(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයන් සඳහා තවත් ආයුර්වේද ප්‍රතිකාර ඒකකයක් රාජගිරිය ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ දී අද (26) විවෘත කළ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
මෙහි කොවිඩ් රෝගීන් 100 දෙනකුට පමණ නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ පහසුකම් ඇති අතර කොවිඩ් ප්‍රතිකාර සේවා සඳහා විශේෂ පුහුණුවක් ලද උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය කාසල්වීදිය කාන්තා රෝහලේ වෛද්‍ය අධීක්‍ෂණය ද ඇතිව ඒකාබද්ධව මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට රටපුරා ආයුර්වේද රෝහල් 14ක කොවිඩ් ප්‍රතිකාර ඒකක පිහිටුවා ඇති අතර තවත් ඒකක හතරක් කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි සිසිර ජයකොඩි මහතා කීවේය.
මේ වන විට එම ප්‍රතිකාර ඒකකවලින් රෝගීන් 5,300ක් සුවය ලබා පිටවගොස් ඇති බවත්, ඔවුන්ට කිසිඳු සංකූලතා තත්වයක් මතු නොවූ බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විටත් ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානවල කොවිඩ් ආසාදිත 9,000ක් පමණ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්, හැබැයි මේකට බටහිර කිසිම බෙහෙතක් සම්බන්ද කර ගන්න එපා.
ලෝකේ තියෙන ඔක්කොම වැක්සින් ගෙනෙල්ලා ඉවරල වෙලා ජනතාව ගොනාට අන්දන්න දේශීය වැඩපිළිවෙලක් නැති කම දුකයි.
ඔව් ඉතින් සන්කුලතා එනකොට මාරු කරලා යවනවානෙ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැදැරීම හරිහැටි සිදුකළ වෛද්‍ය උපාධිධාරීන් රටපුරා විශිෂ්ඨ සේවාවක් කරනවා. ඒ ගැන කුමක් හෝ හේතුවක් නිසා රටේ නිසි ඇගැයීමකට ලක් වෙන්නේ නැහැ. මා මිත්‍රයෙකුගේ බිරිඳ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරී වෛද්‍යවරියක්. ඇය අද මා සමග පැවසුවේ කඹුරුපිටිය රෝහලේ ආයුර්වේද ප්‍රතිකාර ගත් කිසිම කොවීඩ් ලෙඩෙකු මිය නොගිය බවයි. නිසි සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් ඇගයීම වෙනුවට සමහර දෙනා සිදුකළේ කෙනෙකුගේ පැණියක් ගැන අන්ධයන් සේ කටයුතු කිරීම යි.
ඔය කෙනත් අර පැණි බීපු අයගෙන් කෙනෙක් නේද.?
ආයුර්වේදය බැහැර කිරීම සිදු නොකළ යුතුයි. ආයුර්වේද ප්‍රතිකාර ගැන වර්තමානයේ පිළිගන්න සංඛ්‍යා විද්‍යාත්මක පර්යේෂණ සිදු කොට තහවුරු කිරීම ඉතා වැදගත්. අනෙකුත් විද්‍යාත්මක සොයා ගැනීම් බටහිර වෛද්‍ය විද්‍යාවේ රෝග නිර්ණය කිරීම් සහ ප්‍රතිකාර වලට ආකලනය වී ඉදිරියට ගොස් ඇත. නමුත්, අතීතයේදී උන රෝග ලක්ෂණය මතුවූ විට කැඳ කොත්තමල්ලි වැනි දෑ පානය කරමින් විවේක ගැන්වීම සිරිතකි. අද බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලදීද වෛරස් කියා දෙන ප්‍රතිකාරත් ඕකමයි. අවශ්‍යවන්නේ එවැනි රෝග නිසියාකාරව හඳුනාගෙන බරපතලකමට අනුව කටයුතු කිරීමයි. අනික ආයුර්වේද බෙහෙත් ප්‍රමිතියට සකස් කිරීමද අවශ්‍යවේ. එයට නිවාස මට්ටමින් කශාය වගේ දේ සකස් වෙන්නේ නැහැ . අවශ්‍ය ඖෂධ සොයාගන්නත් නැහැ. මෙවැනි හේතු නිසා ඉතා වැදගත් වුවත් ආයුර්වේදය යටපත් වෙනවා. නාඩි ඇල්ලීමෙන් පමණක් ලෙඩ ගැන කීමට දක්ෂ වෛද්‍ය වරු හිටියා. අද රෝග නිර්ණය ට අදාළ පරීක්ෂණ වලට කොතරම් වියදම් කරනවද? සද්භාවයෙන් කටයුතු කරන දක්ෂයින් තෝරා ඔවුන්ගේ උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වී ආයුර්වේදය දියුණු ත්රිම ඉතා වැදගත්.
පසුගිය දිනක ටී එන් එල් රූපවාහිණියේ වැඩසටහනකදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මැතිතුමා පෙන්වා දුන්නා එක් වෙදමහතෙක් සකස්කල ඔසුවකින් දින තුනකින් නිට්වටාටම කොරෝනා සුව වෙනවා කියල.ඒ සමගම ප්‍රකාශවුනා එම ඔසුව ලියාපදිංචියට ඉදිරිපත් කලාම කවුරුහෝ ලිපිගොනුව අසථාන ගතකල බවකුත් මේ අතර රාවණා වැඩ සටහනේදී තිලක් කන්දේගම සූරීන් ප්‍රකාශකලා මෙවැනි බෙහෙත් සකසන හතර පස් දෙනෙකුම ඉන්නවා කියලත්.හැබැයි ඔවුන් උපාධිධාරීන් නොව පාරම්පාරික දේශීය වෙදමහතුන් බව. ඇත්තටම එවැනි වටිනාදේ සොයා මෙම රෝගය තුරන්කිරීමට සුළු හෝ උත්සාහයක් ගත නොහැකිද
ඉතුරු වෙලා තිබෙන දම්මික පැනියත් ඔලුව උඩ තියාගෙන මේ රෝහලට රැගෙන යන්න .
කරුණාකර හදිසි විශ්වාසනීය විගණනයක් සිදු කරන්න, නිවැරදි නම් රජයේ රෝහල් මෙම ඖෂධ භාවිතා කළ යුතුය