තමා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් රුපියල් කෝටි 100ක වන්දි නඩු පහක් දමා ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඒ අතර වෙතියි ඔහු සඳහන් කරයි.
රංජන් කියන කතාව පහත වීඩියෝවෙන්.
තමා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් රුපියල් කෝටි 100ක වන්දි නඩු පහක් දමා ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඒ අතර වෙතියි ඔහු සඳහන් කරයි.
රංජන් කියන කතාව පහත වීඩියෝවෙන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මෝඩ මිනිසුන්ව පර්ලිමේන්තු යවන්න එපා. (ස)
මේ ප්‍රවෘත්තිය දැම්ම විතරයි කට්ටියම හරියට පිස්සන් කොටුවට බෝම්බ ගහල වගේ කුලප්පු වෙලා (නදී)
මුන්නැහෙගේ කතා ඇහෙනකොට පි.බි. අල්විස් පෙරේරා ශුරීන්ගේ "ලිඳ ළඟ" කවිපෙළ මට හැමදාම මතක් වෙනවා.(නදී)
අසරණ මිනිසුන්ගෙන් ගසා කන මහජන මුදලින් රුපියල් කෝටි 2000 ක් වියදම් කරලා ඒකාධිපතියෙකු වෙනුවෙන් හදල තිබුන භාවනා මධ්‍යස්ථානය පෙන්නුවෙත් රෑ කරුවලේ අත පත ගාමින්.කාට අයිති රටකද බදු ගෙවන වහල්ලු ජිවත් වෙන්නේ කියල හිතෙනවා. ඒක පෙන්නුවට පස්සේ රන්ජන් දැක්කේ අද තමයි.(බ)
කොහොම උනත් මෙතන හැංගිලා කයිය ගහන කට්ටියට වඩා රංජන්ට කොන්ද පන තියෙනවා හොරුන්ට හොරා කියන්නත්; ස්ත්‍රී දුෂකයන්ට ඇගිල්ල දික් කරන්නත්. ඔයිට කලින් ගොඩක් අය නඩු දැම්මේ වන්දි ඉල්ලලා නමුත් වුනු කිසි දෙයක් නැහැ. කොහොම උනත් මිනිස්සු දැන ගන්න ඕනේ හොරුන්ව ස්ත්‍රී දුෂකයන්ව ,මිනීමරුවන්ව ,මාල හොරුන්ව ,එතනෝල් ;කුඩු බිස්නස් කරන අයව පාර්ලිමේන්තුවට පත් නොකරගන්න. (නදී)
රන්ජන් රාමනායක මහතා මා අසා ඇති පරිදි මැදපෙරදිග, විශේෂයෙන් ලෙබනන් වල දුක්විඳි ශ්‍රී ලංකා කාන්තාවන් ගැන තම පෞද්ගලික ධනය වියදම කරමින් හොයාබැලූ කෙනෙකි. ඒ වගේම සාමාන්‍යයෙන් නළු ජිවිතයේ පවා එතරම අප්‍රසාදයට පත් නොවුවෙකි.දේශපාලනය පැත්තක තිබ්බොත් මෙතුමා වටිනා පුද්ගලයෙකි.නමුත් මෙතුමා කිසිම හරයක් නැතුව, කිසිම වග විභාගයකින් තොරව, කවාදාවත් ඔප්පු කරනවා තියා හිතාගන්නවත් බැරි, සිතින් හදාගත් හා උපකල්පනය කරන ලද කරුණු පදනම් කරගෙන මිනිසුන්ට අපහාස කිරීම කරයි. මේ සියලු නඩු පදනම් විරහිත කතා වටා ගෙතුණු ඒවායි.රන්ජන් නොවේ මොන පුද්ගලයෙක්වත් ඔප්පු කළ නොහැකි, ෆේස් බුක් හා ගොසිප් අඩවී තුළින් එකතු කරගත් මඩ ගැසීම නීතියට කෙසේ වෙතත් සදාචාරයට විරුද්ධ බව රන්ජන් කෙසේ වෙතත් මෙතැන ඉන්න උගත් මහත්වරු නොදන්නවා වෙන්න බැහැ නේද? (නි)
අනේ මන්දා මහත්තයෝ මේ කතා නම්.... (නි)
පිස්සෝ බදු ගෙවනවා කියන එක දන්නේ නැහැ. බදු කියන්නේ මොනවද කියල දන්නෙත් නැහැ.ගහන බදු මුදල් වලින් මොනවද කරන්නේ කියල දන්නෙත් නැහැ. දන්නේ කබුරන්න විතරයි. (ස)
රන්ජන්ට ප්‍රශ්නයක් නැතුව ඇති සල්ලි වලින් (නි)
මෙයා නම් අනුන්ට මඩ ගහන්න උපන්න කෙනෙක්. (නදී)
ඒකාධිපතියාට සහ හෙන්චයියන්ට මහාචාර්යවරු විරුද්ද වෙන්න බයයි.දන්නවනේ නිකන් ඉල්ලන් කන්න වෙනවා කියල. (ස)
මෙතුමා රත්නපුරේ මන්ත්‍රී. ඒ වුණාට මහජන දිනයක් තිබෙනවද? කැමරාව ඉස්සරහනම් කයිවාරු ගහනවා. (නි)
රන්ජන් බය නැතුව කියපු කතා 5 ම සත්‍යයි කියලයි මම නම් කියන්නේ. (නි)
මෙහෙම දේවල් කියව කියවා ඉන්නද අපි ඡන්දෙ දුන්නේ? (නි)
එක පැත්තකින් ඇඟ පුම්බනකොට අනෙක් පැත්තෙන් මොළය ඇකිලිලා..මොනවා කරන්නද? (නි)
දැන් ඉතින් ඕවා ගෙවන්න සල්ලි තියෙනවද? (නි)
ඒකනේ සමහර අය ඔයාට කියන්නේ දේශපාලනයට නොගිහින් චිත්‍රපටි රැකියාවේ හිටියා නම්, අනුන්ට කෝටි ගණන් බෙදනවා වෙනුවට, ඔයාගේ සාක්කුවට කෝටි ගණනක් දාගන්න තිබුනා කියලා. (නි)
දැන් මේ වටේට වන්දි නඩු ගැන කතා කිය කියා ඇවිදින එකද මෙයාගේ රාජකාරිය? (නි)
මෙයාට හොඳ වැඩේ. හැම ගහකටම කොට කොටා ගිහින් කෙහෙල් ගහට කෙටුවහම හොට පැටලුනාලු! (නි)
විජය මාමාටත් අගෞරවයක්. ටෝනි රණසිංහ වැනි ශ්‍රේෂ්ඨ නළුවන්ගේ කීර්තිය කෙසේ බැබළේද? (නි)
ඕනෑ කෙනෙකුට පුළුවන් කවුරුහරි වැරදි කළ බව කියන්න. නමුත් ඒක උසාවියේ ඉදිරිපත් කර ඔප්පු කළාට පසුවයි ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්. (නි)
මෙහෙම දේවල් ගැන එක අතකට පුදුමවෙන්න දේකුත් නැහැ (නි)
දේශපාලන අයන්න ආයන්නවත් නොදන්නා අය දන්නේ අනුන්ට මඩ ගහන්න පමණයි. (නි)
මට නම් පුදුමය මේ වගේ අයට සහ ජනතාව මෝඩයන් කරන්න හදන අයට ඡන්දෙ දෙන පිරිසක් ඉන්න එක ගැනයි. (නි)
මොනවා නමුත් ඇත්ත කියනවා. එතකොට නඩු වැටෙනවා තමා. ඔබට ජය ලැබේවි (නි)
ඔය කතා 5 රන්ජන්ගේ පුද්ගලික කතා නොවේ.ජනතාව වෙනුවෙන් ඇත්ත එළිකරන්න කියපු ඒවා. දේශපාලනයේ ඇත්ත එළිකරන්න පුද්ගලිකවම වන්දි ගෙවන්නත් වෙනවා. ජනතාව වෙනුවෙන් ඇදගත් ප්‍රශ්න ජනතාවට කියන එක වරදක් නොවේ. (නි)
මට දුක සත්‍ය තේරුම් ගන්න බැරි මිනිස්සු ගැනයි. (ර)
තිලක් -ඩුබායි ලියන්නේ හැමදේම දැක්කා වගේ. මහින්දත් වැරදි කරන්න ඇති. නමුත් ඉතින් මමත් පොළොන්නරුවෙනේ. අනිත් අය ගැනත් මගෙන් අහන්නකෝ.ඒත් මේකේ ලිවුවට වැඩක් නැහැ. මොකද මටත් තිලක් -ඩුබායි වගේ වෙන්න ඕනෑ නැහැ. (නි)
නියම දවසේ රසවත්ම කතාව (නදී)
කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියනවා නේද මහත්වරුනේ. ඔක්කොම එකයි. (නි)
අපි ඔබ සමගයි (නදී)
මෙතුමා මෙහෙම ප්‍රසිද්ධියේ කතාකරන එකෙන් ජනතාවට තීරණය කරන්න පුළුවන් කව්ද හොරු කියලා. නැත්තම් සමහර අය නොදැනුවත්කම නිසා මේ වගේ හොරුන්ට ඡන්දය දෙන්න පුළුවන්. හොරුන්ගෙන් රට බේරාගන්න ජනතාව දැනුවත් කරන එක ලොකු පිනක්. ඔබට ජය රන්ජන්. අපි හැමදාමත් ඔබත් එක්කයි (නි)
ඇත්තම තමයි මෙය පසුගිය මැතිවරණයේදී පොදු අපේක්ෂකයා වෙනුවෙන් සැලකිය යුතු වැඩක් කළේම නැති තරම්. දැන් තනතුරු ලැබුනාම අඩු ගානේ ඒකේ වැඩක් වත් හරියට කරන්නේ නැහැ. ආ තවත් දෙයක් මේ සභාවේ කවුරු හරි අලුතින් ගොඩ බැහැපු කෙනෙක් අනුන්ගේ නම් වලින් ලියනවා. එකක් නෙවෙයි හත අටකින්ම . මං දැක්ක තව කට්ටිය ඒ ගැන පැමිණිලි කරලා.මගේ නමිනුත් ලියලා (බ)
පාර්ලිමන්ට් ජෝක් ! (අ)
මෙයාගේ හැටි දැක්කා මෛත්‍රී ජනාධිපති දිව්රුම් දෙනකොට. මෙයා ළඟට වෙලා කමිසේ බොත්තම් ගලවාගෙන හිටිය හැටි . එහෙමත් ඉන්නවද එවන් හොඳ අවස්ථාවක (බ)
මෙන්න බොලේ- මෙයාගේ ටිකිරි මොලේ ! ඇගෙ තරමට මොලය වැඩි නැත . (අ)
මෙයාගෙ කට විතරයි රන්ජනුත් ගැලපෙන්නේ ජ.වි.පෙ.ට විජය කුමාරතුංග වැනි උතුම් මනුෂයෙක් වෙන්න (බ)
මාලුවා නහින්නෙත් කට හින්දලු. (නි)
මොකට මිනිස්සු ඡන්දෙ දුන්නද දන්නේ නැහැ. සොබනේ වැඩි මෙයාගේ. (ර)
ලංකාවේ 62% ක් ගණිතය අසමත්/දේශපාලන විද්‍යාව නොදත්/ජාතිකත්වයක් නොමැති/කල ගුණ නොදත් අයලු?????????????????? (ම)
මම දන්නේ නැහැ මොන හේතුවකට වගකීම් ඇති තනතුරක් භාර දුන්නද කියලා.දැන් ඉස්සරහට මැතිවරණයකට යන කාලයේ වත් මෙයා වගකීමක් ඇතිව හැසිරේවිද ? (ම).
මේ අයට ඊලග මැතිවරණයෙන් පස්සේ දුවන්න තැනක් නැතිවෙනවා (නදී)
දැන් නම් මෙය අපිට නියමෙට පර්ලිමෙන්ට් ජෝක් පෙන්නන්න .... හොදම විහිළු සපයන්නා ...(ම)
මෙයාගේ ඔක්කොම කෝටි 100 තමයි. එක පාරක් පන්සලකුත් කෝටි 100 කිව්වා මතකයි. මෙයාගේ ගොන් පාට් තඹයක් වටින්නේ නැහැ.(ම)
මේ කතා ඔක්කොම ඇත්ත උනත් නීතිය ඉදිරියේ ඔප්පු කරන්න ඕනා. ඔබ තුමා ටිකක් මේ ගැන ප්‍රවේසම් වෙන්න. ජයවේවා (නදී)
මොකටද මේ මිනිහා දේශපාලනයට ආවේ ????(ම)
මේක විහිළුවක් නෙවෙයි . සමහර දේශපාලකයන්ට දැන් හරි කමක් නැහැ තමන්ට අතපසු වූ අධ්‍යාපන කටයුතු අර්ථ කාලීනව හරි කරන්න පෙලඹෙනවා නම් ඔවුනට ඉතාම ප්‍රයෝජනයි. (ම)
අයියෝ! අපිට මේ විහිළුකාර කතා අහලා ඇතිවෙලා. (නි)
නඩුවලට වියදම් අරයගෙන් වෙන්න ඇති. (නි)
පැත්ත ගියත් ඇත්ත කියන අපේ කාලේ රන්ජා! ඔන්න ජයවේවා කිවුවා (නි)
කටට ආ පලියට දේශපාලනයේදී යම් හෝ සදාචාරයක් තියෙන දේශපාලනය ගැන අවබෝධයක් තියෙන කිසිම පුද්ගලයෙකු තවත් අයෙකුට චෝදනාවක් කරන්නේ නැහැ ඔප්පු කල හැකි සාක්ෂි සහිතව මිසක..(ම)
ඇත්තටම අරයට මෙයාට බෝල පාස් කෙරිල්ල නතර කරලා රට ගොඩගන්න වැඩ කටයුතු කලොත් නරකද මේ ඇත්තොලා (ම)
ඇත්තටම පේන්නේ නැද්ද මේ පුද්ගලයා දැන් සමාජයේ නොම්මර එකේ විහිලු සපයන්නෙක් වෙලා කියලා. මෙයා පසුගිය ඡන්දය වෙනුවෙන් කළ දෙයක් නැහැ . ඒ වෙනුවෙන් දර දිය ඇද්ද සමහර මිනිස්සු නිශ්ශබ්ද වෙලා පැත්තක. දැන් මේ කයිය සහ සිරික්කිය නවත්තලා භාරදුන් වැඩ ටික කරන්න ඕනෑ කියලා තේරෙන්නේ නැද්ද? (නි)
දැන් මේක ආඩම්බරයට කාරනාවක්ද ? කෝ ඔබතුමාගේ රාජකාරියේ වැඩ? (නි)
ඒකනේ අපි කියන්නේ දේශපාලනය කියන්නේ අමු අමුවේ සුදුවක් කියලා. (නි)
මෙතුමා ඔය වන්දි නඩු වල ගණන් හිලව් පුද්ගලික මට්ටමෙන් තියාගෙන තමන්ට අදාළ රාජකාරිය ගැන විතරක් කතා කළා නම් නේද හොඳ? මහජනතාව බලා ඉන්නේ දේශපාලකයන්ගේ නඩු හබ වල වගතුග අහන්න නෙමෙයි. තමන් දීපු ඡන්දයට වටිනාකමක් ලැබිලා තිබෙනවාද කියලා බලන්න (නි)
අපි ආණ්ඩුවේ හොඳ වැඩ වලට හොඳයි කියනවා. තේරුමක් නැති වැඩ වලට ප්‍රශ්න කරනවා. දැන් මෙයාට දෙන්න තිබුනේ ඔය දැන් දීලා තිබෙන නියෝජය ඇමතිකම නෙමෙයි ‘මාධ්‍ය සංදර්ශන‘ වගේ ඇමතිකමක්! (නි)
මේ පුද්ගලයා හිතන්නේ මේ නියෝජ්‍ය ඇමතිකම වගේ භාරධුර වගකීමක් කියන්නේ රඟපෑමේ කොටසක් කියලාද කොහෙද ? (නදී)
ඔව් ඔව්. අපිට මෙතුමාගේ පුද්ගලික නඩු වල විස්තර අවශ්‍ය නැහැ. රාජකාරියට අදාළ කටයුතු සම්බන්ධයෙන් දැනට කොච්චර වැඩ කොටසක් තමන් කර තිබේද යන්න විතරක් කිව්වම ඇති. ඊළඟ මැතිවරණයේදී මන්ත්‍රීකම රැකගන්න , තමන්ගේ වන්දි නඩු ගණන් වල පම්පෝරිය කියවලා අපේ ඡන්දෙ ගන්න බැහැනේ. (නි)
ඔය වන්දි නඩු නෙමෙයි, මහජනතාවට විහිළු සපයන්නා නොවී තමන්ගේ ආසනය රැකගන්න. අදාළ මහජන සේවය ගැන හිතන්න. (නි)
දැන් මේ පලකට නැති කතා නතර කරලා අගමැති තුමා පවරපු රාජකාරි වැඩ ටික බැලුවොත් හොඳයි නේද ? අපි සමබර දේශපාලන අදහස් දරන උදවිය . ඡන්දය දුන්න පලියට ඔය සමහර පක්ෂ වල වගේ දේශපාලකයන්ගේ හැම වැඩකටම හෝයියා කියන්නේ නැහැ. (නදී)
ජනතාව ඔබෙන් බලාපොරොත්තු වෙන සේවාව ලැබුනේ නැති නම් ඔබතුමාට ඔය නඩු වල නීතිඥ ගාස්තු සොයන්නත් ආපසු පුරුදු වෘත්තියට යන්න සිදු වේවි. එම නිසා තමන්ගේ ධුරයට අදාළ වගකීම ගැන පළමුව හිතන්න (නදී)
ආ මෙන්න පිවිතුරැ යහපාල දේශපාලන සදාචාරය ගැන කතා කරනවා ! (ම)
වෙන දෙයක් ගැන කතාකළොත් නරකද? (නි)
"මහින්දත් වැරදි කරන්න ඇති".....නැහැ කිසිම වරදක් කරලා නැහැ.රටත් රටේ ගහ කොළ සත සිව් පාවනුත් මසට විකුනම් කෑව එක පමණයි කරපු වරද. (ස)
මෙයා ගොඩක් වෙලවට කියන්නේ මම වන් ෂොට් කියල නමුත් මෙයා තවම දන්නේ නැ මොනවටද වන් ෂොට් කියන්නේ කියල. ලෝකේ කිසි කෙනෙක් ඒ දේවල් දෙපාරක් පාව්ච්චි කරන්නේ නෑ. ඒ නිසා මෙයාටම නම ගැලපෙනවා. ඒ වගේ තමා මෙයාගේ සද්දේ විතරයි. හැසිරීම බින්දුවයි. බාසාව බින්දුවයි. මෙයාගේ දේශපලනෙත් බින්දුවයි. (ස)
ඒකාධිපතිය රුපියල් කෝටි 2000 ක් නෙමෙයි, රුපියල් කෝටි එකක් වියදම් කලත් ඒ වියදම් කරන්නේ අපි කන පාන් කෑල්ලට,හාල් ටිකට,පරිප්පු ටිකට,පෙට්රෝල් ටිකට,බුමිතෙල් ටිකට,වාහන බලපත්‍ර අලුත් කරනවිට,කසාද සහතිකයට,මරණ සහතිකයට ගහන බදු මුදල් 100%ට 1000% කින් වැඩි කරලා කියල හිතන්න "මොලේ කළදක් නැති මොළ හෝදපු මිනිස්සු ඉන්න රටක අදහස් දාන අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්. (ස)
ජෙනේරල් ෆොන්සේකා රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්න කලින් අපි කව්රුත් ගමන් බිමන් යන යතුරු පැදියක් බලපත්‍ර අලුත් කරන්න බදු ගැහැව්වේ රුපියල් 325 ක් පමණයි. යුද්දය දින්නට පස්සේ රුපියල් 750ක් කරලා.රටේ ඉන්නේ හරක් නිසා හොඳයි. (ස)
මෙයාල වීරයෝ වගේ කෑගහල හිකනල්ලු වගේ සද්ද නැතුව නඩු ගොඩින් බේරාගන්නවා (ම)
අනේ තිලක් ඔච්චර කුහක වෙන්න එපා. ගෝට නැත්නම් ෆොන්සේකෙකුත් නැ. (ම)
උගතෙක්, බුද්දීමතෙක්,මහාචාර්ය වරයෙක් මෙයාට විරුද්දව කිසිම පැමිණිල්ලක් කරලා නැතිලු. සහතික ඇත්ත. රස්තියාදු කාර විදිහට කතා කරනකොට විරුද්ද වෙන්නේ ඒ වගේම මන්ද බුද්දිකයෝ. (නදී)
කඳ බඩ උස් මහත් වුණාට වැඩක් තියෙනවද? එස් බී හිරේ ගියෙත් කට වරද්දාගෙන. මෙයා නළුවෙක්නේ. ඔහේ කියවනවා. අන්තිමට නඩු. (නි)
තමන් බොරු චෝදනාවක් නැගුවා නම් රන්ජන් ඒක නැවත නැවතත් ප්‍රසිද්ධියේ කියයි කියල ඔය කොමෙන්ටු දාලා තියන උපාසක උපාසිකාවෝ හිතනවද? ඔබතුමන්ලාගේ බුද්ධිය ගැන අපිට කණගාටුයි. (ම)
මුලින්ම කිවුවා රත්නපුරේ බින්න බහිනවා කියලා. දැන් අඩුගානේ ඒ පැත්තේ මොනවා වෙනවාද කියලවත් දන්නවාද? ඊටපස්සේ ඡන්දෙ කිට්ටුවෙලා කිවුවා බුදු දහම වැළඳ ගන්නවා කියලා. අපි නම් දැකලා නැහැ පන්සලකට ගිහින් පන්සිල් ගන්නවා. අනිත් කයිවාරුත් ඔය විදියම ඇති (නි)
මෙයා තමන්ගේ මාමා වන විජය කුමාරතුංග අනුගමනය කරමින් සිනමාවට ආවා. ඊළඟට ආයෙත් එතුමා කොපි කරමින් දේශපාලනයට ගොඩ බැස්සා. නමුත් නිකමටවත් එතුමාගෙන් ප්‍රතිභාපුර්ණ ලෙස රඟපාන විදියවත් , සභාවකට තැනට උචිත ලෙස කතාවක් කර විහිළුවක් නොවී ජීවත්වෙන හැටිවත් ඉගෙනගත්තාද? (නි)
කැලුම්. ඔබ ඒ අවස්ථාව දැක්කා නේ. ඒ විතරක් නොවෙයි රටේ උත්තරීතර නායකයා පත් වෙච්ච වෙලාවේ එතුමා ළඟ හිටං එතුමාට සරින් සැරේ කණට කොඳුරා කොඳුරා මොනවදෝ කිවා. උගත් කෙනෙක් නං ඒ වගේ අවස්ථාවකදී එහෙම කරනවාද.? (ම)
මේ වැනි පුද්ගලයින් සම්බන්ධ ප්‍රවෘත්ති වලට අදහස් ලියන මාද ඇතුළුව ඔබ සියල්ලෝම මෝඩයින් යැයි මට සිතේ (නි)
අනේ ඇත්තට මේ වගේ මිනිස්සු! (නි)
මටනම් දුක අරාබියේ ඉදන් ලංකාවට වින කටින්න හදන ඔටුවෝ ගැනයි! (ස)
කටට ආ පලියට දේශපාලනයේදී යම් හෝ සදාචාරයක් තියෙන දේශපාලනය ගැන අවබෝධයක් තියෙන කිසිම පුද්ගලයෙකු තවත් අයෙකුට චෝදනාවක් කරන්නේ නැහැ ඔප්පු කල හැකි සාක්ෂි සහිතව මිසක්. (ර)
මේ අරාබියේ ඉන්න සුද්දා පුදුම විදිහට ශ්‍රී ලාංකිකයාට වහල්ලු කියනවා, මෝඩයෝ කියනවා. ඇත්තට මෙයාගේ ජාතිය හා ජන්මය දන්නා කෙනෙක් නැද්ද? තිලක් පොඩ්ඩක් බලන්න අර මහින්ද ගේ කෝටි 13000 ඩුබායි බැංකුවක තියෙනවා කිව්වනේ. ඔයා ඉන්න ටවුන් එකේ බැංකවේද දන්නේ නැහැ (නදී)
විකට නළුවෝ වීර චරිත රඟපාන්න ගියාම ඔහොම වෙනවා . මම පොඩි කාලේ බලපු කාටුන් කතාවකත් දැක්කා. තමන්ගේ අගය වැඩි කරගන්න තමන්ම දුටු තැන අල්ලනු කියල පෝස්ටර් ගහනවා. අන්තිමට වෙඩිකාල මැරෙනවා.(නදී)