(විනීතා එම් ගමගේ)
රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති තැනැත්තා පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේය.
අල්ලස් සිද්ධියක් මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා එම තනතුරේ සිටින බව තමන් දන්නේ ඔහු අත් අඩංගුවට පත්වීමෙන් පසුව යැයි ද හෙතෙම සඳහන් කළේය.
තමන් ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මහානාම මහතා කටයුතු කළ බව ද හෙතෙම කියා සිටියේය.
එවකට මුල්ලේරියාවේ රෝහලට යාබද ව තිබු ඉඩමක් චොක්ලට් සමාගමකට දී තිබු සිද්ධියක් සිහිපත් කළ අමාත්‍යවරයා එහි ගිවිසුම අවසන්ව තිබියදීත් එය යළි පවරාගන්නට ගිය අවස්ථාවේ ලේකම්වරයා සමාගම වෙනුවෙන් පෙනී සිටියේ යැයි ද සිහිපත් කළේය.
ඔහු සමාගම් හා සමීපව කටයුතු කළ බව එවක පටන්ම තමන් වටහා ගෙන සිටියේ යැයි ද ඔහු තවදුරටත් පැවැසුවේය.
අල්ලස් සිද්ධිය මත ඔහු සමඟ අත්අඩංගුවට පත් දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා තමන්ට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරියට ගිය පුද්ගලයා යැයි ද හෙතෙම කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (8) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කියන්නා කොහොම කිවත් අසන්නා සිහිබුධියෙන් ඇසිය යුතුවේ" කියලත් කීවලු.
ඔය ඔක්කොම එකම මල්ලේ. ඕවා දිහා බලන් ඉන්න, කියන දේවල් අහන අපිට තමයි මඩු වලිගෙන් තලන්න ඕන.
අසුනොවී වැඩේ දෙනහැටි කියලා දෙන්න වෙන්න ඇති. නැතිනම් මොන බම්බුවකටද තමන්ට අදාළ නැති අමාත්‍ය අංශයක නිලදාරියෙක් හම්බුවෙන්නේ. රජයේ අවශ්‍යතා වෙනුවෙන් නොව සමාගම් වෙනුවෙන් නිලදාරියෙක් පෙනී සිටිනවානම් ඒ ඇයි කියා තේරුම් ගන්න බැරිද මෙයාට. ඕවා අර 62 ට කියන්න.
ඔය වෙඩේට ඕනේ වනාන්තරයේ ගස් කොළ අඳුනන සතා සිඋපාවාට කරුණාව දක්වන මිනිහෙක් හෝ ගැහෙනියක්. ඒක තමිය් නියම සහතිකය. ඔබතුමා ඉස්පිරිතාල ටික බෙහෙත් ටික හරියට කොරන්නකෝ
මේ කථා කරන්නේ ඉතාමත් පාරිශුද්ධ චරිතයක් නිසා අපිව ගොඩාක් සංවෙිදී වුණා.
ජනතාව හොරුන්ට මිනීමරුවන්ට කුඩු මුදලාලිලාට සහතික දීලා පාර්ලිමේන්තු යවනවා. ඒ ගොල්ල අල්ලස් දූෂණවලින් කප් ගහපු උන්ට සහතික දීලා උසස් තනතුරු වලට පත් කර ගන්නව.
මෙයාට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කළා කියන්නේ වහ කෑව වගේ වැඩක්. බළලා මල්ලෙන් පැනල.
මේ කතා ඔක්කොම කියන්නේ ඉතාමත් අවංක, ඉතා පාරිශුද්ධ කෙනෙක්. මේ ජෝක් අහලා, දැකලම අපිට තෝන්තු වගේ. මේ අය ඔක්කොම මාධ්‍ය ඉදිරියේ බයිලා කෙලින්නේ.