දිවුලපිටිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ රැස්වීමේදී සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර ඇතිවූ උණුසුම් වාග් හුවමාරුවත් සමඟ එම රැස්වීම අතරමග නවතා දැමීමට සිදුවිය. මෝඩයා, පිස්සා මාධ්‍ය සංදර්ණ විතරයි, නපුංසකයා, මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා ආදි වචනද දෙපක්ෂය අතර හුවමාරු වීමත් සමග දෙපක්ෂයේ ආධාරකරුවන්ද දෙදෙනා වටා රොක් වූහ.
පොලිසිය හා මන්ත්‍රී ආරක්ෂකයින් මෙන්ම පළාත් සභා මන්ත්‍රී චන්දන ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහත්වරුන්ද දෙදෙනා දෙපසට කිරීමට මහත් වෙහෙසක් ගත්හ.
විනාඩි 45 ක් පමණ මේ ගාලගෝට්ටිය පැවති අතර ඒ වනවිට ශාලාවේ සිටි වැඩි දෙනා පිටව ගොස් තිබූ අතර සැලසුම් අධ්‍යක්ෂිකා ආශා සිරිවර්ධන මහත්මිය රැස්වීමේ කටයුතු අවසන් බවට නිවේදනය කළාය.
ශාලාවේ පිරිස් කලබලයෙන් පිටව යද්දී පුටු රැසක් පෙරලී තිඛෙනු දැකිය හැකිවිය. පසුව දෙපැත්තේ ආධාරකරුවෝ හා පොලිසිය මන්ත්‍රීවරයා හා නියෝජ්‍ය ඇමතිවරයා රැස්වීම් ශාලාවෙන් ඉවතට කැඳවාගෙන ගියහ.

2025 ඔක්තෝබර් මස 08
1638
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රංජන් - ඉන්දික උණුසුම් වචන හුවමාරුවක