භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍රයේ සංශෝධන කොළඹ රාජකීය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ සිසුනට නොදුන්නැයි එහි සම්බන්ධීකරණ නිලධාරියා රාජකාරිවලින් ඉවත් කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පවසයි. ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් කියනුයේ විභාග සම්බන්ධීකරණ නිලධාරියාගේ රාජකාරී තහනම් කළද සිසුන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පැහැදිලි කළ යුතු බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකායේ අධ්‍යාපනය අවුල් නිසා ලන්ඩන් ඒ ලෙවල් වලට යයිද දන්නෙ නැහැ සේරමලා. (නි)
ෆාරු, බොරු කියන්නේ ඔයාද? මමද? අඩුමතරමේ මෙයා ඉස්කෝලේ හිටපු කෙනෙක්ද? දන්නේ නැත්නම් හොයල බලලවත් ප්‍රතිචාර දානවා. (නි)
මේවට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම කිය්නනේ. (නි)
නිලධාරියා විභාග රාජකාරිවලින් ඉවත් කළා කියලා සියලු වස් දොස් නිවාරණය වෙනවද කොමසාරිස්තුමනි.....? මෙයා යන්නෙත් කලින් එක්කෙනා ගිය පාරෙම වගේ. අනේ අපොයි ආසියාවේ ආශ්චර්ය !! (නු)
රාජකාරිවලින් ඉවත්කරලා මිස ගෙදර යවලා නෙමෙයි නේද?(නු)
මොකද මේ ඉගෙන ගන්න ළමයින්ට අසාධාරණකම් කරන්නේ? (නි)
අයියෝ සල්ලි
අනේ අප්පේ, පවු නැද්ද? (නි)
ලංකාවේ අධ්‍යාපනය එන්න එන්නම අවුලෙන් අවුලට පත්වෙනවා. විශ්ව විද්‍යාල අවුල, ඉසෙඩ් ඉස්කොර් අවුල, පුද්ගලික විශ්ව විද්‍යාල අවුල, ප්‍රශ්න පත්තර අවුල ආදී හැම දෙයකින්ම අපිට පෙනෙන්නේ අපි රටක් වශයෙන් කොහෙද යමින් ඉන්නේ කියල. පුදුමේ කියන්නේ මේ දේවල් වලට වග කිවයුතු අයට කිසිම අවුලක් නැහැ. අවුලක් පෙනෙන්නෙත් නැහැ.(නු)
'ප්‍රශ්න පත්තරයක්වත් හරියට හදා ගන්න බැරිද' කියලා අහන ඔය කට්ටියට ප්‍රශ්න පත්‍රයක් හරියට කියවගන්න පුලුවන්ද කියන එකත් සැකයි. අහන්නේ නම් හරියට සුපිරි වීරයෝ වගේ. (නි)
රාජකීයන්ට විතරක් නෙමෙයි. අපේ රටේ සියලුම දරුවන්ට අසාධාරණය එකසේ බලපානවා. (නි)
අයියෝ සල්ලි
ඒ වුණාට වැරදි ගොඩක් කරපු අපේ සමහර ඇමතිතුමන්ලා තවමත් රාජකාරියේ ඉන්නවනේ. (නි)
එතකොට ළමයින්ට වෙන්නේ මොකක්ද? (නි)
"ආශ්චර්යමත් දේශයක් " (ත)
මේ මේ ජනිත්, නිකන් බොරු කියන්න එපා. (නි)
දැනුම තිබුණට පමණක් මදි. සාමාන්‍ය දැනීමත් තියෙන්න ඕනෑ. (නි)
මේක නම් කුහකකමට කරපු වැඩක්ද කොහෙද? (නි)
ළමයින්ගේ අනාගතයම ඉවරයි. (නි)
මීට කලින් විභාග කොමසාරිස් ගෙදර යවන්න ඕන ප්‍රශ්න පත්තර බෙදාහරින්න කලින් නැවත පරීක්ෂා නොකරට. කොහොමත් පහත් තැනින් යය ගලා ජලේ. (ස)
මා ඉගෙනුම ලැබු කොළඹ රාජකිය විද්‍යාලයට වැරදි වැඩ කරලා, නැති ප්‍රශ්න,අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකලහොත් ගෝරි ගොඩයි, ඒ බව නොදන්න කවුරැ කවුරැත් හොදින් හිතේ මතක තබා ගන්න. කාට කාටත් තේරැණාද?.අවශ්‍යම නම් රාජකීය විද්‍යාලයේ අපේ භෞතික විද්‍යා ගුරැතුමා වන ආකිමීඩිස් නොහොත් ගෙන්ම දැන ගන්න හොඳේ. (ත)
හරියට ප්‍රශ්න පත්‍රයක්වත් හදා ගන්න බැරිද ? මේකද ආසියාවේ ආශ්චර්යය? (ත)
ප්‍රශ්න පත්‍රයත් ප්‍රශ්නයක්. (නි)
අයියෝ, මොකක්ද මේ? හරියට ප්‍රශ්න පත්‍රයක්වත් හදා ගන්න බැරිද (නි)
අපිට මොකද අනේ
මම උසස් පෙළ කළේ 2007 අවුරුද්දේ. රසායන විද්‍යා ප්‍රශ්න පත්තරය තිබුණු දවසේ ඔය ගුරු සංගමේ අය ලොකු උද්ඝෝෂණයක් කළා රාජකීය විද්‍යාලය ඉස්සරහ. මටත් විභාගය ලියපු අනික් ළමයින්ටත් ලොකු බාධාවක් වුණා ඒ වැඩේ. (නි)
මේ අධ්‍යාපන ගැටළු විසදන්න පුළුවන් ඉගෙනගත්තු කෙනෙක් මේ ලංකාවේ නැද්ද? (අ)
රාජකීය විද්‍යාලට මෙහෙම උනා නම් රටේ වෙනත් දුෂ්කර පළාත්වල තත්වය හිතාගන්න පුළුවන් නේ. අය්යෝ සල්ලි .... (ත)