උතුරුමැද පළාත් සභා ඡන්දයේදී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ සොහොයුරු එස්.එම්. රංජිත් වෙනුවෙන් වැඩකළැයි සංධානයේම ප‍්‍රබලයකුගේ මැර පිරිසකගේ ප‍්‍රහාරයට ලක්ව අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රාජාංගනයේ නවසිරිගම එස්. අනුර (46) නම් තුන්දරු පියා අනුරාධපුර රෝහලේදී මරුමුවට පත්විය.