවත් අමතක කරන්න එපා. පහුගිය වැරදි අවුස්සන්නේ නැතිව රටේ සංවර්ධනය ඉදිරියට ගෙනියන්න (නදී)
ඕව කියල ගැලවෙන්න බැහැ. (දිල්)
එතකොට දැන් ඔබතුමාලගේ පැත්තේ ඉන්න ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ගේ දූෂණ වංචා හොයන්නේ නැද්ද? (බ)
එයාලා විතරක් නොව, වටේ සිටි සියළු ආර්ථික අපරාධකරුවන් අල්ලා ඔවුන් වංචාකළ සල්ලි නැවත මහා භාණ්ඩාගාරයට ගන්න. (නි)
ඉතා හොඳයි (නි)
අනේ ඇත්තට, මෙයාලට වෙන වැඩ නැද්ද? (නි)
එහෙම වුණොත් අපි හැමෝම බහිනවා එළියට (නි)
අපි මේ කතා 1994 ඉඳලා අහනවා. කරලා පෙන්වන්න මහත්තයෝ (නි)
වැරදි කළා නම් දඩුවම් ලැබිය යුතුයි(දිල්)
ඇයි? නිල් බලකාය ඒ තරම්ම භයානක කට්ටියක්ද? කොටි සංවිධානය පුනරුත්ථාපනය කළ ආකාරයටම නිල් බලකායත් පුනරුත්ථාපනය කරනවා කියන්නේ ඇයි? (නි)
අපිට අවශ්‍ය කියපු දේවල් හරියටම කිරීමයි (බ)
ඉවසීමෙන් බලාසිටිමුකෝ සිද්ධවෙන්නේ මොකක්ද කියලා (නි)
රටින් ගියත් වැරදි කලොත් දඩුවම් දෙන්න ගෙන්නවන ඕනේ (බ)
නමුත් අශ්වයා පැනගියාට පසු මොනවා කරන්නද කියලා කියන්න නම් ඉඩතියන්න එපා (නි)
අපිට දුන්න පොරොන්දුව හරියට ක්‍රියාත්මක කරන්න ආපයට යන්නත් කලින් යන්න ඕන (අ)
අපි මෛත්‍රීපාල මහත්තයාට ඡන්දය දුන්නේ විශේෂයෙන්ම චම්පික රණවක සහ අතුරලියේ හාමුදුරුවන්ට තිබෙන විශ්වාසයට. නමුත් ගොඩක් අය රටින් පැනගත්තා. ඔවුන් ලංකාව ගෙනවිත් දඬුවම් දෙන්න වෙයිද කියලා සැකයි. (නි)
නෑ මම එහෙම හිතන්නේ නැ. (අ)