තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ ඔහු විසින් සිදු කළා වූ ප්‍රකාශ විමර්ශනය කර සොයා බලා අධිකරණයට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (23) නියෝග කළේය.
රන්ජන් රාමනායක මහතාට එරෙහිව මාගල්කන්දේ සුදත්ත හිමි, විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබූ නඩු දෙකක් අද (23) සිසිර ද අබෘ, ප්‍රියන්න ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වර්ණකුලසූරිය මහතා අධිකරණයේ කරුණු දක්වමින් පැවසුවේ රන්ජන් රාමනායක මහතා අඛණ්ඩවම අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ පළ කරමින් සිටින බවයි.
එමෙන්ම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ වීඩියෝ පටය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවයි.
ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද අබෘ මහතා රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාට කියා සිටියේ එම වීඩියෝ පටයෙන් පිටපතක් ලබාගෙන එය අධ්‍යයනය කර අධිකරණයට අපහාස කිරීමට අදාළ චෝදනා ගොනු කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව සොයා බලන ලෙසයි.
නඩුව ජුනි හතර වැනි දා යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට වැඩිදුර කරුණු දක්වන මෙන්ද අදාළ පාර්ශ්වවලට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන්ගේ මතයට ලක් වැසියන් එකග වෙනවා.
නඩු දාන්න ඉස්සෙල්ල ඇයි මෙහෙම කියන්නේ ? මේ කියන දේවල් සත්‍ය ද කියල සොයල බැලුවනම් හොදයි නේද?
මහා පරිමාන දුෂණ නඩු ඇහිල්ල අවුරුදු ගණන් කල් ගියාට මේවගේ දේවල් වලට නම් නඩු වැටිලා දඬුවමුත් ලබාදෙයි සුටුස් ගාල. කීයද ඔට්ටු?
අගාදයට ගිය රට යහමගට ගන්න අපි හැමෝම එකතු වෙලා උත්සහ ගන්න ඕන. නැතිනම් තව නොබෝ දිනකින් ලංකාව තමා ලෝකෙම්ම නොම්බර 1 දුෂිත රට වෙන්නේ . පොඩි දරුවොත් නොමග යනවා ඒක නතර කරන්න කාටවත් බැහැ.
මේ රටේ තියන නීති ඔක්කොම ඇත්ත කතා කරන මිනිස්සුන්ට විරුද්ධයි......හොරු, කුඩඩෝ , මිනි මරුවෝ, දූෂිතයෝ, ළමා අපචාර කාරයෝ, දුෂණය කරන එවුන්, මහා බැංකු කොල්ල කපු එවුන්, රටේ දේපල හොර කම්කළ හොරු නිදැල්ලේ................
රංජන් කිව්වේ ඇත්ත. අත තිබ්බොත් මිනිස්සු ගල් ගහයි උසාවියට. ඇත්ත කතා කරාම කල යුතු වන්නේ වැරැද්ද සොයා බලා එය නිවැරදි කිරීමයි.නැතුව පණිවිඩ කරැවාට දඬුවම් කිරීම නොවේ.
රන්ජන් වෙනුවෙන් වහාම පාරට බැසිය යුතුය. මේ රට කන්නේ නිතිය හරියට කිරියාත්මක නොවන නිසා.
රන්ජන් කියන්නේ ඇත්ත...
මේ වෙලාවේ අපි ඇත්ත වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් එක් වෙන්න ඕනේ... මිනිසුන් ඉල්ලන්නේ හොරු රකින්න කියා නොවේ. හොරුන්ට දඬුවම් දෙන්න කියා දැන් වෙන්නේ හොරුන්ට උදව් කරන අයව රකින්න හදන එක වගේ...
රන්ජන් කියන කාරණයේ වැරැද්දක් මට නම් පේන්නේ නැහැ. මොකද රන්ජන් කියන්නේ සල්ලි වලට ඕනෑම හොරෙක් වෙනුවෙන් වුනත් ලෝයර්ස්ලා ඉදිරිපත් වෙනවා කියලා. ඒක බොරුවක් නෙමෙයිනේ. මුළු ලෝකෙම දන්නවා අර්ජුන් අැලෝසියස්ලා කරපු වංචාව. නමුත් ඔවුන් වෙනුවෙන් ලෝයස්ලා ඉදිරිපත් වෙනවා. මොකද ලොකු සල්ලිනේ ගෙවන්නේ. මේක දූෂණයක් නෙමෙයිද? ඔවුන් ළඟ තියෙන්නේ වංචා කරලා උපයපු සල්ලි. ලෝයර්ස්ලා පළපුරුද්දෙන් කරන කෙස් පැලෙන තර්ක, විතර්ක ඉදිරිපත් කරපුවාම නඩුකාරතුමා තීන්දුව දෙනවා ඔවුන් නිදහස් කියලා. මෙතනදී නඩුකාරතුමා නොදැනීම දූෂණයකට හවුල් වෙලා. මෙම ක්‍රමය පවතින තාක් හැමෝටම වෙන්නේ චෝදනා වලට ලක්වෙන්නයි. රන්ජන් කියන විදියට නම් වැලි ගොඩදාලා විකුණන කෙනා ගෙදර යනකොට වැලි ප්‍රවාහනය කරපු හින්දා හිරේ යනවා. මෙහි සඳහන් කිසිවක් අධිකරණයට අපහාස කරීම සඳහා නොවේ.
මේ ලිපිය කියවන විට මට මතකයට නැගුණු කරුණක් නම්, මීට සති 6 කට පමණ පෙර හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා විසින් ලංකාවේ "මජර දේශපාලනය" පිළිබඳව පල කරන ලද ලිපියක කියා තිබුන දෙයක්. ඒ ලිපියේ එක් තැනක රාජපක්ෂ මහතා "රටේ විනයක් නැත. බලවතුන්ට නීතිය ක්‍රියාත්මක නොවෙයි" යයි සඳහන් කර සිටිනවා. මෙය බොරුවක් විය නොහැකිය. රන්ජන් රාමනායක මහතාට ජය ප්‍රර්ථනා කර සිටිමි.
මේ කමෙන්ට්ස් දාන අය කියන ඒවා නිවැරැදි දේ නොවේ. කෙසේවුණත් කිසිඳු අයෙකුට ගරු අධිකරණයට අපහාස කරන්න බැහැ. ඒ වගේම නැති වෘත්තිකයින් ඕනෑම කෙනෙක් වෙනුවෙන් පෙනී සිටීමට බැඳී සිටිනවා. ඒකට කියන්නේ කැබ් රෑන්ක් රූල් එක කියලා. අනෙක් පැත්තෙන් නීති අදාළ කොමිසමේ අය වෙනුවෙන් නොමිලේ පෙනී ඉන්නවද? චෝදනා ඔප්පු කළ යුතුයි.
කළු සූට් පැළඳගත් මහජන සේවකයෝ රංජන්ට විරුද්ධ වුනත්, ඒ සේවකයින්ගේ රජවූ මහ ජනතාව රන්ජන් සමගයි.
අධිකරණය කියන්නෙත්, ජනතාවගේ මුදලින් යැපෙන ජනතාවට සේවය කරන්න තියන ආයතනයක් මිස ජනතාවගේ වැඳුම් පිදුම් ලබන පුජනීය තැනක් නොවේ. ඒ නිසා එහි අඩුපාඩු වැරදී හා දුර්වලකම් වගේම එහි සේවයේ නියුතු වූවන්ගේ අඩුපාඩු වැරදි හා දූෂණයන් හෙලිදරව් කරන්න රටේ පුරවැසියන්ට අයිතියක් සේම වගකීමක්ද තියෙනවා. එම කටයුත්තේ කවුරුන් හෝ නියැලෙනවා නම් ඔහු හෝ ඇය කරන්නේ සමාජයට තමන්ගේ තිබෙන වගකිම් ඉටු කිරිමක් වන අතර එය දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස කවුරුන් හෝ කල්පනා කරන්නේ නම් මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළම තිබෙන්නේ අයුක්තිය රජ කරවිමේ උත්සාහයකි.
අධිකරණය, ව්‍යවස්ථාදායකය, රාජ්‍ය සේවය (විධායකය) විතරක් නොවේ.. මහජනතාවත් පිස්සු කෙලින රටක් මේක. ප්රජාතන්ත්රවාදි, සමාජවාදී කවුරුත් කටපියාගෙන හිටියොත් හොඳයි..
පක්ෂ භේදයෙන් තොරව බැලුවහොත් දුෂිතබව "බොහොම පැහැදිලිව" පෙනෙනා "මහ දෙපොළ" ඇතුළු බහුතර දෙස්පලුවන් අතර සිටින දුෂණයෙන් අවම මට්ටමක සිටින එක මන්ත්‍රී වරයෙක් ඔබ ,රන්ජන් ..! . මෙතුමා පෙන්වාදෙන,පොදු ජනතාව වන අප සැමටත් දැනෙන, පෙනෙන ලෙසම දැනට පවතින " හිල් සහිත පෙනේරයක් " බඳු වූ ලංකාවේ බහුබූත නීති ක්‍රමවේදය, ආර්ථික සවිමතාට සහ දේශපාලන ප්‍රබලයාට රිංගා ,ලෙස්සා යාමටත් ,දුබලයා නීතියට කොටුවීමත් මේ දෙන සමහර කැකිල්ලේ තීන්දු වලින් නොපෙනේද..? අයුක්තිය රජ කරන ,දුෂිත වූ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් සහිත වූ මේ රටේ ජනතාව වෙනුවෙන් තනිවම හඬ නගන ඔබගේ සහයට කවුරුද ඉන්නේ..?.
රන්ජන් අපි ඔබ සමගයි. අධිකරණයට අපහාස වන ආකාරයට අධිකරණ නිලධාරින්ට හැසිරෙන්න හොඳයි කියන්න නරකයි.
ඇත්තෙන්ම රන්ජන් මහත්මා සත්‍යවාදී අදහස් ඇති අයෙක්...
රන්ජන් රාමනායකට විරුද්ධව කථා කරන එක්තරා නීතීඥ මහත්මයෙක් ජනමාධ්‍යයකට පැවැසුවා එක්තරා අවස්ථාවකදී රන්ජන් රාමනායක චූදිතයා වූ බලවත් නඩුවකට විත්ති පාර්ෂවය වෙනුවෙන් පෙනී සිට චූදිතයා බේරාගත් බව. මෙයින්ම පෙනෙනවා රන්ජන් රාමනායක කියන කථාවන් සත්‍ය බව.
බලමු රන්ජන්ට අත තියල.අයෙත් ෆේස්බුක් තහනම් කරලා හිටින්න වෙයි. මොකද දැන් රටේ ජනතාව ඉන්නේ පුදුමාකාර අතෘප්තියකින්. එක කොහෙන් කොහොම පිට වෙයිද දන්නේ නැහැ. අපිත් එනවා ඕනෑම උද්ඝෝෂණයකට. දරමිටියට බැදපු නයා පෙනේ පුප්පන්න බොහොම ලගයි.