සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් එක්සත් සේනාරත්න ඇතුළු පිරිස පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින බව කියන දැරියගේ භාරකාරත්වය පරිවාසයකට යටත් කරන්නැයි පැමිණිල්ලේ නීතිඥවරු අද (20) කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ඉල්ලීමක් කළහ.
නමුත් එයට රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ පාර්ශවයේ නීතිඥයින් විරුද්ධවූ අතර මහසේත්‍රාත්වරයා සියලු දෙනාගෙන් සවිස්තරාත්මක තොරතුරු ලබාගෙන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පරිවාස දෙපාර්තමේන්තුවට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උමයාගේ අම්ම ඉන්නවද? (ම)
මේවාට යහපනාලන ආණ්ඩුව ඉක්මණට විසඳුම් දුන්නොත් හොඳයි. (ම)
ඊළඟ පාර්ලිමේන්තුවේත් මේ වගේ කට්ටිය දකින්ට ලැබෙයි 20 වැනි සංශෝධනය නොකෙරුනොත්. (බ)
උමාය , චන්දන ඔයාලගේ නංගි කෙනක් හරි දුවෙක් ව හරි කවුරු හරි මෙහම තියාගෙන හිටියොත් මොකද කරන්නේ ? ඔන්න ඔහේ ඔයාලම තියා ගන්න කියල ඇස් , කට වහගන ඉන්නවද ? යහපලානේ කන්නාඩි දෙක ගලවල බලන්න. (අ)
මේක නම් අදහ ගන්නත් අමාරු දුක්කිත තත්වයක්. ළමයි වැරදි කල පමනින් ඒවා විවිධ වාසි තකා යොදා ගැනීම පහත් වැඩක්. කිසි තැනක සදහනක් නැහැ නේ මේ ළමය බලෙන් පැහැරගෙන ගියා කියලා. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඒ දරුව පවුල් ජීවිතයක් ගත කිරීමට සුදුසු වයසක පසු වෙනවා කියල. නමුත් වීයරුවෙන් වගේ හැසිරෙමින් තමුන්ගෙම දරුවගේ අනාගතය. මානසික මට්ටම තව තවත් පහලට දාල අවමානයක් වෙන විදියට පරිවාස ගත කරන්න ඉල්ලන දෙමව් පියන් ඇත්තටම මේක කරන්නෙ දරුවට තියන ආදරයකට නෙමයි කියලයි මට හිතෙන්නෙ. (ර)
මේක මේ ළමයාගේ දෙමාපියන්ගේ ජන මාධ්‍ය සංදර්ශනයක් මොකද මෙයාලගේ පලවෙනියෙන් මාධ්‍යයට කියන්න ආරාධනා කරලා තියෙන්නේ ජාතික නිදහස් පෙරමුණෙන් එකෙන්ම තේරෙනවා නේද මේ දෙමාපියන් ලමයව විකුණන් කනවා (බ)
මට හිතෙන විදියට උමායා කසාද බැදලා නැතිව ඇති.නැත්තං තාම දුවක් නැතිව ඇති. (බ)
ඔබලාට මේක යහපාලන ගැටලුවක් වගේ පෙනුනට මට මේක පෙනෙන්නෙ ගැහැනු දරුවකුගේ ආත්ම අභිමානය පිළිබඳ ගැටලුවක් විදිහට. රට කොපමන දියුනු උනත් අපේ රටේ පැනල ගිය ගැහැනු දරුවෙක් දිහා බහුතරයක් දෙනා බලන්නෙ වපර ඇසකින්. මම කියන්නෙ මේ කාරනය මාද්‍ය ඉදිරියට ගිහින් මගේ දුව පැනල ගිහින් කියල අඩබෙර ගැසීම ගැන තියන ගැටලුවක්. අනික මොන ආංඩු කාලයකදි උනත් අපේ රටේ පරිවාස තුලම දැරියන්ට සිදුවූ අවාසනාවන්ත ඉරනම ගැන වාර්තා උවමනාවටත් වැඩියෙන්. ඒ එක්කම මම මතක් කරන්නට කැමතියි තමා සතුටින් කැමැත්තෙන් එහි සිටින බව ඇය කියන බව. ගැටලුව වන්නේ තමුන්ගෙ දරුවා තමාට ඉල්ලීම නොවේ. ඇය පරිවාස බාරයට පත්කීරීමට ඉල්ලීමයි (නදී)
චන්දන, එහෙනම් ඔබ කියන්නේ යහපාලන සන්දානයේ කට්ටියට මේකට පලමුවෙන්ම ආරාධනා කරන්න කියලද. මේක දුවෙක්ගේ අහිමි වීමක් ගැන අම්මට සහ තාත්තට තියෙන ප්‍රශ්නයක්. චුදිතයෝ නිවැරදි නම් තාමත් දරුවාව අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැත්තේ මොකද ? සිරිපාලගේ පුතා මේ වගේ වැඩක් කලානම් පොලිසිය ක්‍රියාත්මක වන විදිය අපි දන්නවා. ඒ නිතිය රාජිතගේ පුතාට නැත්තේ ඇයි ? (ස)
උමායලා චන්දනලා වගේ මිනිස්සු තමයි යහපාලනේ ගැන කථා කරන්නේ. පනින රිළවුන්ට ඉනිමං තියන අරුම පුදුම මිනිස්සු තමයි රට හදන්න යන්නේ අනේ අපොයි රටට යන කල (බ)
අඩු වයස් දරුවෙක් එහෙම තියාගන්න බැහැනේ රටේ නීතියට අනුව ගත්තත්. කතාවේ ඇත්ත නැත්ත මොක උනත් නීතියෙන් පිහිටක් නැති උනත් අම්ම කෙනෙකුට දෙන ගින්දරනම් විඳවන්න වෙනවා. (ර)